ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවගේ අවධානය දිනාගත් සුවිශේෂී තරගාවලියක් පසුගියදා අවසන් විය. ඒ ලෝක කුසලාන පාපන්දු තරගාවලියයි. විවිධ ජනමාධ්‍ය ඔස්‌සේ මෙම තරගාවලිය නැරඹූ බොහෝ දෙනාගේ අවධානය යොමු වූ කුතුහලය දනවන කරුණක් වූයේ ජය ලබන කණ්‌ඩායම කුමක්‌දැයි කල්තබා අනාවැකි පවසන බූවල්ලකු පිළිබඳ කතාවයි. බූවල්ලා යනු ජලයේ වසන සතකු යෑයි අසා ඇති නමුදු එවැනි සතෙකු අනාවැකි කීම සත්‍යයක් විය හැකිද? ටැංකියක සිටින බූවල්ලා අසල අදාළ තරග කණ්‌ඩායමට හිමි සංකේත සහිත ආහාර බඳුන් තැන්පත් කළ අතර පළමුවෙන්ම අනුභව කරන ආහාර තිබූ භාජනය හිමි රට ජය ලබන බවට අනාවැකි පළකර තිබිණි. විශ්මයජනක දෙයක් වූයේ සෑම විටම බූවල්ලාගේ අනාවැකිය සත්‍ය වීමයි. ඒ අනාවැකි 100% ක්‌ම සත්‍ය වූ බව ජනමාධ්‍ය ඔස්‌සේ දැනගතිමු. මේ ආකාරයටම ගිරවකු විසින්ද අනාවැකි පළකළද සමහර අවස්‌ථාවලදී ඒවා සත්‍ය වූයේ නැත.
තිරිසන් සතුන්ටත් අනාවැකි කිව හැකිද? මේ වූ කලී විමසා බැල්මට සුදුසු කාලීන මාතෘකාවකි. දෙවියන්, භූතයන් ආදී සත්වයන් ගේ උපකාරයෙන් අනාවැකි කීම ගැන බොහෝ විට අසන්නට ලැබේ. තිරිසන් සතුන්ටත් අනාවැකි පළකළ හැකිද? යන කරුණු විමසාබැලීම මේ ලිපියේ අරමුණයි. ජ්‍යෙdතිෂය පිළිබඳ පුරාණ ග්‍රන්ථ විමසා බලන විට තිරිසනුන්ගෙන් දැනගත හැකි කරුණු පිළිබඳ බොහෝ දේ අනාවරණය වන්නේය. ඉන් ස්‌වල්පයක් විමසා බලමු.
බල්ලන්ගේ උඩුබුරලීම, නරින්ගේ හූ කීම, බස්‌සන්ගේ හැඩීම ආදිය අශුභ පෙර නිමිත්තක් වශයෙන් නැතහොත් ළඟ ළඟම මරණයක් එන බවට සලකුණක් යෑයි ජන ඇදහිලි හා විශ්වාස පිළිබඳව සොයා බලන විට පෙනී යයි. හූනන්ගේ හැŽම, හා ඉහත කරුණු හුදෙක් මිථ්‍යා විශ්වාසද? එය එසේ නොවන බවත් තිරිසනුන්ට පමණක් ඉන්ද්‍රිය විෂය වූ අන්තර් දර්ශනයක් පවතින බවත් මේ සුවිශේෂී බලය (ESඡ) හෙවත් EඞඔRA SEභීධRශ ඡෑRCEඡඔෂධභ නමින් හඳුන්වන බවත් නවීන විද්‍යාඥයෝ හෙළි කරති. මුහුදු යාත්‍රාවේ යෙදෙන විට ගොඩබිම සොයාගැනීම සඳහා "දිසා කාකයන්" හෙවත් කපුටන් විශේෂයක් රැගෙන ගිය බව ජාතක කථාවල සඳහන් වෙයි. විශේෂ අන්තර් ඥනයක් තිරිසනුන්ට ඇති බව දැනගත් පැරැන්නෝ සතුන් ඔවුන්ගේ විවිධ වැඩවලට යොදා ගත්හ.
මේ පිළිබඳව හොඳම උදාහරණය වන්නේ පසුගිය සුනාමි ව්‍යසනයයි. එදින විශාල සංඛ්‍යාවක් මිනිසුන් විනාශ වී ගියද තිරිසන් සතුන් එය කල් ඇතිව දැන ගත්තාක් මෙන් මගහැර ගිය බව පෙනුණි. දිනපතාම මුහුදු වෙරළේ ගැවසුණු ගවයෙක් සුනාමි රළ ඒමට මොහොතකට පෙර ගාලු පාරට දිව ගිය බව පුවත්පත් වාර්තාවක සඳහන් වී තිබිණි.
පුරාණ රජවරුන්ට මෙකල ඇති යුද්ධ ටැංකි ආදී වාහන නොතිබුණත් ඇත්, අස්, රිය, පාබල යන චතුරංගනී සේනාව සිටියහ. එපමණක් නොව ගවයින්, බල්ලන්, එළුවන්, කුකුළන් ඉදිබුවන් මෙන්ම උකුසු, ගිරා, පරෙවි ගිජු ලිහිණි හා සැලලිහිණි ආදී සතුන්ද රාජ්‍ය සේවයේ යෙදී සිටියහ.
ඉහත සතුන්ගේ විවිධ ලක්‍ෂණ ශාරීරිකව විමසා බලා ඔවුන්ගේ ශුභා ශුභ සොයා ගනු ලබන ආකාරය "දෛවඥකාම ධෙනු" හා "වරාහ මිහිර" ආදී ග්‍රන්ථවල දැක්‌වේ. විවාහය හා කෘෂිකර්ම ආදී සියලු සුබ කටයුතුවලදී එහි අනාගත ප්‍රතිඵල දැන ගැනීම සඳහා කපුටන් යොදාගෙන කරන පර්යේෂණයක් ගැන "දෛවඥ කාමෙනු" ග්‍රන්ථයේ 517 - 518 පිටුවල සඳහන් වෙයි. එයට කාක පිණ්‌ඩ පරීක්‍ෂාව යෑයි කියනු ලැබේ. එමෙන්ම ගමනක් පිටත්වන විට සුදු ගොනා, රැහැන බඳින ලද ගවයා, හංසයා, මොනරා, මුගටියා හා එළුවන්ද ඇත් හා අස් රියද ඉදිරියට හමුවීම ඉතා ශුභ පල පෙන්වන බව යාත්‍රා ප්‍රකරනය නම් ග්‍රනAථයේ දැක්‌වේ.
කපුටන් හැඩීම පිළිබඳව දීර්ඝ විස්‌තර තිබේ. එමගින් විවිධ අනාවැකි පළකෙරෙන අතර එම ශබ්ද පිළිබඳව ප්‍රායෝගික හැදෑරීමෙකින් මිස ලිපියකින් අවබෝධ කළ හැකි නොවේ. එහෙත් පහත සඳහන් කවි දෙක කපුටු ශබ්දයෙන් දැනගත හැකිදේ පිළිබඳව හැඳින්වීමක් කරයි.
කා කා හඬ උදයෙහි සිට ඉදි රී
සෝකා මරණ ද දුක් රෝ අපි රී
ඒ කා ඉර මුදුනෙහිs හඬ පැතිරී
නේකා ලාබද සුබ වෙයි සපිරී
කල හොත් සවසට තද කළු කාකා
පැමිණෙත් තම නෑ මිතුරෝ නේ කා
ඇඬුවොත් ඉර දැක උදයෙහි ඒකා
සැලසෙත්මය බිය තද දුක් සෝකා
ඉහත දැක්‌වූයේ කපුටු ශබ්දයෙන් අනාවැකි කීම ගැන පුරාණ කවි දෙකකි. වසර සිය ගණනක් පැරණි පොත්වල දීර්ඝ ලෙස සඳහන් කරන විස්‌තර අනුව තිරිසනුන් සතුව ඇති මෙම ගුප්ත ශක්‌තිය (Seජරුඑ ඡදඇර) කුමක්‌දැයි පර්යේෂණයක යෙදීම කාලෝචිත නොවන්නේද?
සුනිල් කුමාර ගම්ලත්
දිවයින පුවත්පත