ප්රශ්නය ( - ඇත්තටම ඒ ප්රභාකරන් ද මැරුණේ...? ඇතැම් අය විශ්වාස කරනවා. ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවට...
පිළිතුර ( - ප්රභාකරන් අත්අඩංගුවට පත් වුණා. මහින්ද රාජපක්ෂ ළඟට ගෙනාවා, වද දීලා මැරුවා කියලා. මේ මරණය හෑල්ලු කරන්න බොහෝ දෙනා කියනවා. මම කොටි සංවිධානෙට එක්වෙන කොට සයනයිඩ් කරල දුන්නේ ප්රභාකරන්, ජීවිත අවදානමක් ආවොත් ඒක කාල මැරෙන්න කිව්වා. එහෙව් කෙනෙක් හමුදාවට භාර වෙයි ද...? ප්රභාකරන්ගේ මිනිය හඳුනාගත්තේ මම, ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ප්රභාකරන් හා මා පමණක් දන්නා සලකුණක් තියෙනවා. අලුත් අවියක් ගෙනාවා, සෙල් සහ වෙඩි දෙක ම භාවිත කරන. එය භාවිතයේදී විවෘත කළ යුතු කොටසක් විවෘත නොකොට ප්රභාකරන් සෙල් ප්‍රහාරයක් එල්ල කළා. අපි වටේ බලා සිටියා. එය වැටුණේ අපි හිටපු තැනට බොහෝ ම ළඟින්. එම ප්‍රහාරය වැදුණේ, ප්රභාකරන්ගේ වම් කකුලට. ඔහු ඇදන් වැටුණා. එදා ඔහු ජීවිතය බේරාගත්තේ ආශ්චර්යයක් විදියට. ඒ ලකුණ, ඔහුගේ වම් පාදයේ තිබුණා. ඊට වඩා දේවල් පවා මම දන්නවා ඔහු ගැන. මම අවුරුදු තිහක් යුද්දෙත් එක්ක හිටපු කෙනෙක්. වෙඩි වදින විධිය ගැන මම දන්නවා. ඇත්තටම වුණේ මේකයි. රෑ 12 ට විතර හමුදාව ප්‍රහාරයක් එල්ල කළා. ඉන් පසු පාන්දර 4 ට පමණ එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළාම තමයි, ඔවුන් දැක්කේ ප්රභාකරන්ගේ මිනිය එතන තියෙනවා. හැබැයි මම ආයෙත් අවධාරණය කරනවා, එල්.ටී.ටී.ඊ. නායකයා අත්අඩංගුවට පත්වුණේ නැති බව. ප්රභාකරන් දකුණතට හුරු වූ අයෙක්, දකුණෙන් පිස්තෝලෙ ගන්නා කෙනෙක් වම් පැත්තෙ කෙළවරට වෙන්න වෙඩි තියා ගන්නේ නෑ. ඔහු දකුණට බරවයි වෙඩි තියාගෙන තියෙන්නේ. ඔබට අවශ්‍ය නම් ප්රභාකරන්ගේ මිණියේ වීඩියෝ දර්ශන බලන්න පුළුවන්.
- 2015 අගෝස්තු 29 දින දකුණු ඉන්දියාවේ පුදිය තලෙයිමුරෙයි රුපවාහිනිය ඔස්සේ විකාශය වූ අග්නි පරිට්චයි වැඩසටහනේදී ...
මිය ගියේ හමුදා ප්‍රහාරයකින්...
- හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
ප්රභාකරන්ගේ හිසට පිස්තෝලයකින් වෙඩි තබා ගත්තා නම් පුංචි තුවාලයක් පමණක් තිබිය යුතුයි. මෝටාර් හෝ කාලතුවක්කු ප්රහාරයක කැබැල්ලක් වැදී හිසට බරපතළ හානි සිදුවී ඇති බවට ප්රභාකරන්ගේ මළසිරුර දකිද්දී පෙනී යනවා. ප්රභාකරන් හිසට වෙඩිතබාගෙන මියගියේ යෑයි ප්‍රකාශ කරමින් එල්ටීටී සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායක කරුණා අම්මාන් දෙමළ ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට උත්සාහ කරමින් සිටින බව පෙනෙනවා.
යුද්ධය ජයග්‍රහණය කිරීමට කරුණා අම්මාගෙන් කිසිදු සහායක් ලැබුණේ නැහැ. දුරකතනයක්වත් ළඟ තබා ගැනීමට ඒ අයට අවස්ථාව දුන්නේ නැහැ. එහෙම තත්ත්වයක දී ප්රභාකරන්ගේ මරණය ගැන ඔහු නොදන්නා දෙයක් තමයි කියමින් සිටින්නේ.
යුද ජයග්රහණයෙන් පසුව ප්රභාකරන්ගේ මිනිය හඳුනා ගැනීමට කරුණා අම්මාන් එම ස්ථානයට ගියේ මගේ නියමයෙන්.
- හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
සන්ඩේ ඔබ්සවර් පුවත්පත සමග සාකච්ඡාවකදී...
අනුන්ගේ මරණ පිළිබඳව ජීවිත කාලය පුරාවට අනුමාන සකසමින් සිටි එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් තවත් අනුමානයක්, කරුණා අම්මාන් විසින් පසුගිය සතියේ සිදු කර තිබුණි. නන්දිකඩාල් කලපු තීරයේදී හමු වූ ත්‍රස්ත නායකයාගේ මළකුණ ගැන තවමත් කතා කරමින් සිටීම, ඔහුගේ පරාජයේ පරිමාව සේම ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයේ පරිමාව ද සංකේතවත් කරන බව පෙනේ. ඒ අතරම ප්රභාකරන්ගේ ආත්මයට පණ දී යළිත් සිය බෙදුම්වාදය, අළු ගසා නැගිටවන්නට වෙර දරනා බලවේග ද සිටිය හැකිය. තම නායකයා විස්මිත දේව නිර්මාණයක් හෝ ඔහු අසාමාන්‍ය ආකාරයේ නිර්මිතයක් ලෙස හඳුනාගන්නා පුද්ගල සමුහයකට ඔහුගේ මරණය දරා ගත නොහැකිය. මෙවැනි ඇදහිලි ජානගත වී ඇති දෙමළ සමාජයට සිය මහා වීරයාගේ හිස, සතුරු උණ්ඩයකින් පලා ගෙන යැම තවමත් විශ්වාස කර ගැනීමට නොහැකි වී තිබේ. යම් හෙයකින් ප්රභාකරන්ගේ මිනිය හමුනොවුණා නම් හෝ එය රහසිගත ලෙස අවසන් කටයුතු සඳහා යොමු කළේ නම් මිය ගිය ප්රභාකරන් තව පරම්පරා ගණනාවක් පුරා දෙමළ සමාජය තුළ ජීවත්වන්නට ඉඩ තිබුණි. ප්රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් කරුණා අම්මාන් විසින් සිදු කරන හෙළිදරව්ව තුළ, දෙමළ සමාජයේ මෙම ගුණය සේම ඔහු පත් වී තිබෙන අසරණභාවය ද මුර්තිමත් කරයි.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය වීමත් සමග කරුණා, කේ.පී. වැනි හිටපු එල්ටීටීඊ චරිත වික්ෂිප්තභාවයකට ලක්වන්නට ඇත. බලයට පැමිණි පිරිස මැතිවරණ වේදිකාවේ සඳහන් කරන ලද කාරණයක් වූයේ, කරුණා සහ කේ.පී. වැනි පුද්ගලයන් සඳහා දඬුවම් ලබාදෙන බවය. මෙම තත්ත්වය තුළ කරුණා අම්මාන් සියලු අතින් අසරණ විය. එක් අතකින් තමන් දරන ලද අමාත්‍ය ධුරය අහිමිවිමය. අනෙක් අතට රැකවරණය ගිලිහී යැමය. බෙදුම්වාදී මතධාරී දෙමළ සමාජය තුළ කරුණා අම්මාන් සලකන්නේ ෙද්‍රdaහියෙකු ලෙසය. ප්රභාකරන්ගේ මරණයට අදාළව ඔහු විසින් පුදිය තලෙයිමුරෙයි රුපවාහිනිය සමග පවත්වන සම්මුඛ සාකච්ඡාවේ, යු ටියුබ් විකාශය සඳහා ලැබී ඇති ප්‍රතිචාර අතරින් බහුතරයකගේ සඳහන වී ඇත්තේ කරුණා ෙද්‍රdaහියෙකු බවය. මධ්‍යස්ථ ප්‍රතිචාර කිහිපයක් එහි දක්නට ඇතත්, කරුණාට පක්ෂපාතී කිසිදු ප්‍රතිචාරයක් නොමැති වීමෙන් පෙනී යන්නේ දෙමළ සමාජය තුළ ඔහු අත්කරගෙන සිටින ස්ථානය ය. ඩග්ලස් දේවානන්දට මෙන් දේශපාලන කාඩර්වරුන් පිරිසක් ද කරුණාට නැත. ඩග්ලස්ට ගැළපෙන ආණ්ඩුව, මැතිවරණයෙන් මාරු වුවද මන්ත්‍රී තනතුර රැක ගැනීමට ඩග්ලස්ට හැකි විය. ඩග්ලස් කවදත් එල්ටීටීඊ විරෝධියෙකු වන නිසා ඔහු සම්බන්ධයෙන් අලුත් ප්‍රතිරෝධයක් හෝ ආණ්ඩු මාරුව නිසා ඔහු අමුතු අසරණභාවයකට ලක් කිරීමක් බෙදුම්වාදී දෙමළ සමාජය අපේක්ෂා නොකරනු ඇත. නමුත් කරුණා සහ කේ.පී. සම්බන්ධයෙන් බෙදුම්වාදයේ ප්‍රතිචාරය ඊට වෙනස් වනු ඇත. රාජපක්ෂ ආණ්ඩුව තිබුණා නම් මෙවැනි ප්‍රතිචාර හමුවේ ඔහුට සැලීමට හේතුවක් නොතිබිණි. මෙම අනාරක්ෂිත තත්ත්වයෙන් ගොඩ යැම සඳහා, ප්රභාකරන්ගේ මරණයට වීරත්වයක් එකතුකර තම උපාය මාර්ගය වෙනස් කර ගන්නට හිටපු ත්‍රස්ත ගරිල්ලා නායක කරුණා අම්මාන් විසින් අදාළ ප්‍රකාශය කරන ලද බව පෙනේ. ඒ හැර, ප්රභාකරන් මිය ගොස් වසර හයක් යනතුරු මෙවැනි ප්‍රකාශයක් සඳහා කල්මැරීමට වෙනත් හේතුවක් කරුණාට තිබුණේ යෑයි පෙනෙන්නට නැත.
කරුණාගේ නව උපකල්පනය අනුව ප්රභාකරන් මිය ගොස් ඇත්තේ, ඔහු විසින්ම හිසට වෙඩි තබා ගැනීමෙනි. මෙය කරුණා විසින් මෑතකදී ප්‍රකාශ කරන ලද්දක් වුවත්, ප්රභාකරන් මිය ගිය ආසන්න කාලයේ බොහෝ දෙනකුගේ උපකල්පනයක් විය. සිය කාඩර්වරුන් හට 'සයිනයිට් මරණය' පුරුදු පුහුණු කරන ලද ප්රභාකරන් හමුදාවට භාර නොවී, වෙඩි තබා ගත් බව කරුණාගේ මතය ය. ඔහු එහිදී සඳහන් කරන්නේ "මම කොටි සංවිධානෙට එක්වෙන කොට සයනයිඩ් කරල දුන්නේ ප්රභාකරන්, ජීවිත අවදානමක් ආවොත් ඒක කාල මැරෙන්න කිව්වා. එහෙව් කෙනෙක් හමුදාවට භාර වෙයි ද...?" යන වීරත්වයේ අගයක් ප්රභාකරන්ට එකතු කරමිනි. තම කාඩර්වරුන් සඳහා නිර්දේශ කරන ලද සයිනයිට් මරණයෙන් ප්රභාකරන් මිය ගියේ නම්. සංග්රාමයෙන් පරාජය වූවත් වීර මරණයක් කරා හිමිකම් පාන්නට ඔහුට හැකියාව තිබුණි. ප්රභාකරන් සිය මරණයෙන් අවමන් ලබන පළමු හේතුව වන්නේ ඔහු සිය කාඩර්වරුන් වෙත අනුදැන වදාළ වික්‍රමාන්විත අවසන් මොහොත සිය මරණයට අදාළ නොකර ගැනීමය. කරුණාගෙන් මෙහිදී ඇසිය යුතු ප්රශ්නය වන්නේ" ඔබ, කොටි සංවිධානයට එක්වන විට සයිනයිට් කරල දුන් ප්රභාකරන්, සිය ජීවිත අවදානම හමුවේ එම මැරෙන ක්‍රමය අනුගමනය නොකරන ලද්දේ ඇයි ...? යන්නය.
"ප්රභාකරන් දකුණතට හුරු වූ අයෙක්, දකුණෙන් පිස්තෝලේ ගන්නා කෙනෙක් වම් පැත්තෙ කෙළවරට වෙන්න වෙඩි තියා ගන්නේ නෑ. ඔහු දකුණට බරවයි වෙඩි තියාගෙන තියෙන්නේ." යනුවෙන් කරුණා අම්මාන් විසින් සිදු කරන උපකල්පනය පිළිබඳව සාකච්ඡාවේදී වැදගත් වන පළමු කරුණ නම්, ප්රභාකරන් පිස්තෝලයක් පළඳින්නේ ඇයි ද යන්නයි.
ප්රභාකරන් සිය සංවිධාන ගත වීමේ මුල් කාලයේ සිටම ත්‍රාසජනක ගොපලු හොලිවුඩ් චිත්‍රපට රසිකයකු විය. එල්. ටී. ටී. ඊ. ප්‍රධානීන්ට සම් වැස්මක් තුළ කව්බෝයිලා පළඳින සේ පිස්තෝලයක් පැළඳීමට නියම වන්නේ ප්රභාකරන් රසිකත්වය දැක්වූ බටහිර චිත්‍රපටවල ආභාසයෙන් බව, එම්. ආර්. නාරායන් ස්වාමි, සිය ප්රභාකරන් දුරවබෝධ මනසක ඇතුළාන්තය ග්රන්ථයේදී විස්තර කරයි. එය සතුරා ඉලක්ක ගත කර ගෙන පළඳින්නක් මිස ස්වයංඝාතක ක්‍රියාවලියකට උපයෝගී කර ගන්නක් නොවන බව පෙනී යයි. සයනයිට් කරලක් සුරයක් සේ එල්ලාගෙන සිටින විට, අවියකින් තමාගේ දිවි තොර කර ගන්නවාට වඩා සෑම අතින්ම පහසු මරණයක්, තමාටම කැඳවා ගත හැකිව තිබියදී ඒ සඳහා පිස්තෝලයක් අවශ්‍ය නොවීම මෙහි ප්‍රධාන කාරණය වේ.
ප්රභාකරන් විසින් තමා සතුව තිබූ පිස්තෝලය ගෙන, හිටිවනම පිටුපසට හැරී මවාගත් සතුරෙකුට වෙඩි තබන බව ඔහුගේ චර්යා ගැන ලියෑවුණු ග්‍රන්ථවල විස්තර වේ. එයින් පෙනීයන්නේ එය සතුරා නසනු පිණිස මිස තමාගේ දිවි තොර කර ගැනීම සඳහා යොදා නොගත්තක් වූ බවය. ප්රභාකරන් දකුණත හුරු අයකු වුවත් පිස්තෝලය පළඳින්නේ සිය ශරීරයේ වම් පැත්තට වන්නටය. එය තමාට පිස්තෝලය ගැනීම සඳහා තිබෙන පහසුම ක්‍රමය ලෙස ඔහු සැලකුවා විය හැකිය. ප්රභාකරන් තම ග්ලොක් පිස්තෝලයෙන් හිසට වෙඩි තබා ගත්තා නම් එය බොහෝ විට නිකටට පහළින් පිස්තෝලයේ කට තබා සිරස්ව හිසේ ඉහළට යන ලෙස හෝ හිසේ දකුණු පැත්තේ කනට ඉහළින් නළල ප්‍රදේශයේ කෙළවරින් තබා ගන්නවා ඇත. නමුත් ප්රභාකරන්ට මරණීය උණ්ඩය වැදී තිබුණේ නළලේ වම් පැත්තට වන්නටය.
ස්වයං ඝාතක ක්‍රියාවක් ලෙසින් තම පිස්තෝලයෙන් ප්රභාකරන් විසින්ම ඔහුගේ හිසට වෙඩි තබා ගත්තාය යන මතය, කරුණා අම්මාන්ට පෙර ඩී.බී.එස්.ජෙයරාඡ් විසින් සඳහන් කර තිබුණි. එයට එකඟ නොවෙමින් මහාචාර්ය මයිකල් රොබට්ස් විසින් පළ කරන ලද "වේලුපිල්ලේ පිරබාහරන් ( වීර මරණම්" යන රචනයේදී තම පිස්තෝලයෙන් ප්රභාකරන් විසින් වෙඩි තබාගෙන මිය ගිය බවට වන ප්‍රවාදය අසත්‍යකරණයට ලක් කිරීම සඳහා යොදා ගනු ලබන්නේ, ඩේවිඩ් බ්ලැකර් විසින් දක්වන නිරීක්ෂණයන්ය. එහි එන බ්ලැකර්ගේ සදහන මෙසේය.
"ඩී. බී. එස්වී ජෙයරාඡ් දැන් කාලයක් තිස්සේ මේ කතාව දිගින් දිගටම කියා සිටිනවා. නමුත් ප්රභාකරන්ගේ මරණය සිදුවූ අන්දම ගැන මා ඔහු සමග එකඟ වන්නේ නැහැ. ඒක නිසැකවම තමන් විසින් සිදු කර ගත් වෙඩි තබාගැනීමකදී සිදුවන අන්දමේ තුවාලයක්වී නෙමෙයි. තමන් විසින්ම සිදු කරගත් වෙඩි තැබීමකදී එය හිසට එල්ල කළ එකක් නම් වෙඩි උණ්ඩය නිකටට පහළින් එනම් කට හෝ නළල හරහා හිස් කබල තුළට ඇතුළු විය යුතුයි. යට ඇඳුමෙන් සිටින ප්රභාකරන්ගේ පින්තූරවල ඔහුගේ පපුවට වැදුණ වෙඩිල්ලක කිසිදු සලකුණක් නැහැ. තමන් විසින්ම තම සිරුරට එල්ල කොටගත් වෙඩි තැබීමකදී ඒ සඳහා වඩාත් ඉඩ ඇතැයි සිතිය හැකි ස්ථානය පපුවයි.
සමහරුන් තර්කයක් නගන්න පුළුවන් ප්රභාකරන්ගේ හිස් කබලෙහි දක්නට ඇති තුවාලය ඔහු විසින්ම සිදු කරගනු ලැබූ වෙඩි තැබීමක තුවාලය වසන්ව යන ලෙස ඔහු මිය ගිය පසුව සිදු කළ එකක්ය කියා. එහෙත් ප්රභාකරන් තමන්ගේ නිකටට යටින් හෝ කට හරහා හෝ වෙඩි තබාගත්තේ නම් ද්‍රවස්ථිති විද්‍යාව අනුව ඔහුගේ ඇස්වලට සිදුවන්නට තිබූ හානිය පෙනෙන්නට ඉඩ තිබිය හැකිය. එසේ නම් ඔහුගේ ඇස් ඒවායේ කුහරවලින් පිටට පුපුරා විසිරී යෑමට ඉඩ තිබුණා. එසේ නැත්නම් අවම වශයෙන් ඔහුගේ ඇස් රතුවී තිබිය යුතුයි. එවැනි සලකුණක් තිබුණේ නැහැ.
තවත් තර්කයක් වනුයේ තුවාලය, වෙඩි සුන්බුන් වැදී සිදුවන්නට හැකි බවයි. එහෙත් ඔහුගේ හිසට හෝ මුහුණට වෙඩි සුන්බුන් වැදුණ බවට සලකුණක් මෙහි නැහැ. මෙය සිදුවිය නොහැක්කක් නොවන නමුත් එවැන්නක් සිදුවීමට ඇති ඉඩකඩ අඩුයි. කොහොමටත් එය ඩී. බී. එස්. ජෙයරා-ගේ සිය දිවි හානි කර ගැනීමේ සිද්ධාන්තයට ගැළපෙන්නේ නැහැ.
ඊළඟට තවත් කතා අනුවාදයක් වනුයේ එය ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරියකු විසින් සිදු කරනු ලැබූ පොරෝ හෝ උදලු පහරකින් හෝ සිදුවූ තුවාලයක් බවයි. මෙය ද සිදුවීමට නොහැක්කක්. ඊට හේතුව තුවාලය අවට ප්‍රදේශයේ තැලුම් හෝ සීරීම් හෝ ලකුණු කිසිවක්වී නොතිබීමයි.
මා සමීප මානයේ සිදු කළ වෙඩි තුවාල රැසක් දැක තිබෙනවා. මා විශ්වාස කරන්නේ අධිවේගී උණ්වීඩයක් ප්රභාකරන්ගේ හිස් කබලෙහි වම් නළලේ සිට හිස් කබලේ දකුණු පසුපස දෙසට විකර්ණානුකූලව ගමන් කිරීමෙන් සිදුවූ තුවාලයක් බවයි. ඒ උණ්ඩය එක්කෝ රයිµල් වෙඩි මුරයකින් හෝ රයිµල් තුවක්කු බඳක ප්‍රමාණයේ වෙඩි උණ්ඩයකින් හෝ සිදු වූ එකක් විය හැකියි. වෙඩිල්ල ගමන් කොට ඇති කෝණයෙන් එය ප්රභාකරන් විසින්ම එල්ල කරගනු ලැබූ වෙඩි තැබීමක් යන මතය බොරු වී යනවා.
මගේ අදහස ඩී. බී. එස්. ජෙයරා-ගේ බ්ලොග් අවියට ඈඳුවා. නමුත් ඒ අදහස් දැක්වීම බ්ලොග් අඩවියට ඇතුළු වීමට ඔහු ඉඩදී නැහැ. කලින් ඔහු ඊ- තැපෑල හරහා මගේ මතය විමසුවා. මා එය ඔහුට දුන්නා. නමුත් ඔහු සිය මතය වෙනස් කර ගෙන නැහැ. එමෙන්ම ප්රභාකරන් මියගියේ කෙලෙස දැයි යන්න පිළිබඳ විමසීම්වලට සවිස්තරාත්මක පිළිතුරු දීම ඔහු ප්‍රතික්ෂේප කළා. එමෙන්ම ඒ පිළිබඳ ඔහු හෙළිදරව්වක්වත් ලියා නැහැ. එයින් මට පෙනී යන්නේ ඔහුගේ විශ්වාසවන්ත තොරතුරු මූලාශ්රයන් ඔහුට මේ අනුවාදය පවසා ඇති බව විනා නිශ්චිත වශයෙන් ඔහු ඒ පිළිබඳ තොරතුරු නොදන්නා බවයි."
බ්ලැකර් සඳහන් නොකළ තවත් වැදගත් කාරණයක් ද මෙහිලා දැක්විය හැකිය. යුද විශේෂඥයන් විසින් දක්වන ලද මතයන්ට අනුව තමා විසින් හෝ ළඟම සිටින කෙනකුගේ වෙඩිල්ලකින් සිදුවන හානිය ඈත සිට තබන වෙඩිල්ලකින් වන හානිය වෙන්කර හඳුනාගත හැකි පහසුම ක්‍රමය පිළිස්සුම්ය. ළඟ සිට තබන වෙඩිල්ලකින් නිකුත් වන අග්නියෙන් සිදුවන පිළිස්සීම සමෙහි සනිටුහන් වන අතර එවැනි ලකුණක් ප්රභාකරන්ගේ හිසේ තිබූ තුවාලයේ දකින්නට නොවීය. ප්රභාකරන් මිය යන මොහොතේදී ද එම ආසන්න ප්‍රදේශයක සිට වාර්තාකරණයේ යෙදීමට මෙම ලියුම්කරුවකුට හැකි වූ අතර ඔහුගේ මිනිය මුල් අවස්වීථාවේදීම දැක බලා ගැනීමට ද හැකි විය. ඒ නිසා ඉතා පැහැදිලිව එවැනි පිළිස්සුම් නොවූ බව දැක ගැනීමට ලැබිණි.
කරුණා අම්මාන්ගේ සැකයේ පදනම් විරහිතභාවය මෙයින් පැහැදිලි වේ. නමුත් ප්රභාකරන්ගේ මරණය සඳහා නව අර්ථකථන අවශ්‍යවන දෙමළ බෙදුම්වාදීන් පිරිසක් තවමත් නොසිටිනවා නොවේ. "ඔබට පියාඹන්න නො හැකි නම් දුවන්න. ඔබට දුවන්න නො හැකි නම් ඇවිදින්න. ඔබට ඇවිදින්න නො හැකි නම් බඩගාන්න. කවරක් කළත් ඔබ පවත්වා ගත යුත්තේ ඔබේ ඉදිරියට යාමයි." යන මාටින් ලුතර් කිං ගේ ප්‍රකාශය අනුව, දන ගාමින් හෝ බඩ ගාමින් ඊළාම්වාදයේ දිසාව සඳහා යන පිරිසගේ වුවමනාව සඳහා මෙවැනි සාවද්‍ය අනුමාන මගින් ප්‍රවේශය සපයන බව කිව හැකිය.
මනෝජ් අබයදීර - එරික් ගාමිණී ජිනප්‍රිය
0 Comments