ඉතිහාසයේ දිගම හාදුව පැය 46 නොට්‌ අවුට්‌..!


ප්‍රසිද්ධියේ හාදු දීම හා ගැනීම පෙරදිග විශේෂයෙන්ම අපේ සංස්‌කෘතියට පටහැනි යෑයි කිව හැක. නමුත් පැය 46 කුත් විනාඩි 24 යි තත්පර 9 ක්‌ එක දිගටම ජෝඩුවක්‌ එකිනෙකා වැගඳගෙන හාදු දීමේ ගිනස්‌ වාර්තාවක්‌ මේ නොබෝදා වැලන්ටයින් දිනයේදී තායිලන්ඩ් රටෙහි ප්‍රසිද්ධ විනෝදාගාරයකදී සිදුවිණි.


එක්‌තරා ඉරිදාවක පෙ. ව. 6.00 ට හාදු දීම ආරම්භ වී පසුදා එනම් සඳුදා වන විට ඊට සහභාගි වූ ජෝඩු 14 න් අඩකටත් වඩා එවකට පැවැති ගිනස්‌ වාර්තාව සමකිරීමට සමත් වූ බව වාර්තා වේ. අවසාන වරට මෙහිලා ගිනස්‌ වාර්තාව වූයේ වර්ෂ 2009 දී ජර්මනියේදී නිකොලා මැබොවික්‌ හා ක්‍රිස්‌ටිනා රීන්හාට්‌ තැබූ පැය 32 මිනිත්තු 7 තත්පර 14 වාර්තාවයි. එය බිඳදමා පැය 14 න් බෙදා ඉදිරියට යන්නට සමත් වූයේ බැංකොක්‌ ජෝඩුවක්‌ වන එක්‌කචායි හා ලක්‌සනා ටිරනරට්‌ය. ඔවුන්ට ලැබුණු ත්‍යාගය වූයේ තායභට්‌ 50,000 ක්‌ වූ එනම් ඇ. ඩො. 1,606 ක දියමන්ති මුද්දක්‌ වූ අගනා තිළිණයකි. ඊට අමතරව මුදලින්ද භාට්‌ 100,000 ක්‌ (ඩොලර් 3,213) ක්‌ ඔවුනට ලැබිණි.



මෙම තරග කොන්දේසි ඉතාම තදබල රීති වලින් යුක්‌ත වීම මෙහිලා කිවයුතු විශේෂ කරුණකි. එනම් වැලඳගෙන සිටින යුවළෙහි තොල් මොනයම් හේතුවක්‌ නිසා එක්‌ විය යුතු නැත. බීම පවා බොන්නට සිදු වූයේ ප්ලාස්‌ටික්‌ බට මගිනි. වැසිකිළියට යන විට පවා ඔවුන් එකිනෙකා වැලඳගෙනම එම කාර්යය කිරීමට සිදුවීම බලා සිටිය අයගේ කුතුහලයට ලක්‌වීලු. එයත් බලධාරීන් විසින් මැනවින් සමීක්‍ෂණයට භාජන වී. වඩාත්ම බලවත් කොන්දේසිය වූයේ ඉඳගැනීම්, නිදාගැනීම් තහනම් වීමයි.



පෙරදිග රටවල හාදුදීම ගැනීම ප්‍රසිද්ධියේ තහනම් වීම සේම තායිලන්තයට ද එයින් මිදෙන්නට නොහැකිය. එබැවින් තායිලන්ත බලධාරීන් ඊට විකල්පයක්‌ වශයෙන් පනවා තිබුණේ තරගයට එළඹෙන ජෝඩුව විවාහක හෝ විවාභිමුඛ සත්‍ය ජෝඩුවක්‌ බවට සිය දෙමාපියන් විසින් සහතික කරන ලද ලියවිල්ලක්‌ හෝ විවාහ සහතිකය ඉදිරිපත් කිරීමට නියම කිරීමය.



මෙම තරග සංවිධානය කර තිබුණේ තායිලන්තයේ පට්‌ටය නුවර ලුවිස්‌ වැක්‌ස්‌ වර්ච්ස්‌ කෞතුකාගාරය නම් විනෝදාංශ ආයතනය මගිනි. එහි සංවිධායක සොම්පෝන් නක්‌සියුබ්‍රොaන් මහතා කියා සිටියේ මෙම තරගය පැවැත්වීමේ ඔවුන්ගේ අභිලාෂය වූයේ ආලය යනු කිසියම් අර්ථාන්විත හා බලවත් ප්‍රපංචයක්‌ බව ඔප්පු කර පෙන්වීමය.



"කිස්‌ මී" ආදී ජාත්‍යන්තර සංගීත මියුරු රසින් හාදු වරුසා තව තවත් ආලෝකමත් වූ අතර එය නැරඹි අයත් එම සාප්පු සංකීර්ණය පසුකර ගෙන ගිය අය තම ඩිජිටල් කැමරාවල මෙම අනගි රංගනය රඳවා ගැනීමට අමතක නොකළේය.



මෙම පැය 46 ක දීර්ඝතම හාද්ද බිඳහෙළා තවත් ජගත් වාර්තාවක්‌ පිහිටුවීමට නව යුවළක්‌ කවදා ඉදිරිපත් වේවිද?



කස්‌තුරිආරච්චි වර්ණකුලසූරිය