රහසක් පොඩි රහසක්

වොල්ගා කල්පනී කියන නව පරපුරේ ජනප්‍රිය නිළිය මේ දිනවල හැංගි හැංගි වෙස් බඳිනවා. කොච්චර හැංගුවත් අපෙන් හැංගෙනවා බොරු ඉතින්. ඉරට මුවා වෙලා ගියත් සඳට මුවා වෙලා ගියත් වොල්ගාට නම් අපට මුවා වෙන්න බැරි වුණා. කොහොම වුණත් වොල්ගා දැන් මුව පොව්වෙක් වගේ එක් කෙනෙකුට තුරුළු වෙලා ඉන්නලු. ඒ කෙනා ජනප්‍රිය නළුවෙක්. හැඩරුව කියනවා නම් කොණ්ඩය ටිකක් බොකුටුයි. මුහුණ පුරා රැවුල ටිකක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ දිනවල විකාශය වන නාට්‍ය කිහිපයකම මේ නළුවා තමයි ප්‍රධාන භූමිකාව රඟපාන්නේ. එහෙම කිව්වාම ඔබ හිතනවා ඇති මේ නළුවා කාවිංග ද නැත්නම් ශෂිරංගද? එහෙමත් නැත්නම් ධනුක ඩිල්ෂාන් ද? කියලා නැහැ.

මේ එක් කෙනෙක්වත් නෙවෙයි. මේ නළුවොත් එක්ක තමා වොල්ගා පෙම් බඳින නළුවන් ඉන්නේ. වොල්ගා තමන්ගේ පෙම්වත් නළුවා ගැන පත්තරවලට නම් කියන්නෙම නැහැ. අපි නම් ඉතින් කවුද කියලා ගෙඩි පිටින් දන්නවා. ඒත් වොල්ගා අපෙන් ආදරණීය ඉල්ලීමක් කළා (නහයෙන් අඬලා තමයි ඒ ඉල්ලීම කළේ) නම දාන්නන් එපා කියලා. මාධ්‍ය සදාචාරයන්ට අනුව එපා කියපු එකක් දාන්නත් හොඳ නැහැනේ. තව නොබෝ දිනකින්ම අපි මේ නළුවා කවුද කියලා කියන්නම්. එතකම් ඉවසන්න හොඳේ. වොල්ගා ලබන අවුරුද්දෙ ඒ නළුවත් එක්ක යුග දිවි අරඹන්න සූදානමින් සිටිනවාලු.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us