පියයුරු පිළිකා රෝගීන් දිනකට 6-7 අතර ප්‍රමාණයක් අලුතින් හඳුනා ගැනේ


සෑම වසරකම ඔක්තෝම්බර් මාසය ලෝක පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය ලෙස නම් කර ඇති අතර, මෙම මාසය තුළ ලොව පුරා බොහෝ රටවල් පියයුරු පිළිකාව වැළැක්වීම, පිළිකාව කලින් හඳුනා ගැනීමේ වැදගත්කම, පියයුරු පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර හා සහන සේවා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම යන කරුණු උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

මෙමගින් පියයුරු පිළිකා රෝගීන් වෛද්‍ය උපදෙස් සඳහා කඩිනමින් යොමු කිරීම හා පියයුරු පිළිකාව ශරීරය තුළ ව්‍යාප්ත වීමට ප්‍රථම හඳුනා ගැනීමෙන් වඩාත් සාර්ථක හා සරල ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු කිරීම ප්‍රධාන අරමුණ වේ.

පියයුරු පිළිකාව කාන්තාවන් අතර වාර්තා වන පිළිකා අතරින් ප්‍රමුඛ ස්ථානය ගන්නා පිළිකාවක් ෙව්. ශ්‍රී ලංකාවේ පිළිකා පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමේදී කාන්තාවන් අතර වාර්තා වන පිළිකා අතරින් 25෴ක් පියයුරු පිළිකා බව දක්නට ලැබේ. වසරකට අලුතෙන් පියයුරු පිළිකා රෝගීන් 2,500කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුළ වාර්තා වේ. මෙය දිනකට අලුත් රෝගීන්  6 -7ක් අතර ප්‍රමාණයකි.ශ්‍රී ලංකාවේ කාන්තාවන් තිස්අට දෙනෙකුගෙන් එක් අයකුට ජීවිත කාලය තුළ (0-74 දක්වා) පියයුරු පිළිකාවක් වැලඳීමේ අවදානමක් පවතී.

පියයුරු පිළිකා සඳහා අවදානම් සාධක
වෙනස් කළ හැකි අවදානම් සාධක
දරුවන් බිහි කර නොමැතිවීම
පළමු දරු උපත වයස 30ට පසු සිදුවීම
මවුකිරි ලබා නොදීම
අධිබර/ස්ථුලතාව
ශාරීරික ව්‍යායාම නොකිරීම
දුම්පානය කිරීම
අධික ලෙස මධ්‍යසාර භාවිතය
අවුරුදු 35ට කලින් උපන් පාලන පෙති වසර 5කට වඩා භාවිතය
ආර්තවහරණයෙන් පසු හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාරය දීර්ඝ කාලීනව භාවිතය
අනවශ්‍ය ලෙස විකිරණ ප්‍රතිකාරවලට භාජනය වීම
වෙනස් කළ නොහැකි අවදානම් සාධක
වයස්ගත වීම
ස්ත්‍රියක් වීම
ජාන විකෘතිතා (උදා  BRCA ජාන)
අඩු වයසක දී වැඩිවියට පත්වීම
ආර්තවහරණය ප්‍රමාදව සිදුවීම
ලේ ඥාතීන්ට පියයුරු පිළිකා වැලඳී තිබීම

සුළු හා මධ්‍යම ආදායම් සහිත රටවල පියයුරු පිළිකා රෝගීන්ගේ ජීවත්වීමේ හැකියාව අඩුවීමට මූලික හේතුව වන්නේ පියයුරු පිළිකාව කලින් හඳුනා ගැනීමට නොහැකි වීමයි.ශ්‍රී ලංකාවේද 2011 වර්ෂයේදී පියයුරු පිළිකාවලින් සියයට 18.5ක්ම හඳුනාගෙන ඇත්තේ පිළිකාවේ අවසන් අවධියේ වේ.

www.ada.lk

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us