සියල්ල පෙම්වතාට පුද කර සිරබත් කන ශ්‍රියා


මගේ නම ශ්‍රියාලතා. මට අක්‌කා කෙනෙකුයි, නංගිල, මල්ලිලා දෙන්නෙකුයි ඉන්නවා. කරල්ලියද්දේ පදිංචිවෙලා හිටිය අපිට සෑහෙන දේපළක්‌ තිබුණා. කරල්ලියද්ද ගම දියුණු වුණේ මහවැලි ජලාශ යෝජනා ක්‍රමය නිසයි. ඊට කලින් අපේ ගම කැලෑවට ගිහිනුයි තිබුණේ.

කරල්ලියද්aද ටවුමේ කඩමංඩිය හැදුනට පස්‌සේ තාත්තා අපේ ගේත් අලුත්වැඩියා කළා. ගෙදරට උවමනා කරන ලී බඩු ටිකකුත් අලුතින්ම හැදෙව්වා. මේ කාලයේ තමයි නංගි වැඩිවියට පත් වුණේ. ඒ වෙනුවෙන් ගෙදර පුංචි පහේ උත්සවයක්‌ පැවැත් වුණා. කඩ මංඩියේ මුදලාලිලා වගේම ගමේ සෑහෙන අයට විතරයි උත්සවයට ආරාධනා කෙරුණේ. එක මුදලාලි කෙනෙක්‌ එක්‌ක පොලිසියේ රාළහාමිලා දෙන්නෙකුත් ආවා. ඒ අය අතර හිටිය බණ්‌ඩාර රාළහාමි බොහොම උවමනාවෙන් මං දිහා බලන්න ගත්තා. මට ටිකක්‌ ලැඡ්ජත් හිතුණා.

උත්සවය ඉවරවෙලා සතියකට විතර පස්‌සේ මල්ලියි, මායි ටවුමට ගිහින් එනකොට බණ්‌ඩාර රාළහාමිව මුණගැහුනා. මෝටර් බයිසිකලයෙන් යමින් සිටි ඔහු අපි ළඟ නතරවෙලා බොහෝම කුළුපගව කතා කළා. ඔහු මට බස්‌ එකේ එන්න කියලා මල්ලිව බයිසිකලේ තියාගෙන ගෙදර ගෙනත් ඇරලුවා.

තාත්තා එක්‌ක කතා කර කර හිටිය ඔහු අපි පිළිබඳව වගතුගත් විමසුවා. බොහෝම කුළුපගව කතා කර කර හිටිය ඔහු මා පිළිබඳව කතා කිරීමටත් අමතක කළේ නැහැ. "හරකා හැරෙන්නේ පොල් පැළේ කන්න" කියලා අපිට එදා වැටහුනේ නැහැ.

"ඇයි මුදලාලි මේ ශ්‍රියාලතාව" ටයිපින් ෂෝට්‌ හෑන්ඩ් තියෙන පංතියකට දාන්නේ නැත්තේ. අද රජයේ හොඳ රස්‌සාවක්‌ ගන්න නම් ඒවා දැනගෙන ඉන්න ඕනේ.

"කොහෙද රාළහාමි ඔය පංති තියෙන්නේ"

"ඇයි නුවර තියෙන්නේ හොඳ පංති"

ඊට දින කිහිපයකට පස්‌සේ තාත්තයි, මායි ගියා ඒ කිව්ව පංතියට ඇතුළුවෙන්න. බණ්‌ඩාරත්. මල්ලිව බයිසිකලේ තියාගෙන ආවා. ඒදා රෑ තාත්තා අම්මා එක්‌ක කතා කළේම බණ්‌ඩාරගේ නිහතමානිකමයි. ගුණ වර්ණාවමයි.

දවසක්‌ මම පංතිය ඇරිල බස්‌ එකට යන අතරමගදී බණ්‌ඩාරව මුණ ගැහුණා. නුවර උසාවියේ නඩුවක්‌ තිබිලා ඒකට ආ බව කිව්වා.

"ශ්‍රියා මට ඔයත් එක්‌ක කාරණාවක්‌ ගැන නිදහසේ කතා කරන්න ඕනේ. අපි යං වැව අයිනට" ඔහු පිළිබඳව අවදියෙන් සිටි මට එම කතාව තවත් රුකුලක්‌ වුණා. ඔහුගේ ඇරයුම පරිදි බයිසිකලයට නැගලා ඉඳගත්තේ ගැහෙන හදවතින්. අඳුනන කෙනෙක්‌ දකී කියලා.

"වේස්‌ පාර්ක්‌" එකේ පාළු තැනකට වෙලා අපි කතා කර කර හිටියා. එදා මම ගෙදර ගියේත් ඔහුගේ බයිසිකලෙන්මයි. ගෙට යාර කීපයක්‌ තියා බයිසිකලෙන් බැහැල පයින් ගෙදර ගියා.

එදාට පසු මම පංති ගියේ ආවේ බණ්‌ඩාරගෙ බයිසිකලෙන් මයි. ඒ වගේම කීප දවසක්‌ම මම පංති නොගිහින් ඔහුත් එක්‌ක චිත්‍රපට බැලුවා. තව දවසක්‌ ඔහු මට අඬගැහුවා මිතුරකුගේ ගෙදර කෑමකට යන්න. මම එදා මිතුරන් සමග ඇති තරම් විනෝද වුණා. මිතුරන් සමග මත්පැන් පානය කළා. කෑම කද්දී බොන්න කියලා මට වද කළා. මම එපාම කිව්වා. ඔහු මිතුරන්ට මාව අඳුන්වලා දුන්නෙ බඳින්න ඉන්න එයාගේ පෙම්වතී කියලා.

"ශ්‍රියා. මගේ යාලුවෝ හිතයි මම බඳින්න ඉන්නේ ගොඩේ කෙල්ලෙක්‌ කියලා. "සෝෂල්" කෙල්ලො තමන්ගේ "බෝයි ෆ්‍රේ‍රන්ඩ්" දෙනකොට බොනවා" එයාගේ කතාව අහලා මම ටිකක්‌ බිව්වා.

බණ්‌ඩාරට හොඳටම වෙරි. එයාගේ යාලුවො කිව්වා වෙරි නිසා බයිසිකලේ යන්න නරකයි. වෙරි හිඳෙනකන් ටිකක්‌ නිදාගන්න දෙන්න කියලා.

අපි එයාව වත්තන් කරගෙන ගිහින් කාමරයට දැම්මා. පිටතින් දොර අඩවල් කරගෙන යාලුවෝ යන්න ගියා. මම එයා ළඟට වෙලා හිටියා. විනාඩි 10 කට පස්‌සේ මැරිලා වගේ හිටපු බණ්‌ඩාර නැගිටලා ඇඳේ ඉඳගත්තා.

"සොරි ශ්‍රියා මට ටිකක්‌ වැඩි වුණා. මම ටිකක්‌ නිදාගෙන ඉඳලා නැගිටිනකන් ඔයා මට පවන් ගහන්න" එහෙම කියලා නැගිටලා ගිහින් දොරේ අගුල දැම්මා. මගේ අතට පත්තරයක්‌ දීලා ඇඳේ ඇලවුණා. මම එයාට නින්ද යනකන් පවන් ගැහුවා. ඔහු හිටිගමන් නැගිටලා මා ළඟින් ඉඳගත්තා. එකපාරටම මාව වැළඳ ගත්තා.

එදා තරුණියක්‌ ලෙස පංති ගිය මා නිවසට පැමිණියේ ගැහැනියක්‌ ලෙසටයි. එදාට පසු ඔහු මගෙන් අවශ්‍යතා ඉටුකර ගත්තා. ඒ අවස්‌ථාවල මට ගිලීමට පෙත්තක්‌ දුන්නා.

ඒ වඳපෙති බව පසුව මා දැන ගත්තා.

මේ අතර දිනක්‌ වෙනදා මෙන් ඔහු එනතුරු මම මග බලාගෙන හිටියා. පංති ඇරලන්න එන ඔහු නාපු නිසා මම පොලිසියට ගිහින් විපරම් කළා. ඔහුගේ බිරිඳට දරුවා ලැබෙන්න රෝහල් ගතකළ බව දන්වා විදුලි පුවතක්‌ ඇවිත් ගමේ ගිය බව මට දැනගන්න ලැබුණා.

ඒ ඇදහිය නොහැකි පුවතින් මගේ හිස කැරකෙන්න පටන් ගත්තා. ඒත් හිතේ ධෛර්යයෙන් ආපසු ඇවිත් බසයකට ගොඩවී කෙලින්ම ගියේ නුවරදී අප එක්‌වූ නිවස වෙතයි. මා යන විට බණ්‌ඩාරගෙ මිතුරා එහි සිටියා.

"ඔයා තියා අපිවත් දැනගෙන හිටියෙ නැහැ ඔය මනුස්‌සයා බැඳලා කියලා. දැන් ඉතින් වුණ දේ වුණා. බණ්‌ඩාර බලුකන් කළාට හොඳ මිනිස්‌සු ඕනේ තරම් ඉන්නවා. එයා එනකන් ඔයාට මෙහෙ ඉන්න පුළුවන්. දැන් ඔයා ගෙදර ගිහින් ඔයාගේ ඇඳුම් පැලඳුම් ටිකත් අරගෙන හෙට උදේ මෙහෙ එන්න"

පසුදින මා මට ගෙනයා හැකි සියලු දේ සූදානම් කරගෙන මුදලින් රු. 2000/- ක්‌ද අතැතිව ගෙදරින් පිටවුණා. බෑගය කලින්ම වත්තේ හංගලා තිබ්බා. කතාකරගත් පරිදි බණ්‌ඩාරගෙ මිතුරා කපිල මගට ඇවිත් හිටියා. මම ඔහු සමග නුවර ආවා. ගෙදරට ලිපියක්‌ දැම්මා මාව හොයන්න එපා. මම බණ්‌ඩාර එක්‌ක යනවා කියලා.

එදා රෑ මට කපිල එක්‌ක ඉන්න සිද්ධ වුණා. ඊළඟට ඔහුගේ මිතුරන්ව සතුටු කරන්න සිදු වුණා.

"මෙතනට ආවේ කොහොමද" මම සුපුරුදු පැනය ඇගෙන්ද ඇසුවෙමි.

ඒ ගෙදර "ගණිකා නිවාසයක්‌" පවත්වාගෙන යන බව මම දැන ගත්තේ පස්‌සේ පොලිසියෙන් මේ ගෙය වට කළා. මාත් ඇතුළුව ඇතුල් කාමරවල සිටි තුන් දෙනෙක්‌ම පොලිසියට ගෙනාවා. ඒත් අප සමග සිටි කිසිම පිරිමියෙක්‌ව පොලිසියට ගෙනාවේ නැහැ. ඒක අසාධාරණයි.

(මෙහි සියලු නම් ගම් මනඃකල්පිතය)
. මාලා වජිරා පෙරේරා

Post a Comment

0 Comments