දුවගෙ නම්බර් ඩිස්කනෙක්ට්

පූජා උමාශංකර් මේ දිනවල නිර්මාණ කිහිපයකටම තම රංගන දායකත්වය සපයනවා. හරියට බැලුවොත් ඇය ලංකාවෙ නිළියකටත් වඩා කාර්ය බහුලයි. පූජා ගැන මොනවාහරි ලියන්න හිතුණ හින්දා ගත්තා පූජාගෙ පැරැණි අංකයට කෝල් එකක්. ප්‍රතිචාරයක් නැහැ. තවත් අංකයක් තිබුණා. ඒක වැඩ කරන්නෙ නැහැ. ඊළඟට හිතුණා පූජාගෙ අම්මට කතා කළොත් හොඳයි කියලා. ඇයගේ අංකයට ඩයල් කළා. ඒ දුරකථනය වැඩ.

හෙලෝ....

එහා අන්තයෙන් ඇය කතා කළා....

ආයුබෝවන් මේ සරසවිය පත්තරෙන් කතා කරන්නෙ.

ඔව් කියන්න.

පූජා ඉන්නවද?

පූජා නම් ෂූටිං. එයා පාන්දරම ගිහිල්ලා. මම ගෙදර ඉන්නෙ.

පූජාගෙ නම්බර්ස් එකක්වත් වැඩ කරන්නෙ නැහැනෙ.

ඔව් පුතා.... ඒවා ඩිස්කනෙක්ට් කරලා.

ඔබතුමිය කොහොමද එයාව කන්ටැක්ට් කරගන්නෙ.

මම වෙන කෙනෙක් හරහා තමයි එයාට කතා කරන්නෙ.

වෙන කෙනෙක් හරහා....?

ඔව්. පූජා දැන් ගොඩක් බිසී වෙලානෙ. මමත් සමහර දවස්වල එයාට කතා කරන්නෙ දුරකථනයෙන් විතරයි. උදෙන්ම යනවා රෑ වෙලා එනවා.

අපි කතා කළේ පූජා ගැන අම්මගෙන් වත් ගොසිප් එකක් දැන ගන්න. ඒත් වැඩේ හරිගියේ නැහැ. හැබැයි මේ කතාව ගොසිප් එකකටත් වැඩිය මරු. එයා ගෙදර හිටියට පූජාට අම්මා කතා කරන්නෙත් ෆෝන් එකෙන්. පූජාට ඉතින් මේ වගේ අම්මා කෙනෙක් ලැබිලා ඉන්න හින්දම හොඳයි.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us