පැටළුණු අංශු පිළිබඳ තවත් බොහෝ දේ කීමට ඇතත් අපි එය පසුවට කල් දමමු. අද අපට ප්‍රධාන වශයෙන් ම අවශ්‍ය වන්නේ දෘශ්‍යමානය සත්‍ය ද අසත්‍ය ද යන්නත් අදෘශ්‍යමානය නිසැකයෙන් ම අසත්‍ය ද යන්නත් දැනගැනීම ය. සිරකරුවෝ ද මනුෂ්‍යයෝ වෙති යන බෞද්ධ නො වන සම්ප්‍රදායක ලියෑවුණු වාක්‍යයක් වැලිකඩ සිරගෙදර තාප්පවල ප්‍රදර්ශනය කෙරෙන අයුරු ඔබ ඇතැම් විට දැක ඇත. ඒ වැකිය බෞද්ධ සම්ප්‍රදායට අයත් නො වුණත්, අප තේරුම් ගත යුතු කරුණ නම් සිරකරුවන් ද මනුෂ්‍ය ප්‍රජාවට අයත් වන බව ය. මිනිස්‌සු ද සත්ත්ව ගණයකට අයත් වෙති. මිනිසුන් පමණක් නො ව තිරිසන් සත්තු ද සත්ත්ව ගණයට අයත් වෙති. මිනිසුන් හැරෙන්නට අනෙක් සත්ත්වයන් ගේ මනස පිළිබඳව බටහිර බොහෝ ජීව විද්‍යාඥයන්ට ප්‍රශ්න ඇත. ඔවුන් අති විශාල බහුතරයකට අනුව අනෙක් සතුන්ට මනස් නැත.
ඒ කෙසේ වෙතත් සිංහල බෞද්ධයන්ට අනුව අනෙක් සත්ත්වයන්ට ද මනස් ඇත. මේ පිළිබඳව මෙරට සිටින පුහු චණ්‌ඩි බටහිර විද්‍යාඥයන් කියන්නේ කුමක් දැයි අපි නො දනිමු. ඔවුන් නාථ දෙවියන් පිළිබඳව දරන ස්‌ථාවරය ද මෙතෙක් නිරවුල් ව කියා නොමැත. ඔවුන් නාථ දෙවියන් නැතැයි කියන්නේ ද? මතු බුදු වන නාථ දෙවි කෙනකු ගැන ඔවුහු විශ්වාස නො කරත් ද? ඔවුහු නාථ දෙවි කෙනකු සිටින බව විශ්වාස කරන නමුත් එතුමා නරයන් (නරයන් ගෙන් කිහිප දෙනකු) සමග ඇතැම් දෑ පිළිබඳව යම් සන්නිවේදනයක යෙදෙන බව විශ්වාස නො කරත් ද? නාථ දෙවියන් ඇතැම් දෑ ගැන එලෙස සන්නිවේදනයක යෙදුණත් රජරට වකුගඩු රෝගයට හේතු (ප්‍රධාන හේතුව වෙන ම සඳහන් කර) පිළිබඳව සන්නිවේදනයක නිරත වන බව ඔවුනට අවිශ්වාස ද? බටහිර විද්‍යාඥයන් හා බටහිර වෛද්‍යවරුන් ඉහත සඳහන් ප්‍රශ්න සම්බන්ධයෙන් ගත් කල කිනම් ස්‌ථාවරවල සිටින්නේ දැයි දැනගැනීමට අපි කැමැත්තෙමු. කෙසේ වෙතත් වරුණ ගුණතිලක දොස්‌තර මහතා ඇතුළු ඒ පිළිබඳව උනන්දුවක් දක්‌වන බටහිර විද්‍යාඥයන්ට හා බටහිර වෛද්‍යවරුන්ට අප කියා සිටින්නේ ආසනික් ප්‍රශ්නය පිළිබඳව දෙවියන් තවමත් ක්‍රියාකාරී වන බවත් ඔවුන් තව කලකට මිනිස් ලොව සැරිසරන බවත් ය.
බටහිර විද්‍යාඥයන් හා බටහිර වෛද්‍යවරුන් නො දැන සිටිය ද ප්‍රාණීන් ගේ ලෝකයකට හා අප්‍රාණ ජෛවීන් ගේ ලෝකයකට බටහිර විද්‍යාඥයන් විසින් ජෛවීන් ලෙස හැඳින්වෙන්නවුන් ගේ ලෝකය බෙදිය හැකි බව බෞද්ධයෝ දනිති. මේ ප්‍රාණීහු සසර සැරසරති. ඔවුන්ට මනස් වෙයි. මනස් තිබීමට මොළය හා කොඳු ඇට පේළිය වැනි අවයව තිබීම අනිවාර්ය නො වේ. පණුවන්ට ද මනස් ඇත. තිරිසන් සත්තු අපා දෙපා සිවුපා බහුපා ලෙස වර්ග කරනු ලැබෙති. බටහිර විද්‍යාඥයෝ ඒ සතුන්ට මනස් ඇති බව විශ්වාස නො කළ ද ඒ සතුන් ඇති බව විශ්වාස කරති. ඒ ඔවුන්ට මිනිසුන් මෙන් ම තිරිසන් සතුන් ද පෙනෙන බැවිනි. ඒ සත්ත්වයන් මිනිසුන් ගේ පංෙච්න්ද්‍රියන්ට ගෝචර වන බැවින් ඒ සතුන් ගේ පැවැත්ම බටහිර විද්‍යාඥයන්ට, පශු වෛද්‍යවරුන්ට හා වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක් නො වේ.
එහෙත් ප්‍රශ්නය වනුයේ දෙවිවරුන් වැනි නො පෙනෙන සත්ත්වයන් ගේ පැවැත්ම ය. බටහිර විද්‍යාඥයන් ගෙන් අති විශාල බහුතරය දෙවිවරුන් ගේ පැවැත්ම විශ්වාස නො කරන්නේ එවැනි සත්ත්වයන් නොමැති බව ඔවුන් ගේ ඊනියා පර්යේෂණවලින් ඔප්පු වී තිබෙන බැවින් ද? නැති දෙයක් නැති බව ඔප්පු කිරීමට පර්යේෂණ කිරීමට අවශ්‍ය ඇයි දැයි යමකු ප්‍රශ්න කරනු ඇත. කළ යුත්තේ ඇති බව ඔප්පු කිරීම නො වේ දැයි එවැන්නකු තවදුරටත් කියනු ඇත. මේ ප්‍රශ්නය දෙවියන් වහන්සේ ගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය සමඟ ද ගැටගැසෙයි. එහෙත් අද ඒ ගැන ශිෂ්ට යෑයි සම්මත සමාජයේ සාකච්ජා නො කෙරෙයි.
දෙවියන් වහන්සේ නමින් හැඳින්වෙන, ලෝකය නිර්මාණය කළා යෑයි කියන අයකු ඇත් ද නැත් ද යන වග අප දැනගන්නේ කෙසේ ද? මේ දෙවියන් වහන්සේ ගැන ආබ්‍රහමික ආගම් ලෙස හැඳින්වෙන යුදෙව්, කතෝලික, ක්‍රිස්‌තියානි හා ඉස්‌ලාම් යන ප්‍රධාන ආගම්වල විවිධ නම්වලින් සඳහන් වෙයි. එවැනි දෙවියන් වහන්සේ කෙනකු නැතැයි කීම යම් ආගමකට කරන අපහාසයක් යෑයි කියන්නෝ වෙති. ඒ අතර තවත් අයට අනුව එසේ පැවසීම අන්‍ය ආගම් ඉවසීමට එරෙහි ව යන්නකි. මේ අතර හින්දු භක්‌තිකයෝ ලෝකය නිර්මාණය කළ බ්‍රහ්මන් කෙනකු ගැන විශ්වාස කරති. බ්‍රහ්මන් නැතැයි කීම ද ආගමික සහජීවනයට එල්ල කරන පහරක් යෑයි කියන්නෝ ද වෙති.
එහෙත් සිංහල බෞද්ධයන් විශ්වාස කරන දෙවිවරුන් ගේ පැවැත්ම ගැන තම තමන්ට කැමැති දෙයක් කීමේ නිදහස මෙරට ඕනෑ ම අයකුට ඇත. ඒ දෙවිවරුන් නැතැයි කීමේ දී ආගමික සහජීවනයට, අන්‍ය ආගමික මත ඉවසීම ආදී සම්මතයන්ට කුමක් සිදු වන්නේ දැයි ප්‍රශ්න කරන කිසිවකු නැත. එහි දී ඊනියා යථාර්ථවාදී බෞද්ධයන් ගේ සහාය ඔවුන්ට ලැබෙයි. මේ යථාර්ථවාදී බෞද්ධයෝ බොහෝ විට බටහිර විද්‍යාව කටගා ගත්තෝ වෙති. මේ ඇතැමුන්ට අනුව බුදුන් වහන්සේ ලංකාවට වැඩම කර නැත. ඔවුන් එසේ කියන්නේ බුදුන් වහන්සේ ලංකාවට වැඩි බවට සාක්‍ෂි නැතැයි කියමිනි. මේ සාක්‍ෂි අන් කිසිවක් නො ව එකල, එනම් බුදුන් වහන්සේ වැඩි සමයෙහි ලිත සාක්‍ෂි ය. පසු කලෙක ලියූ ලේඛන ඔවුහු නො පිළිගනිති. තවත් සමහර යථාර්ථවාදී බෞද්ධයනට අනුව පුනරුත්පත්තියක් නැත. මාර්ටින් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් මේ ගණයට අයත් වෙති. ඒ පුනරුත්පත්තිය බටහිර විද්‍යාවට අනුව පෙන්විය නො හැකි නිසා ය. පුනරුත්පත්තිය නැත හොත් පුනබ්භවය ඉන්ද්‍රිය ගෝචර නො වේ ය යන්න එසේත් නැත්නම් ඒ සඳහා ආනුභවික පදනමක් නැත යන්න මේ යථාර්ථවාදී බෞද්ධයන් ගේ මතය වෙයි.
ඇතැම් යථාර්ථවාදී බෞද්ධයෝ (ඔවුන්ට බටහිර විද්‍යාත්මක බෞද්ධයන් යෑයි කීමේ ද වරදක් නැත) පුනබ්භවයක් නැත යන්න ද ඉක්‌මවා ගොස් බුදුන් වහන්සේ
රැවටිලිකරුවකු ලෙස පෙන්වීමට උත්සාහ දරති. කලක් පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු වූ ද දැනට ඔස්‌ටේ්‍රලියාවේ පදිංචිකරුවකු වූ ද වික්‌ටර් ගුණසේකර මහතා පවසන්නේ බුදුන් වහන්සේ ආචාර ධර්ම පද්ධතියක් දේශනා කළ බවත් එහෙත් මිනිසුන් එලෙස ආචාර ධර්ම පද්ධතියක් නිසගයෙන් ම නො පිළිගන්නා බැවින් ඔවුන් ඒ සඳහා යොමු කරවීමට එවකටත් දඹදිව විශ්වාසයක් ලෙස පැවැති පුනබ්භවයක් ගැන සඳහන් කළ බවත් ය. එයින් අදහස් කරන්නේ බුදුන් වහන්සේ මිනිසුන් ලවා තමන් වහන්සේගේ ආචාර ධර්ම පද්ධතිය අනුගමනය කරවීමට පමණක්, නැති පුනබ්භවයක් ගැන කතා කළ බව ය. බුදුන් වහන්සේට මෙතරම් නිග්‍රහයක් කළ හැකි බෞද්ධයන් මේ රටින් ම බිහි වීම බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදී අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් මිස අනෙකක් නො වේ.
අප ඉතිහාසය ගොඩනඟන්නේ, එනම් සංස්‌කරණය කරන්නේ වර්තමානයේ දී ය. සැම ඉතිහාසයක් ම එසේ ය. එමෙන් ම වර්තමානය හා අනාගතය ද ඉතිහාසය විසින් සකස් කරනු ලැබෙයි. මෙහි ඇත්තේ චක්‍රීය ස්‌වභාවයකි. අද වැනි කාලයක සිද්ධි පිළිබඳ වාර්තා එදිනෙදා ම ලියෑවෙන නමුත් අනාගතයේ දී ඒ ලියකියවිලි වුවත් කියෑවෙන්නේ එකල ඇති වන සමාජයට හෝ සමාජයේ විවිධ කොටස්‌වලට හෝ සාපේක්‍ෂව ය. අද පශ්චාත්නූතනවාදීන් මහත් උජාරුවෙන් අලුත් කියෑවීමක් ආදී වශයෙන් සඳහන් කරන්නේ නව සාපේක්‍ෂ අර්ථ විවරණයකට මිස අනෙකකට නො වේ. අද ලියෑවෙන ලිපි ලේඛන අනාගතයේ දී ඒ ඒ අයට (ඒ ඒ සමාජ කොටස්‌වලට) සාපේක්‍ෂව අර්ථ විවරණය කෙරෙන්නේ නම් ඉතිහාසය යනුවෙන් ඊනියා යථාර්ථයක් නොමැති බව එයින් පැහැදිලි වෙයි. අනාගතයට කල් නො දී වර්තමානයේ වුව ද සිද්ධීන් එකිනෙකා වාර්තා කරන්නේ ද තම තමන්ට සාපේක්‍ෂව බව අපට පෙනී යයි. එක ම පුවත්පත් කාර්යාලයෙන් නිකුත් කරන සිංහල හා ඉංගිරිසි පුවත්පත්වල එක සිද්ධියක් පිළිබඳව අර්ථකථන දෙකක් දෙනු ලැබීම සුලබ කරුණක් වෙයි.
එසේ නම් පඬියන් ලිත සාක්‍ෂි ඉල්ලීම එතරම් තේරුමක් ඇති දෙයක් නො වෙයි. ඇතැම් දේ ජනප්‍රවාදයෙහි අලිඛිත ව පරම්පරාවෙන් පරම්පරාවට සන්නිවේදනය වෙයි. එසේ සන්නිවේදනය වීමේ දී යම් යම් දේ එකතු වීම් අඩු වීම් සිදු වන බව පැහැදිලි ය. එහෙත් එසේ වන්නේ මුඛ පරම්පරාගත කරුණුවල දී පමණක් නො වේ. ලේඛන ද පරම්පරාවෙන් පරම්පරාවට පිටපත් කිරිමේ දී වෙනස් වෙයි. එසේ නො වුණ ද අර්ථකථන ලෙස ගත හොත් ඒ සියල්ල වෙනස් වෙයි. ඒ වෙනස සිදු වන්නේ ඒ ඒ සමාජයේ ජීවත් වන විවිධ සමාජ කොටස්‌වලට අවශ්‍ය පරිදි ය. අප අනාගතය සකස් කරගන්නේ අතීතය හා වර්තමානය අනුව බැවින් අනාගතය වර්තමානයේ දී අප අතීතය දකින ආකාරයෙන් සකස් කෙරෙයි. ඒ අර්ථයෙන් ගත හොත් අප අනාගතය සකස් කරගැනීම සඳහා ඉතිහාසය අර්ථකථනය කරන්නේ යෑයි කිසිවකුට කිව හැකි ය.
අපි ඉතිහාසය සකස් කර ගැනීමේ දී ලිඛිත සාක්‍ෂි මත ද ජනප්‍රවාද මත ද පදනම් වෙමු. ලිත සාක්‍ෂි, එනම් අදාළ යුගයේ ම ලියෑවුණු ලිඛිත සාක්‍ෂි නොමැති ව ඉතිහාසය හැදෑරිය නො හැකි නම් ප්‍රාග් ඉතිහාසයට කුමක් සිදු වේ ද? අද පුරාවිද්‍යාව නමින් හැදැරෙන ක්‍ෂෙත්‍රයෙහි ඒ ඒ යුගවල ලියෑවුණු ලිඛිත සාක්‍ෂි නොමැත. එහෙත් අපි ඒ සඳහා වෙනත් සාධක සාක්‍ෂි වශයෙන් ගනිමු. අපට අවශ්‍ය වන්නේ ජනප්‍රවාද, ලිපි ලේඛන (ශිලා ලේඛන ඇතුළත් ව) පුරාවිද්‍යාත්මක සාධක ආදිය උපයෝගී කරගනිමින් සංගත කතාවක් ගොඩනඟා ගැනීම ය. කුමන ඉතිහාස කතාවක් වුව ද අර්ථකථනයක් බව අමතක නො කළ යුතු ය. එය විවිධ කරුණුවලට සාපේක්‍ෂ වූවකි. ඉතිහාසය පමණක් නො ව බටහිර භෞතික විද්‍යාව ද සාපේක්‍ෂ වූ කතාන්දර රාශියක එකතුවක් පමණකි.
එහෙත් අද ඇතැමුන් එක් පැත්තකින් ඊනියා සාක්‍ෂි නොමැති ව ලෝකය මැවූ දෙවියන් වහන්සේ පිළිගන්නා අතර සාක්‍ෂි නොමැති යෑයි කියමින් දෙවිවරුන් ගේ පැවැත්ම නො පිළිගන්නේ බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයේ බලපෑම හේතු කොටගෙන ය. ඒ අතර අද සමහර ක්‍රිස්‌තියානි අන්තවාදීහු කිසි ම සාක්‍ෂියක් නොමැති ව කාශ්‍යප රජු ක්‍රිස්‌තු භක්‌තිකයකු යෑයි කීමට උත්සාහ ගනිති. ඇතැම් ප්‍රසිද්ධ දේවස්‌ථානවල ක්‍රිස්‌තියානි කාශ්‍යප රජකු ගේ පිළිම ඇඹිමකට උත්සාහ ගනු පෙනෙයි. අනුරාධපුරයේ හමු වී යෑයි කියන නෙස්‌ටෝරියන් කුරුසයක් මත පදනම් වී එකල මෙහි ක්‍රිස්‌තියානින් ජිවත් වී යෑයි කීමට හැකි නො වේ. පළමුවෙන් ම නෙස්‌ටෝරියන් කුරුසය හමු වීම පිළිබඳ සාම්‍ය සමාලෝචනයට බඳුන් වූ ඊනියා පර්යේෂණ පත්‍රිකාවක් තිබේ ද?
අප මේ ප්‍රශ්නය නඟන්නේ සාම්‍ය සමාලෝචන හා පර්යේෂණ පත්‍රිකා ගැන අප විශ්වාස කරන බැවින් නො ව එය ක්‍රිස්‌තියානි සම්ප්‍රදායට අයත් නිසා ය. නෙස්‌ටෝරියන් කුරුසයේ මතු වීම පිළිබඳ ව ක්‍රිස්‌තියානි සම්ප්‍රදාය අනුව පළ වී ඇති පත්‍රිකා ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමේ කිසිදු වරදක් නැත. එවැනි කුරුසයක් තිබිණි ද එයින් ක්‍රිස්‌තියානි ස්‌ථිර පදිංචිකරුවන් සිටි බවක් ඔප්පු කිරීමට අන්තවාදීන්ට නො හැකි ය. බටහිර ආසියාවෙන් පැමිණි ක්‍රිස්‌තියානි වෙළෙන්දන් එවැනි කුරුසයක් ගෙන ඒමට ඇති සම්භාවිතාව ඉතා අධික ය. අන්තවාදීන් නෙස්‌ටෝරියන් කුරුසය තිබූ පමණින් කාශ්‍යප රජු ක්‍රිස්‌තියානි යෑයි කියන්නේ කවර පදනමකින් ද? මේ නම් පැහැදිලිව ම ඉතිහාසය විකෘති කිරීමකි. ඉතිහාසය එලෙස විකෘති කරමින් ම බුදුන් වහන්සේ මෙරටට වැඩම කළ බවට සාක්‍ෂි නැතැයි කියන්නේ ජනප්‍රවාදය ඉවත ලමිනි.
මහාචාර්ය නලින් ද සිල්වා

විදුසර පුවත්පත
0 Comments