ලෝක යුද්ධ ජයග‍්‍රහණ සැමරුමට උතුරු කොරියානු නායකත්වයත් එනවා – රුසියාව

ලෝක යුද්ධ ජයග‍්‍රහණ සැමරුමට උතුරු කොරියානු නායකත්වයත් එනවා – රුසියාව

මැයි මස 9වන දින මොස්කව් නගරයේදී පැවැත්වෙන දෙවන ලෝක යුද්ධ ජයග‍්‍රහණයේ සමරු උත්සවය සඳහා උතුරු කොරියානු නායකත්වයද සහභාගී වන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා ඇතැයි වාර්තා වේ.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මේ සඳහා සහභාගී වුවහොත් එය රාජ්‍ය නායකයා ලෙස ඔහුගේ පළමු විදෙස් සංචාරය වනු ඇත.

කෙසේවෙතත් රුසියාවේ ඇරයුම පිළිගනු ලැබුවේ කිම් ජොන් උන් විසින්මද යන්න විදේශ අමාත්‍යවරයා පැහැදිලි කර නොමැති අතර නායකයා ලෙස හඳුන්වන්නේ උතුරු කොරියාවේ නාමමාත‍්‍රික රාජ්‍ය නායක කිම් යොන් නාම් විය හැකි බව දකුණු කොරියානු ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසා තිබේ.

ඇරයුම් කළ ලෝක නායකයින් 68කින් 26 දෙනෙකු මේ වන විට සිය සහභාගීත්වය තහවුරු කර ඇති බව ලැව්රොව් සඳහන් කර ඇත.  යුනෙස්කෝ සහ යුරෝපා කවුන්සිලයේ ප‍්‍රධානීන්ද මොස්කව් වෙත පැමිණෙන බව පවසා ඇතැයි වාර්තා වේ.

චීන ජනාධිපති ෂි ජින්පින්, දකුණු අප‍්‍රිකාව, මොන්ගෝලියාව, වියට්නාමය, කියුබාව හා උතුරු කොරියාවේ රාජ්‍ය නායකයින් සහභාගී වනු ඇතැයි පවසන ලැව්රොව් සඳහන් කර ඇත්තේ යුරෝපා නායකයින් බොහෝ දෙනෙක් ඇමරිකානු හා යුරෝපා සංගම් ප‍්‍රවණතාවයන් තුළ සිරවී සිටින බවයි.

එවැනි තත්වයකදී ජර්මානු චාන්ස්ලර් ඇන්ජලා මර්කල් සිය පැමිණීම තහවුරු කර තිබීම සුවිශේෂී වන බව රුසියානු විදේශ ඇමතිවරයාගේ අදහසයි.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us