මඤ්ඤොක්‌කා කෑවා කියා පිළිකා හැදෙන්නේ නෑ

මඤ්ඤොක්‌කා කෑමෙන් පිළිකා හෝ වෙනත් රෝගයක්‌ ඇතිවන්නේ නෑ. පිළිකා රෝගීනට මෙය දිව්‍ය ඔසුවක්‌. මෑතදී කළ පරීක්‍ෂණවලින් මෙන්ම අත්හදාබැලීම්වලදී පෙනී යන්නේ මඤ්ඤොක්‌කා කෑම නිසා පිළිකා සෑදී සිටි රෝගීන් නිරෝගී තත්ත්වයට පත්වූ බවයි. එපමණක්‌ නොව මඤ්ඤොක්‌කා දලු මැල්ලුම ඉතාම ඖෂධීය ආහාරයක්‌. සතියකට වරක්‌ නොව දිනපතා කෑමත් ඉතාම ගුණදායකයි.

මඤ්ඤොක්‌කා කෑමෙන් පිළිකා හැදීමේ අවදානමක්‌ ඇති බවට පැතිර ගිය කතා සම්බන්ධයෙන් අවධානය යොමු කළ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසූරිය මහතා මේ අදහස්‌ පළ කළේය.

කිරිඳිවැල මඤ්ඤොක්‌කා වගාකරුවන්ගේ සංගමය විසින් කිරිඳිවැල විලේ- හෝටලයේ පැවැත්වූ විශේෂ වැඩමුළුවකට එක්‌වෙමින් වෛද්‍ය චන්න ජයසූරිය මහතා මෙම අදහස්‌ දැක්‌වීය.

අධික රුධිර පීඩනය මර්දනය කිරීමට මඤ්ඤොක්‌කා දළු මැල්ලුම ඉතා හොඳයි. මේවා කෑම අහිතකර නෑ. මේ සමග කලු හීනටි දේශීය හාල් වර්ගය අනුභව කරනවා නම් බොහොම හොඳයි. එමෙන්ම තල, මුරුංගා, කොමඩු ඇට සහිතව ආහාරයට ගන්නවා නම් ඉතාම ගුණදායකයි.

අද අපි ආහාරයට ගන්නා එළවළු බොහෝමයක්‌ කෘමිනාශකවලට ලක්‌වීම නිසා ඉතාම නරක තත්ත්වයන් උදාවෙලා තියෙනවා. මඤ්ඤොක්‌කා වගාවටත් වල්පැල නැසීමට කෘෂි රසායන යොදනවා. මඤ්ඤොක්‌කා අල ගැලවීමට පහසුවීමට කෘෂිරසායන යොදනවා. අන්න ඒ නිසයි වැරදි වැටහීමක්‌ ජනතාව අතර ඇති වුණේ. එසේ නොකර කරන මඤ්ඤොක්‌කා වගාවල අල ඉතාම ගුණදාකයි. අද ඉතා පහසුවට අපි ගන්නා ආහාර වේලක්‌ ''රයිස්‌'' කියා කියන්නේ. නමුත් එයට යොදන රසකාරක නිසා අත්වන ඉරණම කනගාටුදායකයි.

අද දිනෙන් දින රට වටා වකුගඩු රෝගී තත්ත්වය උත්සන්න වෙලා. මේ සියල්ලටම හේතුවී ඇත්තේ ආනයනික කෘෂි රසායනික වර්ග බෝගවලට යෙදීමයි. වෛද්‍ය ග්‍රේෂන් පෙරේරා, වයි. ජී. සෙනෙවිරත්න, ප්‍රියන්ජලී මහත්මිය, ශාන්ත විෙ-සිංහ යන මහත්වරු කතා කළහ.

ඉතාම පැරණි මඤ්ඤොක්‌කා වගාකරුවන් කීපදෙනකුටම කුසලාන පිරිනැමීමද මෙම අවස්‌ථාවේදී වෛද්‍ය චන්න ජයසූරිය මහතා විසින් සිදුකරන ලදී. 

වෛද්‍ය චන්න ජයසූරිය

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us