මම කුඩා කල සිටම පොත්වලට අඳින ලද පිට කවරවලට ඇලුම් කළෙමි. හැටේ දසකයේ බහුලව තිබූ පොත්කවර චිත්‍රවලට වඩා සැබෑ වෙනසක් මා දුටුවේ පාසල් පුස්තකාලයේ තිබි හමුවූ සමන් මුද්‍රණාලයෙන් හා ප්‍රදීප ප්‍රකාශයන් විසින් පළ කරන ලද නවකතා, කෙටිකතා හා පද්‍ය පොත් අතුරිනි. පරාජිතයෝ නොමල මල් , වජිර පබ්බත, අප්‍රසන්න කතාවක් මේ පොතේ සරසා තිබූ පොත් පිට කවර නොහොත් කම්බ චිත්‍ර කංචුක චිත්‍ර අතුරින් මගේ සිත වඩාත් ඇදී ගියේ කේ. ජයතිලක විසින් ලියන ලද මහරගම සමන් ප්‍රකාශකයන් නිකුත් කළ සුවඳින් ද විසිතුරු නිමාවෙන් යුතුව මුද්‍රණය කරන ලද “පරාජිතයෝ” නම් නවකතාවේ පිට වැස්මටය.
එය අඩ නිරුවත් ගැහැනියක් අඳුරු පසුබිමකින් මතු වන භාව චිත්‍රයකි. පොතේ පසු පිටේ පිට කවරය මහගම සේකර යැයි මුද්‍රණය කොට තිබුණි. ඉන්පසු මහගම සේකරගේ පොත් පිට කවර සහිත පොත් සොයා ගියෙමි.
එපමණක් නොව මහගම සේකර අනුකරණය කරමින් චිත්‍ර ඇන්දෙමි. මගේ වීරයා වූ “සේකර” කොයි වගේ කෙනෙක් දැයි නිතර උපකල්පනය කළෙමි. එවකට මා 13 හැවිරිදි වියේ පසුවීමි.1961 වසරේ සිංහල අවුරුදු නිවාඩුව මා ගත කරන්නේ ලොකු අම්මා පදිංචිව සිටි කොළොන්නාවේ මීතොටුමුල්‍ලේ නිවසක. මේ නිවසට යාබද නිවසේ පදිංචිව සිටියේ සංගීතඥ සෝමදාස ඇල්විටිගල මහතාය. මේ නිවසින් නිතර එස්රාජ්, සිතාර් හා තබ්ලා වාදන ඇසුණ නිසා මා ඒ සංගීත ඛණ්ඩ ආස්වාදනය කිරීමට පුරුදු වුණෙමි. ලොකු අම්මාගේ වැඩිමහල් සොහොයුරිය මොනිකා අක්කා වයලීන වාදනය ඉගෙන ගත්තේ ඇල්විටිගල මහතාගෙනි. දිනක් අක්කාට ඇල්විටිගල මහතාගෙන් ආරාධනයක් ලැබුණේ අලුතින්
නිෂ්පාදනය කරන වේදිකා නාට්‍යයක සමූහ ගායනයට එක්වන ලෙසය. නාට්‍යයේ නම “මූදු පුත්තු” ය. එදින අක්කා සමග සමූහ ගායනාවට එක්වූ පිරිස අතර නන්දා මාලනී සිටි බව පසුව දැන ගන්ට ලැබිණ. මේ නාට්‍යයේ ගීත රචනා කළේ මහගම සේකර නම් මහතෙකු බව අක්කා කියනු ඇසීමෙන් “මගේ වීරයා” පැමිණෙන්නේ කවදා දැයි කුතුහලයෙන් බලා සිටියෙමි.
සේකරයන් “මූදු පුත්තු” නාට්‍යයට රචනා කළ “මූදු පතුල යට ඉඳලා’ - “එපා පුතුනේ මූදු යන්නට”, “සතර මහා සාගරය” , “නැගෙනා බැස යන” ආදි සමූහ ගීත පුහුණු කරන එක්තරා දිනයක සේකරයන් ඇල්විටිගල මහතාගේ නිවසින් එළියට පැමිණ දුම්වැටියක් උරමින් එහා මෙහා යන විට “අර ඉන්නේ” මහගම සේකර මහත්තයා” යැයි පුංචි අක්කා මර්ලින් මට කීවාය. මම මගේ වීරයා දෙස බලා සිටියෙමි. මගේ මතකය නිවැරැදි නම් එදින මා දුටු මහගම සේකරයන් උත්තුංග දේහධාරි, බුෂ් ෂර්ට් එකකින් සැරසී සිටි අවුල් වූ කෙහෙරැළි සහිත එහෙත් සරල මිනිසෙකු බව මට අවබෝධ විය. මම මගේ වීරයා දෙස බලා සිනාසුණෙමි. ඔහු මා දැක සිනාසුණේය. මම වැට අයිනට ගියෙමි.
“මහත්තයා...මහත්තයා ඇඳපු පොත් කවර චිත්‍රවලට මම ආසයි. මම ඒවා බලාගෙන ඩේරා්වින් පොතේ අඳිනවා” මම කීවෙමි.
ඔහු කිසිවක් නොකියා සිනාසී අවසන් වූ තිබූ සිගරට් කොටස ඈතට වීසි කොට ගේ තුළට ගියේය.
“මූදු පුත්තු” නාට්‍යය ලුම්බිනි රඟහලේ වේදිකා ගත වූ දිනවල මම මොනිකා අක්කා (මොනිකා තලගල මනම්පේරි විදුහල්පතිනියක ලෙස සේවය කොට විශ්‍රාම ගොස් දැනට විදුර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවය කරයි) සමග ඇගේ තනියට ගිය හැම විටම සේකර මහතා දැක ගන්නට ලැබිණ.
1969 අග භාගයේ මා පූර්ණකාලීනව “සරසවිය” පුවත්පතට අනුයුක්තව සිටි අවධියේ මහගම සේකරයන් හමුවී සම්මුඛ සාකච්ඡාවක් පවත්වා විශේෂාංගයක් ලිවීමට ආසාවෙන් පසුවී, සේකරයන් තමාගේ නවකතාව ඇසුරෙන් “තුංමංහන්දිය” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන පුවත කන වැකුණු පසු මට ඔහු හමුවීමට ඇති ආසාව වැඩි විය. “සරසවිය” පුවත් පතේ නියෝජ්‍ය කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහ මහතාට මගේ අවශ්‍යතාව කීවෙමි.
“ලකී, සේකර” තුංමංහන්දිය ෆිල්ම් කරන්න යනවා. සත්‍යජිත් රේ වගේ සේකරත් හැම රූප රාමුවක්ම අඳිනවලු.
“ඉතින් ඒ චිත්‍රත් දාලා හොඳ ෆීචර් එකක් ලියන්නකෝ” ඔහු කීවේය.
මම සේකරව පුද්ගලිකව නොහඳුනමි. එවකට “සරසවිය” පුවත්පතට සාහිත්‍යය ගැන විශේෂාංග ලියමින් සිටියේ තරුණ උපාධිධාරියෙකි. අද මහනුවර ප්‍රකට නීතිඥයකු ලෙස කටයුතු කරන චන්ද්‍රසිරි සෙනෙවිරත්නට මේ ගැන මතක් කළ විට “ඕක මොකක්ද? උඹ වරෙන් ලබන සිකුරාදා ගම්පහ යන්න” යි කීවේය.
එදා සිකුරාදා සවස පිටකොටුවෙන් බසයක නැඟී අප දෙදෙනා ගම්පහෙන් බැස, ශ්‍රී බෝධි පාරේ සේකරයන්ගේ නිවසට යන විට මළ හිරු බැස පුරා හඳ මෝදු වෙමින් තිබුණි.
“සේකර මහත්තයා, තුංමං හන්දිය රූප ගත කරන කොට තිර නාටකයේම රූප රාමු ඇන්දා කියලා ජෝ අයියා (අබේවික්‍රම) කිව්වා. අපිට ඒ රූප රාමු ටිකක් දෙන්න පුළුවන්ද?”
“චිත්‍ර නේද? මගේ තිරනාටකයේ සමහර විට ඇති.” ඔහුගේ තුළට ගියේය.
ඉන්පසු තිර නාටකයෙන් පිටු දෙකක් ඉරා මා අතට දුන්නේය.
“අපරාදේ ඉරුවේ..”
“ඔයාගේ වැඩේ වැදගත්නේ. මම දැන් චිත්‍රපටය හදල ඉවරනේ.” ඔහු අහිංසක ලෙස සිනාසෙමින් කීවේය.
තුංමංහන්දිය ගැන මා ලියූ විශේෂාංගය “සරසවිය” පත්‍රයේ මැද පිටු දෙකේ වර්ණ සහිතව අර රූප රාමු පෙළ පළ විය. මුල් වරට සේකරගේ චිත්‍රපටය සඳහා අඳින ලද රූප රාමු පළ වූයේ ඒ ලිපියෙනි.
මහගම සේකර නම් චාම්, සරල, නිහතමානි මානව දයාවෙන් යුතු මිනිසා හඳුනාගත්තේ ඒ ආකාරයෙනි. මේ මහා කලාකරුවා ඇසුරු කිරීමට ලැබිමත් කෙතරම් භාග්‍යයක්ද?සේකරයන් හා මා අතර සමීප සම්බන්ධතාවකට මුල පිරුණේ ඉන් පසුවය. ඉන්පසු ඔහු ගැන විශේෂාංග රැසක් “සරසවිය” හා ‘නවයුගය” පුවපත්වලට ලිව්වෙමි. ඒ අතර සරසවිය පුවත්පතට 1975 අගෝස්තු 15 වෙනිදා ලියූ “කලා නිර්මාණය යනු කුමක්ද?” ලිපිය වැදගත් තැනක් ගනී.
සමාජයේ ජීවත් වන අපි සමාජයෙන් මෙන්ම අවට පරිසරයන්ද නානා විධ අත්දැකීම් නිතර ලබමු. මේ අත්දැකීම ප්‍රබල හෝ දුර්වල විය හැකිය. එහෙත් ඒ හැම අත්දැකීමකින්ම කිසියම් වින්දනයක්ද අපට ලැබේ. අපට විපතක් සිදු වූ විට අපේ සිතෙහි කනස්සල්ලක් හට ගනී. හිතවත් මිතුරෙකු බොහෝ කලකට පසු හමු වූ විට අපට සතුටක් ඇතිවේ. යමකු අකටයුත්තක් කරනු දකින විට අපේ සිතෙහි කෝපයක් උපදී. මෙසේම රෝගී දරුවකු දැකීමෙන් අපට ශෝකයක් උපදින්නට පුළුවන. රාත්‍රියෙහි තාරකාවලින් පිරී ගිය අහස් තලය දැකීමෙන් විස්මයක් ඇතිවිය හැකිය. ඉදී බිම වැටී ගිය කොළයක වර්ණ සෞන්දර්යයෙන් අපේ සිත පිනා යන්නට පුළුවන.”දිනක් නව රඟහලේ දී සේකරයන් මට මුණ ගැසුණේය. දයානන්ද ගුණවර්ධනගේ “ගජමන් පුවත” නාට්‍යයේ පුහුණුවීම් එදින පැවැත්වෙමින් තිබුණි.
“හම්බ වෙච්ච එක හොඳයි පොඩි බඩුවක් ලිව්වා. මේක කන්තෝරුවට ගිහින් කියවන්න.”
“මොකක්ද?” මම කුතුහලයෙන් ඇසුවෙමි.
“ඉස්ඉස්සෙල්ලාම ලියපු කෙටිකතාව”
“මරුනේ. අපි මේක නවයුගය පත්තරේ දමමු.”
“හොඳ නං විතරක්. රංජිත්ම චිත්‍රයක් ඇඳලා දාන්න.
මම කෙටිකතාව කියවා උද්දාමයට පත් වී එය ප්‍රධාන කර්තෘ විමලසිරි පෙරේරා මහතාට කීවෙමි.
“ෂඃ මරුනේ අපි මේක සිළුමිණේ එනවුන්ස්මන්ට් එකක් දාලම නවයුගයේ දාමු.” ඔහු සතුටින් කීවේය. සේකරයන් ලියූ “පීතර” නම් ඒ කෙටිකතාවේ මුල් කොටස 1975 අගෝස්තු 15 වෙනිදා පළ විය. එහි චිත්‍ර අඳින ලද්දේ මා බව පවසන්නේ ද සතුටිනි.
මහගමසේකරයන් සිය ජීවිතයේ අවසන් කාර්තුවේ සේවය කළේ රජයේ කලායතනයේ (අද සෞන්දර්ය විශ්ව විද්‍යාලය) විදුහල්පති ලෙසය. එහි රෙජිස්ට්‍රාර් වූයේ “රතු හැට්ටකාරි” නාට්‍යයේ නිෂ්පාදක හා “පර සතුරෝ” චිත්‍රපටයේ අධ්‍යක්ෂ එස්.ඒ. ප්‍රේමරත්න ය. කිසියම් වැඩකට යන ගමන් මාත්, කැමරා ශිල්පී බන්දු එස්. කොඩිකාරත් අහම්බෙන් මෙන් සේකරයන් හමුවීමට ගියෙමු. කතාකරමින් සිටින අතර ඔහු සිගරැට්ටුවක් දල්වාගෙන තිබූ දකුණු අතට බර දී වම් අතින් දකුණු අත අල්ලා ගත්තේය.
“බන්දු සේකර මහත්තයෝ පින්තූරයක් ගම්මු.”
බන්දුසේකරයන් සිටි අසුනට පිටු පසින් තිබූ ජනේලයෙන් එන ස්වභාවික ආලෝකය පිහිටට ගෙන අපූරු පින්තූරයක් ගත්තේය.
“නැගලා යනවා. මම චිත්‍රපට නළුවෙක් වගෙ හිටිවි.” සේකරයන් ලැජ්ජාවෙන් කීවේය.
මහගම සේකරයන් ගේ හොඳම පින්තූරය බන්දුගේ මේ පින්තූරය යැයි මම සිතමි. මේ පින්තූරය සමග විශේෂාංගයක් මම 1976 දී සරසවියට ලිව්වේ “ජෝතිපාලට, මිල්ටන් පෙරේරාට , මිල්ටන් මල්ලවආරච්චි ට ගීත ලියන්ට බලා සිටි සේකර” නමිනි.
අවාසනාවක මහත ඒ ඡායාරූපය පළ වී සතියකින් පසු සේකරයන් අප අතරින් වියෝ විය. එදා (1976) පිටපත් එක් ලක්ෂ විසි පන්දාහක් පමණ අලෙවි වූ සරසවිය පුවත්පතේ මුල පිටුව සැරසුවේ අර පින්තූරයමය. එදා බුද්ධිමත් රසිකයන් ලක්ෂ ගණනක් ඒ පින්තූරය කපා ළඟ තබා ගත්හ.
ඒ.ඩී. රංජිත් කුමාර
ලක්බිම

0 Comments