විවාහ නැකතට බලපාන අසුබ පිහිටීම්

සම්මත චාරිත්‍ර අනුව අලුත් ජීවිතයක්‌ අරඹනු පිණිස දෙදෙනකු සඳහා විවාහ නැකැත් සාදන විට බැලිය යුතු කරුණු රාශියක්‌ ඇතත් අද මේ ලිපියට හසුකර ගනු ලබන්නේ කුමරියගේත් කුමරාගේත් කේන්ද්‍රවලට නොගැලපෙන අශුභ කාලයන් පළමුව තීරණය කළයුතු ආකාරය පිළිබඳ රීතීන්ය.

මහ දශා - අතුරු දශා

කුමරියත් කුමරාත් විවාහ වන කාලයෙහි ඔවුන් දෙදෙනා ගත කරමින් සිටින මහ දශා හා අතුරු දශා අධිපතියන් ඔවුනොවුන් සතුරු ග්‍රහයන් වුවහොත් විවාහයෙන් පසු දෙදෙනාගේ හිතවත්කම් කැඩී බිඳී යයි. ස්‌ත්‍රී පුරුෂ කේන්ද්‍ර දෙකෙහි ලග්නාධිපතියන් දෙදෙනා සම සප්තවම සිටින කාලයෙහි විවාහ වූ විට දෙදෙනාගේ සම්බන්ධය වැඩිකල් පවතින්නේ නැත.

සත්වැන්න අධිපතියන්

ස්‌ත්‍රී පුරුෂ කේන්ද්‍ර දෙකෙහි සත්වැන්න අධිපතියන් දෙදෙනා සම සප්තවම ගමන් කරන කාලයෙහි විවාහ වූ විටද දෙදෙනාගේ සම්බන්ධය ඉක්‌මනින් කැඩීයයි.

රවි සඳු

ස්‌ත්‍රී කේන්ද්‍රයෙහි රවි සිටි රාශියට සත්වැනි රාශියෙහි සඳු ගමන් කරන කාලයෙහිද පුරුෂ කේන්ද්‍රයෙහි සඳු සිටි රාශියෙන් සත්වැනි රාශියෙහි රවි ගමන් කරන විටද විවාහයට ඉතා අශුභය. හිතවත්කම් බිඳී යයි.

කුජ ශුක්‍ර

ස්‌ත්‍රී කේන්ද්‍රයෙහි කුජ සිටි රාශියෙන් සම සප්තවම ශුක්‍ර සත්වැනි රාශියෙහි ගමන් කරන කාලයද පුරුෂ කේන්ද්‍රයෙහි කුජ සිටි රාශියෙන් හත්වැනි රාශියෙහි සිකුරු සිටින කාලයද විවාහයට ඉතා අශුභයි. දෙදෙනාටම ලිංගික ආබාධ හට ගනියි. විවාහය ඉක්‌මනින් කැඩීයයි.

හතාධිපතියා

ස්‌ත්‍රී කේන්ද්‍රයෙහි සත්වැන්න අධිපතියාට පුරුෂ කේන්ද්‍රයෙහි සත්වැන්න අධිපතියා සම සප්තවම ගමන් කරන කාලයෙහි විවාහ වීමද ඉතා අශුභය. හිතවත්කම් ඉක්‌මනින් බිඳී යයි.

චන්ද්‍ර - සිකුරු

සඳු සිකුරු ග්‍රහයන් දෙදෙනා පාප ග්‍රහයන් සමඟ සංයෝග වූ හා පාප ග්‍රහයන්ගේ පාප දෘෂ්ටි වලට හසුවූ දිනවල විවාහ වූ විට සැමියාට නිතර රෝග සෑදෙයි. ගෙදර කරදර හා අවාසනාවන්තකම් ඇතිවේ. දියුණුව බිඳ වැටෙයි.

රවි කුජ දෙදෙනා පාප සංයෝග - අශුභ සප්තම දෘෂ්ටි ලැබූ දින වලදී විවාහ වූ විට බිරිඳට තදබල අසනීප ලේ කෝප දෝෂ රෝග ඇතිවේ. සැමියාගේ රැකී රක්‌ෂා බිඳ වැටෙයි. ගෘහ ජීවිතය අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙයි.

ස්‌ත්‍රී පුරුෂ කේන්ද්‍ර දෙකේම හත සහ අට යන තැන්වලද ලග්නයෙහිද පාප ග්‍රහයන් ගමන් කරන කාලයෙහි විවාහ වීමද ඉතා අශුභය.

කුජ හෝ ශුක්‍ර හෝ කුජ ශුජ දෙදෙනාම හෝ සත්වැනි රාශියකට පැමිණ සිටි වෙලාවක විවාහ වීමද ඉතා අශුභය.

කුජ ශනි

කුජට චතුරශ්‍රව සිටි හෝ කුජගෙන් සප්තම දෘෂ්ටි ලැබූ හෝ ශනි සත්වැනි හෝ අටවැනි රාශියෙහි සිටියදී විවාහ වීමද ඉතා අශුභය. එසේ විවාහ වුවහොත් දුප්පත් බවට පත්වෙයි. දෙදෙනා අතර නොගැලපීම් ඇතිවෙයි.

තත්කාල කේන්ද්‍රය

විවාහය පිණිස නැකැත් සෑදූ තත්කාල කේන්ද්‍රයෙහි ශනි, රාහු, කේතු යුරේනස්‌ යන ග්‍රහයන් සත් වැන්නෙහි සිටින වේලාවක විවාහ වූ විට දෙදෙනාටම විවාහ සැප නොලැබේ.

ශුභ මුහුර්ත

විවාහය සඳහා ශුභ මුහුර්ත සාදන්නට පෙර තත්කාල මුහුර්ත කේන්ද්‍රයෙහි ඉහත කී අශුභ ග්‍රහ රටා තිබේදැයි පිරික්‌සීමක්‌ද කළ යුතුය.

ජ්‍යෙdතීර්වේදී වසන්ත කුරුප්පු, රම්මුතුගල, කඩවත.

News lanka Magazine

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us