ලෝකයේ සමස්‌ත වැඩ කරන ජනතාව මහත් වූ අභිමානයෙන් යුතුව සමරන කම්කරු දිනය අදට යෙදී ඇත. මීට වසර 126 පෙර කෲරතර ධනේෂ්වර පාලකයන්ට එරෙහිව ඇමරිකාවේ චිකාගෝ නුවරදී ඇරැඹි දැවැන්ත කම්කරු වැඩ වර්ජනයකින් පසුව කම්කරු ජනතාවගේ ශ්‍රමයට වටිනාකමක් ලබාදියයුතු බවට තීරණය කිරීමත් සමගම ලෝක කම්කරු දිනය ලෙස එම දිනය සමරමින් ලොව පුරා රටවල වැඩකරන ජනතාව මැයි 1 වැනිදා කම්කරු දිනය සැමරීම ආරම්භ කළේය.
මැයි දින උළෙලක් ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වූයේ 1933 වසරේදීය. ඒ කම්කරු නායක ඒ ඊ. ගුණසිංහයන්ගේ මූලිකත්වයෙනි.
එදා සිට ශ්‍රී ලංකාවේ ඇරැඹි කම්කරු ව්‍යාපාරය පැය අටේ සේවා දිනයක් ලබා ගැනීම, සමාන රාජකාරිවලට සමාන වැටුපක් ලබාගැනීම ඇතුළු තවත් වෘත්තීය ගැටලු රාශියකට විසඳුම් ඉල්ලා දීර්ඝ කාලයක් පැවැති අතර දොස්‌තර ඇස්. ඒ. වික්‍රමසිංහ, උඩුකැන්දවල සිරිසරණංකර හිමි, පිලිප් ගුණර්ධන, ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, පීටර් කෙනමන්, ඇම්. ජී. මෙන්ඩිස්, ජී. ජී. විලියම් සහ ඇල්. ඩබ්ලිව්. පණ්‌ඩිත යන වාමාංශික කම්කරු නායකයෝ ඒ සඳහා පෙරමුණ ගෙන කටයුතු කළෝය.
මෙම සටනේ ප්‍රතිඵලයක් ලෙස 1956 වසරේදී පැය අට වැඩ දිනයක් ප්‍රකාශයට පත් කළ අතර මැයි 1 දිනට නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශයට පත් විය.
අද අප සමරන්නේ 1886 වසරෙන් ඇරඹි මැයි දින උළෙලේ 126 වැනි සැමරුම් උත්සවයයි.
ශ්‍රි ලාංකීය වැඩ කරන ජනතාවට අද උදාවී පවතින්නේ ඉතා ස්‌වර්ණමය යුගයකි. මන්ද ඒ ජනතා දුක දන්නා සැබෑ නායකයෙක් අද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ජනාධිපති ධුරයට පත්ව සිsටින බැවිනි. මෙරට පහළ වූ ශ්‍රෝෂ්ඨ කම්කරු නායකයන් අතර ජනාධිපති මහින්ද රාජපක්‌ෂ ද ඉතා ශ්‍රෝෂ්ඨ චරිතයකි. මන්ද එතුමා සැබෑ ලෙසම සාමාන්‍ය ජනතාව ඇසුරේ හැදි වැඩි ජනතා සිතුම් පැතුම් මනාව වටහාගෙන සිටින පුද්ගලයෙක් නිසාය.
එදා 1994 වසරේදී පොදුජන එක්‌සත් පෙරමුණු රජයේ කම්කරු ඇමැතිවරයා ලෙස මහින්ද රාජපක්‌ෂ මැතිතුමා පිදුම් ලැබුවේය. එදා එතුමා මෙරට සමස්‌ත වැඩ කරන ජනතාව වෙනුවෙන් අනභිභවනීය සේවයක් ඇරැඹුවේය. වැඩකරන ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කම්කරු ඇමැති ධුරය දැරූ කෙටි කාලය තුළ කළ වැඩ කොටස අපමණය.
රට තුළ පසුගිය වසර කිහිපය තුළ දැවැන්ත යුද්ධයක් පැවතියදීත් මෙරට සමස්‌ත වැඩ කරන ජනතාව උදෙසා ඔවුන්ගේ සුබසිsද්ධිය වෙනුවෙන් කරන කිසිදු වැඩපිළිවෙළක් අතපසුවීමට නොදී ඒවා ඉදිරියට ගෙන යැමට ක්‍රියා කළේය. ඒ අනුව සමස්‌ත වැඩකරන ජනතාවගේ ආර්ථිකය යහපත් මට්‌ටමක පවත්වාගෙන යමින් ඒ ඔස්‌සේ රටේ සංවර්ධන කටයුතු පෙරට ගෙන යැමට එතුමා අප්‍රමාණ මෙහෙයක් කළේය.
ජනාධිපති ධුරයේ වැඩ ආරම්භ කරත්ම එතුමා මෙරට විරැකියාවට තිත තබමින් ලක්‌ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා දොරටු විවර කරදීමට කටයුතු කළ අයුරු මෙරට වැඩ කරන ජනතාව ඉතා හොඳින් දන්නවා ඇත. නියමිත සේවක පිරිස් නොමැතිව බොහෝ රාජ්‍ය ආයතන සහ සංස්‌ථාවල සේවාවන් සහ කටයුතු අඩපණව පැවැතිය දී එය යළි කාර්යක්‍ෂම කරමින් නව සේවක බඳවා ගැනීම් තුළින් යහපත් රාජ්‍ය සේවයක් රටේ ජනතාවට ලබාදීමට ජනාධිපතිතුමා ක්‍රියා කළේය.
විශේෂයෙන්ම රට පුරා දැවැන්ත සංවර්ධන සංග්‍රාමයක් ඇති කොට ඒ තුළින් රටේ සියලුම ජනතාවගේ ශ්‍රම දායකත්වය රටේ සංවර්ධනයට යොදා ගැනීමේ ක්‍රමවේදයක් ආරම්භ කළේය. ඒ අනුව අද සෑම ගම් නියම් ගමකම ජනතාව අතට මුදල් ලැබෙන තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ ඒ අනුව අද මෙරට ජනතාවගෙන් වැඩි පිරිසක් රටේ සංවර්ධනය සංග්‍රාමයට දායකත්වය ලබාදෙමින් වැඩකරන ජනතා ගොන්නට යොමු වී සිටිනවා. ඒ අනුව සමස්‌ත මෙරට වැඩකරන ජනතාව අද සුත මුදිත වී සිටින ආකාරය පැහැදිලිව දකින්නට හැකියාව ඇත.
මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන එන විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන්ද ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජය විශිෂ්ට සේවයක් සලසා තිබෙනවා. ලක්‌ෂ 15 ක් පමණ වන විදේශ ශ්‍රමිකයන්ගෙත්, ඔවුන්ගෙන් යෑපෙන ලක්‌ෂ 40 ක් පමණ වන පිරිසගේත්, ජීවන තත්ත්වය ඒ අනුව යහපත් මට්‌ටමකට පැමිණ තිබෙනවා. විශේෂයෙන්ම ඉතා මන්දගාමි මට්‌ටමකින් ක්‍රියාත්මකව පැවැති මෙරට විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය ක්‍රමවත්ව ප්‍රාණවත් කිරීමේ අභියෝගය
ජනාධිපතිතුමා මනාව ඉටු කළේය. විදේශ රැකියාවන්ට යන පිරිස්‌වලට නියමිත පුහුණුවක් ලබාදී ඔවුන් නියම ප්‍රමිතීන්ට අනුව විදෙස්‌ගත වීමට සූදානම් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. තවද මේ පිරිස වෙනුවෙන් විශේෂ රක්‌ෂණ ක්‍රමයක් හඳුන්වා දෙමින් ඔවුන්ට යම් කිසි ආපදාවක් ඇති වුවහොත් එමගින් වන්දි මුදල් ලබා ගැනීමට හැකියාවක් ඇති කළා. ඒ අනුව මෙම ශ්‍රමිකයන්ගේ ශ්‍රමයට මනා වටිනාකමක් ලබාදී ඔවුන්ගේ රැකියාව අභිමානනීය තත්ත්වයකට ගෙන ඒමට කම්කරු නායකයෙක් සතු තම දැනුම මෙතුමා මනාව යොදා ගත්තා.
විශේෂයෙන් රාජ්‍ය සේවකයන් ඉතා හොඳ වැටුප් තලයක පවත්වා එතුමා බලයට පත්වූ පසු ඉදිරිපත් කළ සෑම අයවැය යොජනාවලියකදීම රජයට දැරිය හැකි ප්‍රමාණයේ වැටුප් වැඩිවීම් ඔවුන්ට ලබාදුන්නේය. තවද රාජ්‍ය සේවකයන්ගේ නිවාස අවශ්‍යතා, දරුවන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ සමාජ සුබසාධන කටයුතු වෙනුවෙන් නොයෙක් ආකාරයේ ණය යෝජනා ක්‍රම ඇතිකර ඒ ඔස්‌සේ ඔවුන්ගේ අවශ්‍යතාවලට සහාය දැක්‌වූවා.
මීට අමතරව මෙරට උගත් තරුණ උපාධිධාරීන් දහස් ගණනක් රාජ්‍ය සේවයට බඳවාගැනීමට ක්‍රියාකළා. ඒ අනුව රාජ්‍ය සේවය ශක්‌තිමත් කිරීමටත් නව රැකියා අවස්‌ථා උදාකරමින් විරැකියා ප්‍රශ්නයට පිළියම් දීමටත් එමගින් ක්‍රියා කළා.
විශේෂයෙන්ම යුද්ධය නිසා සියලු කටයුතු අඩපණව තිබූ උතුර නැගෙනහිර සංවර්ධන කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඒ ප්‍රදේශවල පිරිස්‌වලට විශාල වශයෙන් නව රැකියා අවස්‌ථා සඳහා මග විවර වුණා. මෙලෙස විශාල රැකියා අවස්‌ථා අලුතින් බිහිකළ හැකි සංවර්ධන යෝජනා ක්‍රම ඇතිකිරීම තුළින් වැඩකරන ජනතාවට සාධාරණ වැටුපක් ලැබිය හැකි රැකියා අවස්‌ථා උදා කිරීමට එතුමාට හැකිවුණා.
විශේෂයෙන්ම නව කර්මාන්තශාලා, නව ව්‍යාපෘති වරායවල්, විදුලි බලාගාර, ක්‍රීඩාංගණ ආදී සංවර්ධන වැඩපිළිවෙළ නිසා මෙරට කම්කරු ජනතාවට නව තාක්‌ෂණ දැනුම සහ ඉහළ අධ්‍යාපනයට යොමු වීමට පවා අවස්‌ථාව සැලසුණි. ඒ අනුව මෙරට සමස්‌ත කම්කරු ජනතාවගේ කාර්යක්‌ෂමතාව ඉහළ නංවා ගැනීමටත් ඔවුන්ගේ බුද්ධි මට්‌ටම ඉහළ තලයකට ගෙන ඒමටත් ලැබීම ඉතා අගය කළ යුතුයි. මෙලෙස රට පුරා නව ව්‍යාපෘති ඇරැඹීමෙන් සහ කම්කරු පිරිස් තම වැඩ කිරීමේ ශක්‌තිය නංවා ගැනීම තුළින් ඔවුන්ට ඒ සඳහා වූ ආදායම් මට්‌ටමද ඉහළ නංවාගැනීමට හැකිවුණා. ඒ අනුව සමාජ මට්‌ටම් ඉහළ තලයකට ගෙන ඒමටද කම්කරු පිරිස්‌වලට හැකියාව ලැබුණා.
මෙරට සමස්‌ත ගොවි ජනතාවගේ ජීවන හැකියාව උසස් තලයකට ගෙන ඒම සඳහාද ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය අවංක උත්සාහයක් ගත්තා. ඒ අනුව ගොවි ජනතාවගේ අතමිට සරු කිරීම සඳහා විවිධ වැඩසටහන් ඇති කළේය. ඒ අනුව අද මෙරට කෘෂිකර්මාන්තය දැවැන්ත ප්‍රබෝධයක් ලබා තිබෙන අයුරු සියලු දෙනාටම සක්‌සුදක් සේ පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේය. කෘෂිකර්මාන්තයේ මේ ඉහළ දියුණුවත් සමඟ අතමිට සරු ගොවි පිරිසක් රට තුළ බිහිවී තිබෙනවා. ඒ අනුව අද වන විට ගොවියා ස්‌වයංපෝෂිත වී ඉහළ ආර්ථික මට්‌ටමකට හිමිකම් කියන තත්ත්වයකට පත්වී තිබෙනවා. එදා වහ බීපු ගොවියා අද සුත මුදිත ජීවිත ගත කරන පිරිසක් බවට පත්ව සිටින්නේය.
විශේෂයෙන්ම මෙරට ඉතා දිළිඳු සමාජ තලයක අඩු වැටුප් තලයක සිටින වතු කම්කරු ජනතාවගේ අනාගතය යහපත් කිරීමේ ඉතා භාරදූර කාර්යයටත් ජනාධිපති ප්‍රමුඛ වත්මන් රජය උරදුන්නා. ඒ අනුව අද වතු කම්කරු ජනතාවගේ වැටුප් ප්‍රමාණයන්ද වැඩිවී තිබෙනවා. ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඔවුන්ගේ ලැයිම් කාමර නිවාස වෙනුවට අද වතුකරයේ නව නිවාස ඉදිකර වතු ජනතාවට ලබාදී තිබෙනවා. වතු ජනතාවගේ දරුවන් උදෙසා පාසල් ඇතිකර ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබාදී ඔවුන් නිසි ලෙස සමාජගත කිරීමටද රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව අද වතුකරයේ ජනතාව එදා සිටි අන්ත තත්ත්වයෙන් ක්‍රමයෙන් ගොඩඑමින් නව ජීවිතයකට හුරුවෙමින් සිටින්නේය. වතුකරයේ ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සායන, නව ක්‍රීඩා පිටි, බැංකු කාර්යාල, සමුපකාර අලෙවි සල්, සනීපාරක්‌ෂක පහසුකම් මේ සියල්ල සපුරා ඔවුන්ට පැහැබර අනාගතයක් උදාකර දුන්නේය.
පෞද්ගලික අංශයට මෙන්ම රජයේ සේවකයන්ටද නොයෙක් වරප්‍රසාද ලබාදීමට රජය ක්‍රියාකර තිබෙනවා. ඒ අනුව සහනදායී ක්‍රම යටතේ ණය ලබාදීම වැටුප් විෂමතා ඉවත් කිරීම, රක්‌ෂණ ක්‍රම හඳුන්වාදීම, උත්සව අත්තිකාරම් ලබාදීම, ඉහළ අධ්‍යාපනය සඳහා අවස්‌ථාවන් ලබාදීම, වගේම සේවකයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව නීති රීති ඇතිකිරීම සහ ජීවන වියදම් දීමනා ලබාදීම වැනි සේවාවන් රැසක් ඉටුකර විශේෂයෙන්ම අභිමානයෙන් යුතුව රැකියාව කරගෙන යැම සඳහා ආයතනික වටපිටාව සකස් කිරීමද රජයේ නව වැඩපිළිවෙළක් වුණා. ඒ තුළින් වැඩකරන ජනයාට ගෞරවනීය පුද්ගලයෙක් ලෙස තම රැකියාව කිරීමට අවස්‌ථාව උදාවුණා.
මේ සියල්ලටම වඩා මරබියෙන් තොරව තම රැකියාවට පැමිණීමටත්, නැවත නිවසට යැමටත් හැකි පරිසරයක් ගොඩනැගීම ජනාධිපතිතුමා මෙරට වැඩකරන ජනතාවට කළ විශිෂ්ට සේවයක්. එදා මරණයට බයේ සමහරු රැකියාවලින් ඉවත්ව නිවසට වී සිටි යුගයක් මෙරට තිබුණේ. අද නිදහසේ පාරේ බැස යැමට හැකි වාතාවරණයක් උදාකළේ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමායි.
ඒ අනුව මෙරට වැඩකරන ජනතාවට සිදුකළ ඉහළම මෙහෙය ලෙස මා දකින්නේ යුද්ධය නිමාකර රට තුළ සාමය ඇති කිරීමයි.
ඒ අනුව ගතවූ අවුරුදු කිහිපය තුළ ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් පසු මෙරට පෞද්ගලික, ස්‌වයං රැකියා හා රජයේ කියන සෑම රැකියා ක්‍ෂේත්‍රයකටම හැකි උපරිමයෙන්ම සේවය සලසා තිබෙනවා.
තවමත් යම් යම් ක්‍ෂේත්‍රවල සියලු ප්‍රශ්න විසඳී නොතිබෙන්නට පුළුවන්. අද පවතින ආර්ථික තත්ත්වය සමහර විට දරාගැනීමට තරමක් අපහසු වෙන්න පුළුවන්. නමුත් පැවැති තත්ත්වය මීට වඩා භයානක නිසාත්, ජනාධිපතිතුමා මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ පෞද්ගලික හා රාජ්‍ය සේවයට පොරොන්දු වූ බොහෝ දේ දැනටමත් ලබා දී ඇති නිසාත් ඉතිරි බලාපොරොත්තු සියල්ල සම්පූර්ණ කරගැනීම සඳහා සියලු වැඩකරන ජනතාව තම ශක්‌තිය, ධෛර්යය, දහඩිය උපරිම කැපවීමෙන් යුතුව යොමු කරමින් සමස්‌ත ශ්‍රී ලංකාවාසී සැමගේත්, රටේත් හෙට දවස යහපත්වී රටට සුබ අනාගතයක් උදාකර ගැනීමට කැපවෙමු යෑයි මේ කම්කරු දිනයේදී තරයේ සිත්හි ධාරණය කරගත යුතුයි.
පාරම්පරික දේශීය වෛද්‍ය විශාරද
මහ ඇළගමුවේ ලංකානන්ද නාහිමි
කුස්‌වල වෙද හිමියෝ
0 Comments