මේ හේතුව නිසා කොතරම් වංචාවන්ට හසුවුවද කොතරම් කරදර හිරිහැර සිදුවුවද සාමාන්‍ය ජනතාව කේන්දර ශාස්තර හා දෙවියන්ගේ පිහිට පතා යන ගමන නතර වන්නේ නැති අතර එය නතර කිරීමටද කිසිවකුට නොහැකිවනු ඇත.
ජ්‍යෙdතිෂයේ නාමයෙන් කෙරෙන වංචනික ක්‍රියාවන් කරගෙන යැමට බොහෝ දෙනාට හැකියාව ලැබී තිබෙන්නේ ජ්‍යෙdතිෂය යනු කුමක්දැයි සාමාන්‍ය ජනතාව හරිහැටි නොදන්නා බැවිනි. ඒ පිළිබඳව සැබෑ අවබෝධයක් ජනතාවට ලබාදීම ඔවුන් මේ ආපදාවෙන් ගලවා ගැනීමට කළ හැකි මහඟු සේවයක් වනවා ඇත.
වර්තමානයේ ජ්‍යෙdතිෂය අතිශයින්ම නවීකරණයට ලක්වෙමින් පවතින විෂයයකි. පරිගණක වැනි නව තාක්ෂණික උපකරණ යොදා ගනිමින් වායු සමීකරණය කළ විසිතුරු කාර්යාල තුළ කෙරෙන කේන්ද්‍ර බැලීමේ කටයුතුවලට ප්රමුඛස්ථානයක් ලැබෙමින් තිබේ. බාහිර ඔපය කෙතරම් වැඩි කළ ද සලසන සේවයේ ගුණාත්මක බව පහළ මට්ටමක පවතී නම් එයින් සැලසෙන සෙතක් නැත. සත්‍ය හා නිවැරැදි පලාපල කිව නොහැකි තැන ජ්‍යෙdතිෂය මිත්‍යාවක් හා රැවටිල්ලක් බවට පත්වේ.
ජ්‍යෙdතිෂය තුළින් බලාපොරොත්තු වන මූලිකම පරමාර්ථය අනාගතයේ සිදුවිය හැකි දේ කල් තියා දැන ගෙන එයට සාර්ථකව මුහුණදීමට සූදානම් වීමයි. එසේ කළ හැකි නම් කිසිම කෙනකුගේ ජීවිතය විපතට ආපදාවට හෝ කරදරයට පත්වන්නේ නැත. හැම කෙනකුටම තමාගේ ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබේ. මෙය කළ හැකි වෙනත් කිසිම විද්‍යාවක් හෝ ශාස්ත්‍රයක් මිනිසා සතුව නොමැති බැවින් ජ්‍යෙdතිෂයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.
ජ්‍යෙdතිෂය සාමාන්‍ය විද්‍යාවක් නොවේ. එය ගුප්ත විද්‍යාවකි. එහි පදනමේ සිට සමස්ත අන්තර්ගතයම තර්කයෙන් හෝ පරීක්ෂණවලින් ඔප්පු කළ නොහැකි කරුණුවලින් පිරී පවතී. එහි පදනම රාශි හා නැකැත් චක්‍රය මෙන්ම නවග්‍රහයන් මත ගොඩනැඟී ඇත. එහෙත් එය නූතන තාරකා විද්‍යාව සමඟ ගැලපෙන්නේ ඉතා සුළු වශයෙනි.
තාරකා විද්‍යාවට අනුව සූර්යයා වටා පෘථිවිය හා අනෙකුත් ග්‍රහයෝ ගමන් කරති. ජ්‍යෙdතිෂයට අනුව මේ සියලු ග්‍රහයෝa පුද්ගලයකුගේ ජන්ම කේන්ද්‍රය වටා ගමන් කරති. මෙම ග්‍රහ ගමන හා උපදින විට කේන්ද්‍රයේ ග්‍රහයන් පිහිටි ආකාරය අනුව පුද්ගලයාගේ ජීවන තොරතුරු ජ්‍යෙdතිෂයෙන් ප්‍රකාශ වේ. තාරකා විද්‍යාව මෙය පිළිගන්නේ නැත. ග්‍රහ වස්තූන්ගේ කිරණවලට එවැනි දේ කළ නොහැකි බව තාරකා විද්‍යාව පවසයි.
එසේ වුවද ජ්‍යෙdතිෂය ගහකොළ මිනිසා හා සතුන් කෙරෙහි විවිධ වූ කිරණ පද්ධතිවල ගුප්ත බලපෑමක් තිබෙන බව පිළිගෙන තිබේ. ජ්‍යෙdතිෂයේ පදනම එයයි. එය ගුප්ත සම්බන්ධතාවක් බැවින් තාරකා විද්‍යාවට සම්බන්ධ කිරීම පහසු නැත.
අපි ගුප්ත විද්‍යාවන් ලෙස හඳුන්වන යන්ත්‍ර මන්ත්‍ර දෙවියන් භූතයන් වැනි කරුණු තර්කයෙන් හෝ පර්යේෂණ මගින් ඔප්පු කළ නොහැක. එසේ වුවද ඒවා සත්‍ය හෝ අසත්‍ය යෑයි නිගමනය කිරීමේ හැකියාවද නැත. ගුප්ත විද්‍යාවන්ගේ සත්‍යය විමසිය යුත්තේ ප්රත්යක්ෂය මගිනි. ලොව ඇති බොහෝ විද්‍යාවන් හා ආගම් තුළ ගුප්ත වූ කරුණු රාශියක් අන්තර්ගත වුවද ඒවා පිළිබඳ වාද කිරීම නිශ්ඵල කරුණකි. කළ යුත්තේ එහි ඇති යහපත් ප්‍රතිඵල ලබා ගැනීම පමණි.
ජ්‍යෙdතිෂය රාශි චක්‍රය හා නවග්‍රහයන්ට ජීවමය ස්වරූපයක් ලබාදෙයි. නවග්‍රහයන් දෙවියන් ලෙසට සලකා ඇති අතර රාශි චක්‍රයට සංකේත ආරෝපනය කර ඇත. නැකැත්වලට ද දිව්‍යමය ස්වරූපයක් දී තිබේ. රවි ග්‍රහයා පිලිබඳ වූ මේ කවිය බලන්න
ඉඳුරු දික්පති සහස බරණැති රක්තවන් හිමි වූ නිමල් මියුරු බොජුනට කොකුම් සහ බත් මෙන්ම ගත යුතු පත් ඉඹුල්
සොඳුරු වන් ඇති පියුම්රාමිනි තමන්ටම හිමි රත්න ගල් නපුරු උවදුරු දුරුර දිවයුරු පැහැර සලසන් සුබ මඟුල්
රවි ග්‍රහයා පිළිබඳ සකු බසින් මෙසේ විස්තර කර ඇත.
ජගත්නාථෝ රවිJදුක්ෂඃ - කාලාත්මා කාෂ්යාපත්මජඃ
භූතාශ්රයෝ ග්රහපතිඃ සර්ව ලෝක නමස්කෘතඃ
ජගත් කත_D ජගත් ශාක්ෂි ශනේශ්වර පිතාජයඃ
සහශ්රරශ්මි සතරණී භාග_වාන් භක්ත වත්සලඃ
විව්සවනාදි දේවශ්ව දේව දේවෝ දිවාකරඃ
මෙම ශ්ලෝකවලින් රවි ග්‍රහයා දේවත්වයට පත්කර ඇති අයුරු මනාව පැහැදිලි වේ. මේ අයුරින් සියලුම ග්‍රහයන්ට දිව්‍ය ස්වරූපයක් ලබා දෙන අතර ඒ ඒ ග්‍රහයන්ගේ අධිපතිතාවයන් ද දක්වා ඇත. මේ රවි පිළිබඳ වූ කවියකි.
"පියට ගින්නට කාන්දම් සත් ගුනට වාපිත් කෝප දෙවොලට
සිරුර වැඩුමට උස්ස ගතියට මෙරට රජුනට රුවැති තරුණට"
මේ ආකාරයට විශාල වශයෙන් විස්තර ජ්‍යෙdතිෂයේ දැක්වේ. මෙම ගුප්ත හා දිව්‍යමය ශක්තීන් කෙරෙහි විශ්වාසය නොතබා ජ්‍යෙdතිෂවේදියකුට ඉදිරියට යාමට නොහැක. ඔහු ඒ වෙනුවෙන් කැපවිය යුතු අතර අධ්‍යාත්මික වශයෙන් මෙකී දිව්‍යත්වයට ඇතුළු විය යුතුය. ඒ තුළින් ලබන දිව්‍යමය සමාධි බලය තුළ පිහිටා ස්වකීය දැනුම මෙහෙයවිය යුතුය. එවිට ඔහුට දිව්‍යමය අනාවරණය කිරීමේ හැකියාව හෙවත් විශිෂ්ට ලෙස අනාවැකි කීමේ හැකියාව ලැබේ. ඒ තුළ තණ්හාව කෑදරකම මුදල් ලෝභය තබාගත නොහැකි අතර ඔහු අඩක් දෙවියකු බවට පත්වේ. එහෙත් ඔහුටද යම් යම් සාධාරණ ගෙවීමක් ලබා ගැනීමේ අයිතිය දෙවියන් හා රුසිවරුන් විසින්ද ලබාදී ඇත. එහෙත් ඒ ගසා කෑමට නොවේ. මෑත යුගයේ නොස්ට්‍රඩාමුස් වැනි විශ්මිත අනාවැකි පවසන්නකු වීමට නම් ජ්‍යෙdතිෂයේ මෙම ගුප්ත සමාධියට ජ්‍යෙdතිෂවේදියා සමවැදිය යුතුය.
ප්‍රවීණ ජ්‍යෙdතිෂවේදී පී. සී. පතිරණ
පනාගොඩ,
