මට තියෙන්නේ ටීචර් ලුක් එකක්ලු

නමින් ඇය තවමත් ඔබට නුහුරු වූවත් රුවෙන් ඇය නොදන්නා කෙනෙකු නැති තරම්.. විටෙක කොන්දේ රුදාව මට්ටු කිරීමට බෙහෙතක් හඳුන්වා දෙන ඇය, තවත් වරෙක රසවත් තේ කෝප්පයක් සාදා ගන්න හැටි කියා දෙයි.. මෙලෙස වෙළෙඳ දැන්වීම් ගණනාවක් ඔස්සේ ඔබ හමුවට එන ඇය නදීෂානී නිලුක්ෂියි.

මෙ දිනවල වැඩිම වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක දකින රුව නේද?

හරියටම හරි.

දැන්වීම් කීයකට මේ වෙද්දි පෙනී ඉඳල තියෙනවාද?

වෙ‍ෙළඳ දැන්වීම් ගණනාවකම ඉන්නවා. කොහොමත් අඩුම තරමේ දවසකට පහ හයක්වත් අනිවාර්යෙන්ම ටෙලිකාස්ට් වෙනවා.

ඒ කියන්නේ නදීෂානී කියන්නේ දැන් ප්‍රචාරණ සංකේතයක්?

ඔව්. එහෙම කිව්වත් නිවරැදියි.

ඒ නිසා බර ගාණක් අය කරනවා ඇති නේද?

ඇත්තටම මුදල් කියන දේ නම් කොච්චර හම්බ කළත් අපේ එදිනෙදා වියදම් එක්ක බලද්දි ඉතිරි කරන්න හරිම අමාරුයි. නමුත් එහෙම කියලා මම අසාමාන්‍ය විදිහට අය කරන්නේ නම් නැහැ. බොහොම සාධාරණ මිලක් තමයි අය කරන්නේ.

ආදායම තර කර ගන්නත් වෙළෙඳ දැන්වීම් හොඳ මාර්ගයක්නේ?

ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කියන්නේ දවස ගානේ කෙරෙන දේවල් නෙමෙයි නේ. නමුත් කමර්ෂල්ස් නිතරම හැදෙන දෙයක්. අනෙක වැඩි මහන්සියක් නැතිව මුදල් හම්බ කරන්න පුළුවන් තෝතැන්න තමයි දැන්වීම් කියන්නෙ.

මේ තරම් ඉල්ලුමකට විශේෂ හේතුවක් ඇති?

සරලවම කිව්වොත් ඒ වාසනාව වෙන්නැති. මේ හැම දේටම වාසනාව බලපානවා. ඒකෙන් ජනප්‍රියත්වය සමග තව ලැබෙන පුමාණය වැඩි වෙනවා.

ඉල්ලුම වැඩි නිසා ඔබේ සීමා මායිම් වලටත් යටත් වෙන්න වෙනවාලූ නේද?

සීමා මායිම් දාගෙන කටයුතු කරන්න තරම් අනවශ්‍ය නිර්මාණ මෙතෙක් ලැබිලා නැහැ. මේ වන තෙක් ලැබුණු හැම දැන්වීමක්ම හරිම වැදගත්. ප්‍රඩක්ට් එකේ ප්‍රමිතිය පවා මම බලනවා. කොහොමත් එහා මෙහා යන දැන්වීම් මම බාර ගන්නේ නැහැ. ඒ නිසා මෙතෙක් ලැබුණු හැම දැන්වීමකටම මම හරිමආසයි.

ඔබ පෙනී සිටි දැන්වීම් අතුරෙන් ඔබ වඩාත් සිත් ගත් දැන්වීම කුමක්ද?

ලාඔජී ඇඩ් එක.

හේතුව?

එහි ලංකාව පුරාම හොල්ඩිංස් සහ පෝස්ටර්ස් තියෙනවා. අනෙක හැමෝම මාව හඳුනා ගත්තේ ඒ ඇඩ් එකෙන්.

නදීෂානී වැඩිපුරම පෙනී සිටින්නේ වයසින් මුහුකුරා ගිය චරිතවලටයි?

ඔව්. ඒ කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් කැරැක්ටර් එකක් බාර ගනිද්දී ලොකුද පොඩිද කියන දේ නෙමෙයි මට වැදගත් වෙන්නේ. අනෙක මාව දැන්වීම් වලට ගන්න බොහෝ දෙනා කියන්නේ මගේ තියෙන්නේ ටීචර් ලුක් එකක්ලු. මගේ මුහුණේ වෙනස් හැඩයක් තියෙන නිසා නිතරම් වෙනස් මේකප් එකකින් වෙනසක් කරන්නත් පුළුවන්ලූ.

හැම දාම පේන කොට කොයි දේකත් වටිනා කම අඩු වෙනවා නේ?

දැනට නම් හොඳ
ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන නිසා තවම මාව එපා වෙලා නැහැ. හැබැයි ඉදිරිය කොහොම වෙයිද දන්නෑ.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us