සනීට සැර වැඩි’ නිසා තහනමක්

සරාගී නිළි සනි ලියොන් නිසා මැවෙන ආන්දෝලනාත්මක පුවත් මේ දිනවල බහුලයි. ඒ ‍ෙහ්තුවෙන් ඇය වෙත මුළු ලෝකයේ ම අවධානය යොමුවීම නිසා ඇගේ ජනප්‍රියත්වය තවත් වැඩිවෙලා. ඇගේ රංගනය ඇතුළත් චිත්‍රපටවලට ද ලැබෙන්නේ ප්‍රේක්ෂක ආකර්ෂණයක්.

පසුගියදා සනි ලියොන් නිසා තවත් ආන්දෝලනාත්මක පුවතක් මැවුණා. ඒ, ඇය ප්‍රධාන චරිතයක් රඟපෑ ‘මස්ටිසාදේ’ චිත්‍රපටය නිසයි. තුෂාර් කපූර්, සුරේෂ් මෙනන් සහ වීර්දාස් සෙසු චරිත රඟපෑ මිලාප් සංව්රි අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය ලිංගත්වය හුවා දැක්වෙන හාස්‍යොත්පාදක චිත්‍රපටයක් (Sex Comedy) හැටියටයි හැඳින්වෙන්නේ. මේ චිත්‍රපටය තිරගත කිරීමට අවශ්‍ය අවසරය ලබාදීම ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔවුන් පවසන්නේ ‘මස්ටිසාදේ’ චිත්‍රපටයෙහි ඇතුළත් බොහොමයක් දර්ශන ඉන්දීය සංස්කෘතියට ඔරොත්තු නොදෙන බවයි. මේ චිත්‍රපටය රැඟුම් පාලක මණ්ඩලය දෙවරක් ම නැරඹුවද ප්‍රසිද්ධ මහජන ප්‍රදර්ශනයට අවසර ලබා දී නැහැ. චිත්‍රපටය තිරගත කිරීමට නියමිතව තිබුණේ පසුගිය මැයි පළමුවැනිදායි. තවමත් මේ සඳහා අවසරය ලබා දී නැහැ.

‍මේ නිසා ‘මස්ටිසාදේ’ චිත්‍රපටයේ නිෂ්පාදක ප්‍රිටිෂ් නැන්ඩි සහ අධ්‍යක්ෂ මිලාප් සංව්රි ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලයේ තීරණයට එරෙහිව අධිකරණයේ පිහිට පැතීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලයේ සාමාජිකයකු ප්‍රකාශ කර ඇත්තේ ‘මස්ටිසාදේ’ චිත්‍රපටයේ ඇතුළත් වන කතාව සහ දර්ශන ඉන්දියාව වැනි රටකට ‘සැර වැඩි’ බවයි. ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ චිත්‍රපට නිෂ්පාදකවරුයකු ලෙස නමක් දිනා සිටින පහ්ලාජ් නිහාලනියි. මේ චිත්‍රපට ‘තහනම’ ගැන මාධ්‍යවේදීන් ඔහුගෙන් කරුණු විමසා තිබුණා. ඒත් ඔහු කිසිවක් ප්‍රකාශ කර නැහැ.

සනී ලියොන් ගේ අනුරාගික රංගනය නිසා ‘සැර වැඩි වූ’ ‘මස්ටිසාදේ’ චිත්‍රපටය තහනමට ලක්වේවිද, නැතහොත් කපා කොටා තිරගත කිරීමට හැකිවේද යන්න දැන ගත හැක්කේ උසාවි තීන්දුවෙන් පසුවයි.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us