තමන්ගේ දරුවන්ගේ හුරතල් ගැන කතා කිරීමට බොහෝ දෙමාපියෝ අභිරුචියක් දක්වති. එහෙත් අප වැඩ කළ කාර්යාලයක සිටි මිත්‍රයකු ඔහුගේ පොඩි පුතාගේ හපන්කමක් ගැන අපට විස්තර කළේ එතරම් අභිරුචියකින් නොවේ.
"බලන්නකෝ ඊයේ අපේ පොඩි එකා මට කළ දේ. මම දවාලට කාලා පත්තරය බලමින් සිටිනවිට පොඩි එකා කොහෙන්දෝ අඬු මිටියක් ගෙනැත් මටගේ දණ පොළොත්තට දීල ඇද්දෙ නැතැයි? මට ඇති වුණු වේදනාවත් එක්කම වෙච්ච දේ..... දැන් කියන්නත් බෑ
"ඒ මොකක්ද?"
"මට තවමත් අඩිය තියන්න බෑ. තෙල් වගයක් ගාලා ඊයෙම පත්තුවක් බැන්දා."
"කවුද නෝන ද පත්තුව බැන්දේ?"
"නෝනා? මොකක්ද දන්නවද නෝනා කිව් කතාව. මට මේ තරු පෙනිලා මම ඉන්නවා. එයා කියනවා "පුතා කවදාහරි ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන පාටයි කියලා" මිත්‍රයා තරහෙන් කීය.
--------------
රූපයට ආශා වී කසාද බැන්දත් සමහර තරුණියන්ගේ කටේ "සැර" දැනෙන විට සමහර මිනිසුන් තමන් කරගත් මෝඩකම ගැන නිතර සිතන බව මුදලාලි කෙනෙක් මා සමඟ කීය.
"ඒ කතාව කියන්න හිතුණෙ මොකද? යි මම මුදලාලිගෙන් ඇසීමි."
"නෑ මහත්තයා, මුදලාලි හේතුව පැහැදිලි කරන්නට පටන් ගත්තේය."
"තරුණ ජෝඩුවක් අපේ ගෙදරින් කොටසක් කුලියට අරගෙන ඉන්නවා. ඒ ගෑනි දවල් තිස්සෙම දොඩවන මැෂිමක් වගෙයි. මිනිහට වචනයක් කියන්න කට හොල්ලන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මහත්තයාගෙ වැඩේ රෑට නිදාගන්න ගියහම හීනෙන් දොඩවන එකයි. නෝනා නැගිටලා කෑ ගහනවා "මොකද මේ හීනෙන් දොඩවන්නේ? කියලා."
"ඉතින් මහත්තයා උත්තර දෙනවා "ඔයා මම අවදියෙන් ඉන්දෙද්දී වචනයක්වත් කතා කරන්න දෙන්න නෑ නොවැ. ඉතින් ඇයි මට හීනෙන් කතා කරන්නත් බැරිද? කියලා.
---------------
නත්තල් උත්සව කාලයක මහත්මයෙක් දවසක් උදෙන් නත්තල් සීයා මෙන් හැඳගෙන තම කුඩා පුත්‍රයා නිදන ඇඳ ළඟට ගොස් සෙල්ලම් බඩු වගයක් දැමූ මේස් දෙකක් ඇඳට ඉහළින් එල්ලමින් සිටියේය. ළමයා මේ අවස්ථාවේ නින්දෙන් ඇහැ ඇරී ඇඳෙන් බැස අම්මා වෙතට ගොස් මෙසේ කීය.
"අම්මා, තාත්තා පිස්සන් කොටුවට යෑව්වොත් හොඳයි. තාත්තා හිතාගෙන ඉන්නේ තාත්තා නත්තල් සීයා කියලා."
-----------------
තද සුළං හැමූ ඒ වේලාවේ ගාලු මුවදොර පිට්ටනිය අසල පාරේ ගමන් කළ ඉතා මහත මිටි මහත්මයකුගේ හිස් වැස්ම සුළඟේ ගිය විට මහත්මයා හිස් වැස්ම අහුලා ගන්නට ඒ පස්සෙන් දිව්වේය. සුළඟට අසු වූ තොප්පිය තව තවත් ඉදිරියට ගියේ ඒ මේ අත කැරකෙමිනි. විශාල බඩක් ද සහිත ඒ මහතා තව තවත් වේගයෙන් තොප්පිය පස්සේ බෝලයක් මෙන් දුවන්නට විය. ගාලු මුවදොර පිට්ටනියේ සිටි සියල්ලන්ටම මෙය දැක හිනා නොවී සිටිය නොහැකි විය.
මිනිසා සිනා වෙන්නට පටන් ගත්තේ අනුන්ට විපතක් සිදුවන විට යෑයි සිග්මන්ඩ් ප්‍රොයිඩ් කියා තිබිණි. අනුන්ගේ විපතකදී තරම් අන් කිසි අවස්ථාවකදී මිනිසුන් සිනා නොවන බව කවදත් පිළිගත් මතයෙකි.
------------
එක්තරා වෙන්දේසියකට ගිරවෙක්ද ඉදිරිපත් කර තිබුණි. වෙන්දේසිය අවසන් වූ පසු ගිරවාගේ ගැනුම්කරු "මෙම ගිරවාට කතා කරන්න පුළුවන්දැයි වෙන්දේසිකරුගෙන් විමසීය.
"ඇත්තටම පුළුවන් ඔය මහත්තය මේ පැත්තෙන් ගිරවට ගාන කියලා ඉල්ලන කොට, ඔයාගෙ අනෙක් පැත්තෙන් ඉඳගෙන කේවල් කර කර ඉල්ලුවෙ ඔය ගිරවම තමයි.
වෙන්දේසිකරු පිළිතුරු දුන්නේය.
--------
බල්ලෙක් මිලට ගැනීමට පැමිණි අයෙක් මේ බල්ලා ස්වාමියාට විශ්වාසවන්ත සතෙක්ද? යනුවෙන් බල්ලාගේ අයිතිකරුගෙන් ඇසුවේය.
"ඔහේ පිස්සු කතාකරනවද? ඌ කොයිතරම් විශ්වාසවන්තද කියනව නම් මම මීට ඉස්සර තුන්වතාවක්ම ඌ විකුණුවා ඒ තුන් වතාවේම ඌ ආපසු මා සොයාගෙන ආවා" අයිතිකරු මඳ සිනහවක් පාමින් කියාගෙන ගියේය.
------------
ගුරුතුමා( ඔබ දාගෙන ඉන්නෙ අරුම පුදුම මේස් කුට්ටමක්නෙ. එකක් කොළ පාටයි. අනෙක රතු තිත් සහිත නිල් පාටක්.
රවි( ඔව්. ඇත්තටම ඒක පුදුම තමයි. මේ වගෙම තවත් ජෝඩුවක් ගෙදර තියෙනවාෘ
විජයානන්ද