රස්නෙට කූල්

පසුගිය කාලයේ තිබූ දැඩි උණුසුම දකුණු අසියානු කලාපයේ මිනිසුන්ට දරාගන්න බැරි තරම් වුණා. ඒත් මේ රස්නෙ කාලයේදීත් කූල් එකේ හිටිය කෙනෙක් ගැන බොලිවුඩයෙන් දැන ගන්න ලැබුණා. ඇයට නම් දැඩි උණුසුම ප්‍රශ්නයක් වුණේ නැහැ කියලයි ආරංචි. බොලිවුඩ් යොවුන් නිළි ආලියා භාත් තමයි පසුගිය කාලයේ කූල් එකේ තමන්ගේ වැඩ කටයුතු සේරම සුපුරුදු පරිදි කරගෙන හිටියේ.

ඇය මේ දැඩි රස්නයෙන් බේරෙන්න අනුගමනය කළ දේ ගැන රසික රසිකාවන්ට කියන්නත් ඇය අමතක කළේ නැහැ. ආලියාගේ වයස දැන් අවුරුදු විසිදෙකක්. කොහොම නමුත් ඇය දවසට වතුර ලීටර් පහක් පානය කරන බව ආලියා පවසනවා. ඒවගේම වැඩියෙන් කන්නේ පළතුරුලු. ඒ වගේම තව තවත් නිරෝගි වෙන්න දෙහි වතුරත් පානය කරනවා කියලයි ආලිය කියන්නේ. තව තවත් ඇඟ කූල් කරන්න කිරි බොන්න කියලත් ඇය කියනවා. ඇත්තටම ආලියා වර්තමාන බොලිවුඩයේ සිටින සුරූපි රංගන තරුවක්. ඒ සුන්දරත්වය රකින රහස්වලින් ටිකක් තමයි ඇය මේ අයුරින් පැවසුවේ.

ආලියා පසුගිය දවසක ඇයගේ අම්මා සමඟින් වෙළෙඳ දැන්වීමකට පෙනී සිටියා. මුල්වරට තමයි මේ අම්මයි දුවයි වෙළෙඳ දැන්වීමකට දායක වෙලා තියෙන්නේ. ඇයගේ රංගනයෙන් ඔප වූ Shaandaar චිත්‍රපටය ලබන සැප්තැම්බර් මාසයේදී තිරගත වෙන්න නියමිතයි. එහි ආලියා සමඟින් ෂහීඩ් කපූර් රංගනයෙන් දායක වෙනවා. එයින් පසුව තිරගත වෙන්න නියමිත Udta Punjab  චිත්‍රපටයේදී ආලිය ෂහීඩ් සහ කරීනා සමඟින් චරිත නිරූපණය කරනවා. තවමත් නමක් යෝජනා වී නැති චිත්‍රපටයකත් ඇය රන්බීර් කපූර් සමඟින් රංගනයේ යෙදෙන්න නියමිතයි.