මිනිසුන් අතර ජීවත් වූ දෙවියෙක්‌

භගවාන් ශ්‍රී සත්‍ය සායිබාබා උපන්නේ 1926 නොවැම්බර් 23 වන දින ඉන්දියාවේ පුත්තපාර්ති ග්‍රාමයේය. අභාවප්‍රාප්ත වූයේ 2012 අප්‍රේaල් 24 වැනි දින දීය. කිසිවෙකුට සදාකාලිකව ජීවත් විය නොහැක. එසේ වුවද මිනිස්‌ වර්ගයා වෙනුවෙන් කරන සේවය මරණයෙන් පසුද සදාකාලිකව අමතක නොවේ. ජාතිය, ආගම හෝ සමාජ තත්ත්වය ගැන භේදයක්‌ නොමැතිව එතුමා මානව දයාවෙන් කරන ලද සේවය අසීමිතය. ලොව පුරා රටවල් 114 ක සත්‍ය සායිබාබා ආයතන 1500 කට වඩා ඇති බව වාර්තා වී තිබේ. මෙම ව්‍යාපෘතීන් දිළිඳු හා දුක්‌ විඳින ජනතාවට සේවය කිරීම සඳහා බැතිමතුන් විසින් පිහිටුවාගෙන ඇත. එතුමා පුත්තපාර්ති ග්‍රාමයේ සාදන ලද ශ්‍රී සායිබාබා සුපිරි රෝහල එතුමාගේ අදහසකි. එතුමා හොඳ නරක ගැන දේශනා කළා පමණක්‌ නොව විශ්වවිද්‍යාලයක්‌. ග්‍රහලෝකාගාරයක්‌, කෞතුකාගාරයයක්‌ හා ජල නල පද්ධතියක්‌ද සාදා දුන්නේය. ලංකාවේ පළමු සායි පාසල යාපනයේ පිහිටුවා ඇති අතර ලංකාවේ සත්‍යසායි සේවා සංවිධානය "සත්‍ය සායි සුව සේවා රෝහල" නමින් පිළිකා රෝහලක්‌ හංවැල්ලේ පිහිටුවා ඇත.

භගවත් ගීතයේ සඳහන් පරිදි දෙවියකු වන ක්‍රිෂ්ණා මෙසේ පවසා ඇත. "සංවර බව යටපත් වී කුහකත්වය රජවන කල මම ඉස්‌මතු වෙමි. සංවර බව පිහිටුවීමට, පාපය පිටුදැකීමට, ධර්මය ස්‌ථාපනය කිරීමට මම යුගයෙන් යුගයට එමි" හින්දු ආගමික පොත පත අනුව ක්‍රිෂ්ණා දෙවියන් තරම් ආශ්චර්යමත් දේ කිරීමට හැකි දෙවිවරු විරලය. ක්‍රිෂ්ණා දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ අවතාරයක්‌ ලෙස ස්‌වාමි ශ්‍රී සත්‍යසායි බාබාතුමා සැලකේ.

දෙවියකු ලෙස පෙනී නොසිට මිනිස්‌ වේෂයෙන් එතුමා පෙනී සිටින්නේ ඇයි ද යන්න අප තුළ මතුවන ප්‍රශ්නයකි. ඒ සම්බන්ධයෙන් එතුමා පවසන්නේ මෙවැන්නකි. "ජලයේ ගිලෙන්නකු බේරාගැනීමට නම් දෙවියන් මිනිසාට තේරුම් ගැනීමට හැකිවන පරිදි මිනිස්‌ බව ලබා මිනිස්‌ වේෂයෙන් පැමිණිය යුතුය." යන්නය.

"ශීර්දි සායි" යනු සායිබාබාතුමාගේ පෙර ආත්මයයි. එතුමා අවුරුදු 82 ක්‌ ජීවත්වී 1918 ඔක්‌තෝබබර් මස 15 වන දින ශරීරය අත්හැර විශ්ව ජීවය සමග එක්‌විය. අවුරුදු 8 කට පසු තමාගේ පුනරාවරණය සිදුවන බව පැවසූ 1926 නොවැම්බර් 23 වන දින "සත්‍ය සායිබාබා" ලෙස උපත ලබන බව පවසා තිබුණේය.

ලොව පුරා විසිරී සිටින එතුමාගේ බැතිතුමන් මේ අවස්‌ථාවේදී ප්‍රාර්ථනා කරන පරිදි සායිබාබාතුමා පවසා ඇති ආකාරය 2012 අප්‍රේල් 24 වන දින සිට අවුරුදු අටකට පසු "ප්‍රේම බාබා" නමින් මිනිස්‌ වෙසින් ඉපිද ලෝකයේ වෙසෙන ජනතාවට සුව සෙත සලසන්නට හැකිවේවායි පතමි.

ප්‍රාම් දෙල්දෙණිය

Post a Comment

0 Comments