මෛත්‍රී, රනිල්, මහින්ද යටතේ මහ ඡන්දෙට පෙරමුණු තුනක්‌

මෛත්‍රී, රනිල්, මහින්ද යටතේ මහ ඡන්දෙට පෙරමුණු තුනක්‌

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන නායකයන් තිදෙනා පෙරමුණු තුනකින් තරග කිරීමට සැලසුම් කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ "දිවයින ඉරිදා සංග්‍රහය" ට වාර්තා විය.

මහ මැතිවරණයට මුහුණදීම සඳහා මොවුන් මේ වන විටත් ග්‍රාමීය මට්‌ටමින් සංවිධාන කටයුතු ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට නායකත්වය දෙන මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන පක්‍ෂ හා කණ්‌ඩායම් සමඟ ඒකාබද්ධව පෙරමුණක්‌ ලෙසත්, එක්‌සත් ජාතික පක්‍ෂයට නායකත්වය දෙන රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ, මුස්‌ලිම් හා තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ ඒකාබද්ධ කර ගැනීමටත්, මහින්ද රාජපක්‍ෂ මහතා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හවුල්කාර පක්‍ෂ ඒකාබද්ධ කරගත් පෙරමුණක්‌ ලෙසත්  මහ ඡන්දයට ඉදිරිපත් වීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ පෙරමුණ අලියා ලකුණ යටතේ ඡන්දයට ඉදිරිපත් වීමට තීරණය කර තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනඟන පෙරමුණ කුමන ලකුණකින් ඡන්දයට ඉදිරිපත් වෙනවාද යන්න මෙතෙක්‌ තීරණය කර නොමැත.

පියසේන දිසානායක

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us