කාන්තා දේහ ලක්ෂණ සහ පුරුෂ දේහ ලක්ෂණ විග්‍රහය


කාන්තාවකගේ කේෂ කලාපය මධ්‍යම ප්‍රමාණයෙන් යුතුව තිබියදී කෙස් අග රැලි සහිතවීනම් එම කාන්තාව ඉතා වාසනාවන්තියක් වන්නේය.ඇතෙකුගේ සොඩය නැමී ඇති ආකාරයෙන් කේෂ කලාපයේ අග කොටස නැමී ඇතිනම් පුණ්‍යවන්තියක් වන්නේය.පෙර කරනලද කුසල් සහිත කාන්තාවකි.ඉතා විශාල වූ කේෂ කලාපයක් සහිත කාන්තාව ඊර්ෂියා සහිත සහ රාගාධික තැනැත්තියක් වන බවද පොතපතෙහි සදහන්වී ඇත.ඉතා කුඩා ප්‍රමාණයට කොන්ඩය පිහිටීමද අයහපත් ලෙසත් සදහන්වේ.


කාන්තාවකගේ නළල උස්ව පිහිටයි නම් සම්පත් ලැබීමේ වාසනාවන්තියක් වන්නේය.නළල් තලය දිගුව පිහිටයි නම් සැමියාටත් සැමියාගේ සහොදරයන්ටත් අපල ඇතිකරන්නියක් වන්නේය.අඩ සදක්මෙන් පිහිටා ඇත්නම් ධනය බලය උරුම කරගන්නා අතරම එම වාසනා ගුණය සිය ස්වාමියාටද පිරිනමන්ණියක් වන්නේය.නලලේ කෙලවර දෙකෙහි වලගැසීම් සහිත නම් වංක ගති සහිත තැනැත්තියක් වන්නේය.නළල උඩ සහ යට මසින්පිරී ඇතිනම් ඇය යම් යම් කටයුතු පිලිබදව මනා අවබෝදයකින් සහ වැටහීමකින් යුතුව ඕනෑම අවස්තාවකදී සිය බුද්ධිය පෙරදැරිව කටයුතු කරන කාන්තාවක් වන්නේය.



යම් කාන්තාවකගේ ඇස්බැම ඇද සහිතව , රලුවූ රෝමයන්ගෙන්ද , දබැම එකට හාවීමෙන් යුතුවද ,පිහිටා ඇත්නම් ගුණධර්මයෙන් හීනවූ රාගාධික සිත් ඇති , ඊර්ශියාව වැනි අයහපත් සිතුවිලි සහිත කාන්තාවකි.අවාසනාව පිරි ජීවිතයක් හිමි කාන්තාවකි.යම් කාන්තාවකගේ දබැම සමව පිහිටා මෘදු වූ රෝම සහිතව පිහිටා ඇත්නම් ඉතා වාසනාවන්තියක් වන්නේය.ධනය සැපය ලබනු ඇත.වාසනාවන්ත විවාහ දිවියක් හිමිවේ.



යම් ස්ත්‍රියකගේ වටකුරුවූ නීල පැහැයෙන් යුතුව ඇස් පිහිටා ඇත්නම්,ඇය තම කුල පරම්පරාවේ ගෞරවය ආරක්ෂා කරමින් කටයුතු කරන අතරම තමා සතු සියලු ශක්තිය යොදවා සිය ස්වාමියාගේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා ඇත.එමෙන්ම ගුණවන්තියක් වන්නේය.සමාජයේ ගෞරවය ලක්වන්නේය.ඇස් ගිලුනා වැනි ස්වබාවයෙන් යුතුව ඇත්නම් දිවා රාත්‍රි දකෙහිම් රාගයෙම් මත්ව කටයුතු කරන්නියකවේ.නපුරු සිතින් යුතුව කටයුතු කරයි.දිගු වූ නීල වර්ණයෙන් යුතු ඇස් පිහිටා ඇති කාන්තාව වාසනාවන්තියක් වන්නේය.එමෙන්ම වම් ඇසෙහි කිසියම් වපර ගතියක් පිහිටා ඇත්නම් එම කාන්තාව මදසරුබාවයෙන් යුතු වන්නේය.දකුණු ඇසෙහි වපර ගතියක් පිහිටා ඇත්නම් ඇය පරපුරුෂ සේවනය කෙරෙහි සිත් ඇත්තියක් වන්නේය.දෙඇසම වපර ගතියෙන් යුතු කාන්තාව ලෝබ කමින් කාලය ගතකරයි.නමුත් ගනුදෙණු ආදියේදී සැමට සාදාරනව කටයුතු කරන්නියක් වේ.



යම් කාන්තාවකගේ දත් මදක් රත්පැහැයෙන් යුතුව කුඩාවට පිහිටා ඇත්නම්,ඇය තම අරමුණු කුමන ආකාරයකින් හෝ ඉෂ්ටකරගැනීමට කටයුතු කරන්නියකි.විෂාලව දත් පිහිටා ඇත්නම් උත්සහයෙන් යුතුව කටයුතු කරන්නියක් වේ.අදුරු පැහැයෙන් යුතුව පිලිවලක් නැති දත් පිහිටා ඇති කාන්තාව දුක උරුමයක් වශයෙන් පවත්වාගෙන එන්නියක්වේ.උඩ සහ යට ඇදිවල කුඩා ප්‍රමාණයෙන් යුතු දත් පිලිවෙලට පිහිටා ඇතිනම් ඉතා වාසනාවන්තියක් වන්නේය.බොල්ලෑ දත් පිහිටා ඇත්නම්,කෘර ගති සිරිත් පිහිටා ඇති කාන්තාවකි.



යම් ස්ත්‍රියකගේ විශාල ප්‍රමානයේ තොල් පිහිටා ඇත්නම් ඇය ඕනෑම මොහොතක කෝපයට පත්වන මෝඩගති සහ අස්තිර ගති ස්වබාවයෙන් යුතු තැනැත්තියක් වන්නේය.කුඩා වූ තොල් පිහිටා ඇත්නම් කරුණා ගුනයෙන් යුතු ජීවිතයේ සැප සතුට උරුම කාන්තාවකි.රක්ත වර්ණයෙන් නිසි ප්‍රමාණයෙන් වැඩී ඇති තොල් පිහිටා ඇති වනිතාව වාසනා ගුණයෙන් යුතු රාගාධික තැනැත්තියකි.සුදු කඹර ආකාරයට ලප පිහිටා ඇත්නම්,ඇය රෝගී තත්වයකින් පෙළෙන,දිළිදු තැනැත්තියක් වන්නේය.උඩු තොලේ රැවුලක් ආකාරයෙන් රෝම පිහිටා ඇත්නම් වැන්දඹු වන්නේය.ධනය ඇතත් ක්‍රමයෙන් දිළිදු බවට පත්වේ.



යම් කාන්තාවකගේ දිව රක්ත වර්ණයෙන් යුතු නම් උතුම් ගුණයෙන් යුතු කාන්තාවක් වන්නේය.දුර්වර්ණ දිව පිහිටා ඇත්නම් අවාසනාවද,වැන්දඹු බවද ඇතිවේ.සුදුමැලිව පිහිටා දිව පිහිටා ඇති කාන්තාව කේලම් ඕපාදූප කීමෙහි දක්ෂ,අධම ගතියෙන් යුතු තැනැත්තියක් වන්නේය.



යම් කාන්තාවකගේ මුඛය විශාලව පිහිටා ඇතිනම්,ඇය උදාර වචන භාවිතා කරන්නියක් වන්නේය.පළල් වූ මුඛය පිහිටා ඇත්නම් අනෙකාට ප්‍රිය උපදවන ආකාරයේ වචන භාවිතා කරන්නියක් වේ.යම් කාන්තාවකගේ කුඩා ප්‍රමාණයේ මුඛය පිහිටා ඇත්නම් මුසා බස් , ප්‍රලාප භාවිතා කරන තැනැත්තියක් වන්නේය.කතාකරන විට මුඛයෙන් දුර්ගන්ධයක් ඇතිවන්නේ නම් මායා ප්‍රයෝග භාවිතා කරන රැවටිලි ඇතිකරන තැනැත්තියක් වන්නේය.



යම් කාන්තාවකගේ නිකට වටකුරුව පිහිටා ඇත්නම් ඇය තීක්ෂණ බුද්ධියෙන් යුතුව කටයුතු කරන,අවංක ගතිගුණ ඇත්තියක්වේ.පැතලි වූ නිකට පිහිටා ඇත්නම් බුද්ධියෙන් තොරව කටයුතු කරන්නියක් වන්නේය.උල්ව ඉදිරියට නෙරා ඇති නිකට පිහිටා ඇති කාන්තාව ප්‍රිය උපදවන කතා පවසන අන් අයගේ සිත්දිනා ගන්නා තැනැත්තියක්වේ.නමුත් කපටි ගතිගුණද පවතී.



යම් ස්ත්‍රියකගේ මුහුණ මනාලෙස වැඩී වටකුරුව පිහිටා ඇත්නම් කරුණාව දයාව,මිනිස් කමින් යුතුව කටයුතු කරනවා මෙන්ම අන් අයටද එම ගුණයෙන් කටයුතු කරනවා ඇත.කෙළි දෙලෙන් කටයුතු කරයි.එමෙන්ම යම් ස්ත්‍රියකගේ මුහුණ ඉතා අලංකාරයෙන් සහ දුටු දුටුවන් වසගවන ආකාරයෙන් පිහිටා ඇත්නම්,උත්සහයෙන් කටයුතු කරන,වික්‍රමාන්විත කටයුතු සදහා වැඩි ඇල්මක් දක්වන,තම අරමුණු කෙසේ හෝ ඉටුකරගන්නා තැනැත්තියක් වන්නේය.එමෙන්ම රළු ගතියෙන් යුතුව සහ කෙට්ටු වූ ආකාරයෙන් යුතුව කාන්තාවකගේ මුහුණ සැකසී ඇත්නම්,ඇය රාගාධිකව කටයුතු කරන,වංචා ගතිගුණයෙන් යුතු තැනැත්තියක් වන්නේය.



යම් කාන්තාවකගේ බෙල්ල සිහින්ව දිගටිව පිහිටා ඇත්නම් ඇය දුක උරුම ධනය හීන තැනැත්තියක් වන්නේය.එමෙන්ම ඉතා කොටට බෙල්ල පිහිටා ඇත්නම් මෙහෙකාරියක් ලෙසින් කටයුතු කිරීමට සිදුවනවා ඇත.මහත් වූ බෙල්ල පිහිටා ඇති කාන්තාව පලමුකොට තම ස්වාමියාගේ යහපතම වෙනුවෙන් කටයුතුකර අවසානයේ එම කටයුතු අතහැර දමා ස්වාමියාගේ අයහපත වෙනුවෙන් කටයුතු කරන කාන්තාවක් වන්නේය.කාන්තාවකගේ බෙල්ල සමව මනාසේ පිහිටා ඇත්නම් වාසනාවන්තියක් වන්නේය.ගුණ වන්තියක් වන්නේය.කිසියම් දුකක් කණගාටුවක් ඇතිවූවත් එය සගවාගෙන කටයුතු කරන්නියක්වේ.සැමියාගේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා ඇත.සම්පත් ලැබීමටත් වාසනාවන්ත දරුවන් ලැබීමටත් පිං ඇත්තියක් වන්නේය.



යම් කාන්තාවකගේ දෙවුර ඉදිරියට නෙරා ඇත්නම් වාසනාවන්ත දරුවන් ලබනාවා මෙන්ම දරුවන්ගෙන් සම්පත් ලබනවාද ඇත.සිහින් වූ කොට උරහිස් පිහිටියේ නම් සැප සම්පත ලබනවා ඇත.මහත්ව වටකුරුවූ උරහිස් පිහිටියේ නම් රාගයෙන් මත්වූ තැනැත්තියක වන්නේය.උරහිස් සමව පිහිටා තරමක් පහලට නැමී ඇතිනම්,ධනය සැපය ලබන පූර්ව පෙරපිං මහිමය ඇති තැනැත්තියක් වන්නේය.ඉතා උස් වූ මස් රහිත  රෝම සහිතව උරහිස් පිහිටා ඇත්නම් වැන්දඹුවේ.දකුණු උරයේ ලපයක් හෝ ඉන්නෙක් පිහිටා ඇත්නම් උපන් බිම හැරයයි.අනුන්ගේ තොරතුරු දැනගැනීමේ ආසාවෙන් පසුවේ,දරුවන් සමග සැපසේ වාසය කරයි.වම් උරයේ ලපයක් හෝ ඉන්නෙකු පිහිටා ඇත්නම් දඹර කරන ස්වබාවයද හිතුවක්කාර ගතිද ප්‍රකට කරයි.



යම් කාන්තාවකගේ රෝම සහිත වූ කෙටි අත් පිහිටා ඇත්නම් ස්වාමියාට විපත් ඇතිකරයි.මසින් හීන වූ දිගු අත් පිහිටියේ නම් කර්මාන්තයේ දක්ෂවේ.රක්ත වර්ණ වූ රෝම රහිත දිගු අත් පිහිටියේ නම් වාසනාවන්තියක් වන්නේය.රාගාධිකවේ.සැමට කරනාව දයාව දක්වයි.සියල්ලන්ගේම සිත් දිනාගනිමින් සතුටින් කාලය ගතකරයි.මැණික් කටුව ප්‍රදේශය මසින් පිරී ඇතිනම් ධනය සමග වාසනාව ලබනු ඇත.යම් කාන්තාවකගේ බාහුවේ ඉන්නෙක් හෝ ලපයක් පිහිටා ඇත්නම් උපන් වයසින් හතලිස් වන වසර එලබීමෙදී මාරක අපල ඇතිවන බවද සදහන් වේ.



යම් කාන්තාවකගේ පපුවේ ඉහල කොටස රෝමයන් සහිතව මසින් නොපිරී කෙසගව පිහිටයි නම්,ධනය,සැපය අහිමි ඇත්තියක් වන්නේය.පරපුරුෂ සේවනයේ යෙදේ.අවාසනාවන්තියක් වනවා ඇත.යම් කාන්තාවකගේ පපුවේ ඉහල ප්‍රදේෂය මනාලෙස මසින් පිරී ඇතිනම්,රෝම කූපයන්ගෙන් තොරව සියුමැලිව පිහිටා ඇත්නම්,ස්වාමියාට එකගව කටයුතු කරන,ධන සම්පත් ලබමින් දරු දැරියන් සමග සතුටින් යුතුව කාලය ගතකරන තැනැත්තියක් වන්නේය.











Horoscope reading in Sri Lanka, Online horoscope reading by www.hadahanalanka.tk, Astrology in Sri Lanka.Hadahana lanka Astrological Magazine News lanka Magazine,Astrology Features,Sinhala Jothisha Lipi,Largest Astrology Article Collection in Srilanka : Astrological Services in Srilanka