2015 අලුත් අවුරුදු ලග්න ඵලාපල

මේෂ ලග්නය

මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාවය:
දැඩි උදේ‍යා්ගිමත් ස්වභාවයකින් යුක්තව නව වසර ආරම්භ වේ. වසර පුරා එම ස්වභාවය පවතින ඇතැම් සිද්ධීන් අරබයා එම තත්ත්වය ආවේගශීලී ස්වරූපයක් බවට පත්වීමටද ඉඩ තිබෙනු නිසා ඉවසීමෙන් හා සංයමයෙන් යුක්තව කටයුතු කිරීම වැදගත් වේ. ඇසුරු කරන්නන් අතරද මේ නිසා මත ගැටුම් හා අවුල් වියවුල් ඉස්මතු වීමටත් ඔවුන් අතර අප්‍රසාදයට පත්වීමටත් ඉඩ තිබේ. මංගල යෝග යෙදෙන වසරකි.

ගෘහජීවිතය:
නිවසේ සාමාජිකයන් අතර යහපත් සමගියක් හා එකමුතුකමක් ගොඩ නැගේ.

අධ්‍යාපනය:
ඉගෙනීමේ කටයුතු පිළිබඳව හොඳ උනන්දුවක්  හා උදෝගයක් ඇතිවේ. මේ මානසික ස්වභාවය නිසි ලෙස කළමනාකරණය කර ගෙන කටයුතු කළොත් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවේ. අධික විශ්වාසය නිසාම ඇතැම් අවස්ථාවල කටයුතුවල ප්‍රමාදවීම් සිදුවීමට ඉඩ තිබේ.

රැකියාව හා ආර්ථිකය:
 ආදායම්වල දියුණුවක් සිදුවන අතර ඉන් පසු අනපේක්ෂිත වියදම්වල ඉහළ යාමක් සිදුවීමට ඉඩ තිබේ.

සෞඛ්‍ය තත්ත්වය:-
ඌෂ්ණය හා රුධිරය ආශ්‍රිත සුළු රෝග ඇතිවිය හැකි අතර ප්‍රබල රෝගාබාධ නැත.
අය:11
වැය: 5
ජය වර්ණය: රතු

වෘෂභ ලග්නය
මානසික ස්වභාවය සහ සමාජ සම්බන්ධතාව:

ඉහ වහා ගිය සැහැල්ලු ගතියක් හා සතුටක් සිත තුළ ගොඩ නැගේ. ඇතැම් විට මේ මානසික ස්වභාවය යහපතට මෙන්ම අයහපතටද බලපාන අවස්ථාවන් උද්ගත වීමටද ඉඩ තිබේ.

ගෘහ ජීවිතය:
සියලු දෙනාගේ අදහස් උදහස් සලකා බලමින් ඒවාට අනුගත වන ලෙස කටයුතු කිරීම තුළින් සාමකාමී පරිසරයක් ගොඩ නගා ගැනීමට හේතු වේ.

අධ්‍යාපනය:-
ගුරුවරුන්ගේ වැඩිහිටියන්ගේ දෝෂ දර්ශනයට පාත්‍ර වීමටද ඉඩ තිබේ.

රැකියාව හා ආර්ථිකය:-
ජූලි මධ්‍ය භාගය දක්වා රැකියා කටයුතුවල සහනශීලී ස්වභාවයක් පැවතුණත් ක්‍රමයෙන් එම තත්ත්වය වෙනස් වීමට පටන් ගනී. හිතවතුන් ඈත් වීමටත් ඔවුන්ගේ දෝෂාරෝපණවලටත් ඉඩ තිබේ.

ශරීර සෞඛ්‍ය තත්ත්වය
හිස ආශ්‍රිතව සෙම සම්බන්ධ රෝගවලට ඉඩ තිබේ.    අය:5
වැය:14
ජය වර්ණ: සුදු සහ කොළ

මිථුන ලග්නය:-

මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව:

වසර පුරා උදේ‍යා්ගිමත් ස්වභාවයක්ද යහපත් ධෛර්ය සම්පන්න භාවයක්ද පවතී. මේ තත්ත්වය සමබරව පාලනය කරගෙන කටයුතු කළහොත් හොඳ දියුණුවක් ලබා ගත හැකිවේ.

ගෘහ ජීවිතය:
පවු‍ලේ සාමාජිකයන් අතර හොඳ සහජීවනයක් ඇතිවෙයි. එහෙත් මාසය ගතවන විට පිටස්තරයින්ගේ මැදිහත්වීම් නිසා එකිනෙකා අතර මත ගැටුම් හා අවිශ්වාසය ගොඩ නැගීමට ඉඩ තිබේ.

අධ්‍යාපනය:
ජූලි අවසානය දක්වා ඉගෙනීමේ කටයුතු පිළිබඳව සුළු පසුබැසීම්, හා මන්දගාමී තත්ත්වයක් පැවතුණත් ක්‍රමයෙන් ඒවා මග හැරී යයි.

රැකියාව හා ආර්ථිකය:
ජූලි දක්වා රැකියා කටයුතු සාර්ථකව තෘප්තිමත්ව කර ගෙන යාමේ හැකියාව ලැබේ. අතිරේක ආදායම් මාර්ගවලට මෙන්ම හදිසි ධනලාභවලටද ඉඩ තිබේ.

ශරීර සෞඛ්‍ය තත්ත්වය:
සෙම් රෝග හා උදරාබාධ ආදියට ඉඩ තිබෙන නිසා ස්නානය සහ ආහාර පරිභෝජනය ගැන සැලකිලිමත් වන්න.
අය:11
වැය11
ජය වර්ණ: කොළ, කහ

කටක ලග්නය
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව:

නිහඬතාව අගයන අතරම අධිෂ්ඨානශීලී ස්වභාවයෙන් යුක්ත මානසික තත්ත්වයක් ගොඩ නැගේ. සම්බන්ධතාවන්ට හා මංගල යෝගවලට බාධා ඇති කරන වසරකි.

ගෘහ ජීවිතය:
ඉහත කී තත්ත්වයන් යටතේ ගොඩනැගෙන මානසික ස්වභාවය පවු‍ලේ සාමාජිකයන් අතර නොහොඳ නෝක්කාඩු ඉස්මතු වීමටත් ඉඩ තිබෙනු නිසා ඉවසීමෙන් හා අවබෝධයෙන් කටයුතු කළයුතු වේ.

අධ්‍යාපනය:
ඉගෙනීමේ කටයුතු පිළිබඳව සුළු වශයෙන් පවතින මන්දෝත්සාහී ගති ජූලි සිට ක්‍රමයෙන් වර්ධනය වීමට ඉඩ තිබෙන නිසා උනන්දුවෙන් හා ආශාවෙන් කටයුතු කළ යුතුය.

රැකියාව හා ආර්ථිකය:
සියලු කාරණාවන් තුළ රැකියා කටයුතු උදේ‍යා්ගිමත්ව සාර්ථකව කරගෙන යාමේ ශක්තිය ඇතිවේ. අතිරේක ආදායම්  මාර්ග මෙන්ම හදිසි ධන ලාභවලටද ඉඩ තිබේ.

ශරීර සෞඛ්‍ය තත්ත්වය:
සෙම සහ ඌෂ්ණත්වය ආශ්‍රිත රෝගවලට ඉඩ තිබේ.            අය: 8
වැය: 5
ජය වර්ණ:
කහ, රතු

සිංහ ලග්නය
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාවය

ධෛර්යමත්ව සිය කටයුතුවල නිරත වෙයි. ආගමික කටයුතු සම්බන්ධයෙන් ද වෙනදාට වැඩි උනන්දුවක් ඇති වෙයි.
ගෘහ ජීවිතය :
අන්‍ය සාමාජිකයන්ගේ අදහස් ඉවතලමින් කටයුතු කිරීමට උත්සාහ කිරීම නිසා විවිධ මත ගැටුම් හා අමනාපකම් ඇතිවීමට ඉඩ තිබෙන නිසා මැදහත්ව කටයුතු කළ යුතුවේ.
අධ්‍යාපනය :
අනවශ්‍ය ලෙස උදාසීන ගති ඉස්මතුවීම සහ බාධක ආශ්‍රයන් වැනි හේතූන් නිසා ඉගෙනීමේ කටයුතුවල පසුබැසීම් සිදුවිය හැකි නිසා උනන්දුවෙන් හා කල්පනාවෙන් කටයුතු කරන්න.
රැකියාව හා ආර්ථිකය :
රැකියා කටයුතුවලදී ඇතැම් හිතවතුන්ගේ සුළු බාධක ඇතිවුවත් ඒවා මග හරවා ගෙන කටයුතු කිරීමේ ඉවසීම, කල්පනාව හා ධෛර්යය ඔබ තුළ පවතී. හදිසි ධන ලාභවලට ඉඩ තිබේ.
ශරීර සෞඛ්‍ය තත්ත්වය :
බහුලව සෙම ආශ්‍රිත රෝගවලට ඉඩ තිබෙන වසරකි.
අය: 8 වැය: 5 ජය වර්ණ: රතු,        කොළ

කන්‍යා ලග්නය

මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව

සිතේ අවිවේකී ස්වභාවය හා නොසන්සුන්තාව වසර පුරා පැවැතීමට ඉඩ තිබේ.
ගෘහ ජීවිතය :
නිවසේ සාමය පිළිබඳ ප්‍රශ්න උද්ගතවීමට ඉඩ තිබේ.
අධ්‍යාපනය :
අගෝස්තු ආරම්භය දක්වා බාධක මගහරවාගෙන ඉගෙනීමේ කටයුතු හොඳින් පවත්වා ගැනීමට හැකිවේ.
රැකියාව හා ආර්ථිකය :
රැකියා කටයුතුවලදී ඉහත කී මානසික ස්වභාවය නිසා විවිධ ගැටලු සහ සගයින් තර අමනාපකම් ඇතිවීමට ඉඩ තිබේ.
සෞඛ්‍ය තත්ත්වය :
රුධිරය හා සෙම ආශ්‍රිත රෝගවලට වැඩි ඉඩක් පවතින නිසා ප්‍රවේශම් විය යුතුය.
අය : 11 වැය : 10 ජය වර්ණ: කොළ, කහ

 තුලා ලග්නය

මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාවන් :

සැහැල්ලුව විනෝදය අධිකව භාවිත කිරීමට යොමුවන වසරකි. පූජ්‍ය පක්ෂයේ හෝ වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පිළිනොගෙන කටයුතු කරන දඩබ්බර සිතිවිලි පහල වීමට ඉඩ තිබේ.
ගෘහ ජීවිතය :
හිතුවක්කාර ලෙස කටයුතු කිරීමට උත්සාහ කිරීම නිසා එකිනෙකා අතර විවිධ මතගැටුම් හා ආරවුල් ඇතිවීමේ ඉඩකඩ පවතී.
අධ්‍යාපනය :
උදාසීන ගති තුළින් වුවද ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට ප්‍රබල උත්සාහයක් ගනී.
රැකියාව හා ආර්ථිකය :
අන්‍යයන්ගේ ප්‍රශංසාව හිමිවේ. ආදායම්වල දුර්වලවීමක් හා වියදම් වැඩිවීමක් පවතී.
ශරීර සෞඛ්‍ය තත්ත්වය :
ශරීර උෂ්ණත්වය අධික වීමෙන් හට ගන්නා උදරාබාධ ආදියට ඉඩ තිබේ.
අය : 5 වැය : 14 ජය වර්ණ: සුදු, රතු

වෘශ්චික ලග්නය
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව:

ආගමික කටයුතු සඳහා වැඩි වේලාවක් ගතකිරීම නිසා වරින් වර ඉස්මතු වන කළකිරීම් හා නොසන්සුන්තාවන් සමනය කර ගැනීමට හැකිවේ.
ගෘහ ජීවිතය :
ගෘහ ජීවිතය තුළදී ඔබට බාහිර වශයෙන් කිසිදු අඩුපාඩුවක් ඇති නොවේ.
අධ්‍යාපනය :
නව වසරේ මුල් මාස 4 තුළ ඉගෙනීමේ කැටයුතු සම්බන්ධවද හොඳ ධෛර්යයක් මෙන්ම දැඩි කැපවීමක් පවතී.
රැකියාව හා ආර්ථිකය :
රැකියා කටයුතු සම්බන්ධව පෙර නොතිබූ ආකාරයේ ගැටලු සහ බාධාවන් ඇතිවීමට තිබේ. ඔබගේ ආදායම්වල වැඩි දියුණුවක් මෙන්ම හදිසි ධනලාභ ලැබිමේ වාසනාවක්ද පවතී.
ශරීර සෞඛ්‍ය තත්ත්වය :
උදරාබාධ, සෙම් රෝග ආදිය ඇතිවීමට වැඩි ප්‍රවණතාවයක් ඇත.
අය : 11 වැය : 5  ජය වර්ණ : රතු, කහ

ධනු ලග්නය
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව:   
   ජූලි අවසානය දක්වා ඔබ තුළ යහපත් මානසික තත්ත්වයක් හා සංහිඳියාවක් පවතී.
ගෘහ ජීවිතය :
බාහිරින් එන විවිධ උපද්‍රවවලට තරමක අස්වැසීමක් පවු‍ලේ සාමාජිකයන්ගෙන් ලැබේ. ඔවුන් ඔබගේ ස්වරූපය නිසි ලෙස හඳුනා ගනී.
අධ්‍යාපනය :
ආගමික කටයුතුවල නිරතවීම, වැඩිහිටි ගුරුවරු ආදීන්ගේ අනුශාසනා පිළිපැදීම යන කාරණාවන් ගැන වැඩි අවධානයක් යොදා කටයුතු කළහොත් නිරවුල් මනසකින් යුතුවෙයි. ඉගෙනීම හොඳින් කරගෙන යාමට හැකිවේ.
රැකියාව හා ආර්ථිකය :
වරින් වර රැකියා කටයුතුවල නොසන්සුන්තාවන් ඉස්මතුවීමේ ඉඩකඩ පවතී.
ශරීර සෞඛ්‍ය තත්ත්වය :
බහුලව උදරාබාධ සහ සෙම් රෝග වැළඳීමේ ඉඩකඩ පවතින නිසා ආහාරපාන සහ ස්නානය පිළිබඳව සැලකිලිමත් වන්න.
අය: 6 වැය: 11 ජය වර්ණ: සුදු,
ළා නිල්

මකර ලග්නය
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාවය

සිතේ චංචල ස්වභාවය සහ ආවේගශීලී ගතිය බහුලව පවතී. නිශ්චිත තීන්දු තීරණවලට එළැඹීමට අපහසු වේ. මංගල යෝග ද යෙදෙන වසරකි.
ගෘහ ජීවිතය :
ඔබේ සංහිඳියාව සඳහා පවු‍ලේ සාමාජිකයින්ගෙන් හොඳ අනුග්‍රහයක් ලැබේ.
අධ්‍යාපනය :
ඉගෙනීමේ කටයුතු දියුණු කර ගැනීමට අන්‍යයන්ගෙන් හොඳ සහයෝගයක් ලැබේ.
රැකියාව හා ආර්ථිකය :
රැකියා කටයුතු සාර්ථකව කර ගෙන යාමේ අවස්ථාව සැලසේ. ඔබ තුළ ඒ පිළිබඳව හොඳ උදේ‍යා්ගයක් මෙන්ම කැපවීමක්ද ඇතිවේ. තෘප්තිමත්භාවය මෙන්ම අන්‍යයන්ගේ ප්‍රශංසාවද අත්පත් වේ. ආදායම්වල වැඩි දියුණුවක් සිදුවෙයි. හදිසි ධනලාභ මෙන්ම සුරක්ෂිත තැන්පතුවක් ගොඩ නගා ගැනීමටද හැකිවන්නේය.
ශරීර සෞඛ්‍ය තත්ත්වය :
ප්‍රබල රෝගාබාධ නැත. වසර පුරා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතී.
අය : 12 වැය : 4  ජයවර්ණ: නිල්, රතු

කුම්භ ලග්නය
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාවය

සැහැල්ලුවෙන් සැනසීමෙන් සිටීමට උත්සාහ කරන සෑම අවස්ථාවකදීම කිසියම් වූ කැළඹීමක් උද්වේගයක් සිතට ඇතුල්වීම නිසා අසහනකාරී තත්ත්වයන් උද්ගත වෙයි. ජූලි මධ්‍ය භාගයේ සිට මේ අසීරු තත්ත්වයේ වර්ධනයක් සිදුවිය හැක.
ගෘහ ජීවිතය :
පවු‍ලේ සාමාජිකයන් අතර සුළු නොරිස්සුම් ගති ඇතිවුවත් අනේ‍යාන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීම නිසා ප්‍රබල ගැටලු ඇති නොවේ. කෙසේ වුවද පවු‍ලේ බොහෝ කටයුතුවලදී ඔබ ස්වකීය මතයෙහිම පමණක් දැඩිව එල්බගැනීමට උත්සාහ කිරීම නිසා අනවශ්‍ය ගැටලු ඉස්මතුවීමට ඉඩ තිබෙන බැවින් මැදහත්ව කටයුතු කළ යුතුවේ.
අධ්‍යාපනය :
ඉගෙනීමේ කටයුතු පිළිබඳ හැකියාවේ සහ උද්්‍යෝගයේ අඩුවක් ඇති නොවේ.
රැකියාව හා ආර්ථිකය :
ප්‍රධානීන් සහ හිතවතුන් සමග සුළු මත ගැටුම් ඇතිවීමන් සිය වැඩකටයුතු බාධා සිදුවීමේ ඉඩකඩ පවතින බැවින් ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතුවේ. උසස්වීම්වලට හිමිකම් අඩුයි. ආදායම්වල සාමාන්‍ය වර්ධනයක් සිදුවන අතරම නිශ්ඵල වියදම්වල ඉහල යාමක්ද සිදුවෙයි.
ශරීර සෞඛ්‍ය තත්ත්වය :
උදරාබාධ, සෙම් රෝග ආදියට ඉඩකඩ පවතින නිසා ස්නානය, ආහාරපාන ආදිය ගැන ප්‍රවේශම් විය යුතුය.
අය : 8 වැය : 11  ජය වර්ණ: රතු, සුදු
මීන ලග්නය
මානසික ස්වභාවය හා සමාජ සම්බන්ධතාව:

වරින්වර නොසන්සුන්තාවන් සහ කළකිරීම් ඇතිවුවද ඒවා සමනය කරගත හැකි මානසික ශක්තියක් ගොඩ නැගේ. එහෙත් ජූලි මධ්‍ය භාගය වන විට මේ ශක්තිය දුර්වල වෙමින් ඉහත කී දුර්වලතා ප්‍රබලව ඉස්මතුවීමට පටන් ගනී.
ගෘහ ජීවිතය :
පවු‍ලේ සාමාජිකයන් අතර විවිධ මතගැටුම් හා අසමගිකම් ඉස්මතුවෙයි. අදහස්වල එකඟතාවක් ඇති නොවේ. කිසිවෙකුගේ අදහස් නෙඉවසන ඔබ ඔබේ මතයේ පමණක් පිහිටා කටයුතු කරයි .
අධ්‍යාපනය :
ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගැනීමට අවශ්‍ය යහපත් වටපිටාවක් නිර්මාණය වේ. ඒ සඳහා වැඩිහිටියන්ගේ සහ ගුරුවරුන්ගේ නොමඳ අනුග්‍රහය හා ආශිර්වාදයද ලැබේ.
රැකියාව හා ආර්ථිකය :
අගෝස්තු ආරම්භය දක්වා නිවී සැනසිල්‍ලේ රැකියා කටයුතු කරගෙන යාමේ අවස්ථාව සැලසේ. ඉන්පසු ක්‍රමයෙන් විවිධ ගැටලු, ප්‍රධානීන්ගේ අප්‍රසාදය, හිතවතුන් එරෙහිවීම වැනි  නොසන්සුන්කාරී තත්ත්වයන් ඉස්මතුවීමට පටන් ගනී. බොහෝ දුරට ස්ථාන වෙනස්වීම්වලටද ඉඩ තිබෙන වසරකි.
ශරීර සෞඛ්‍ය තත්ත්වය :
ශරීරයේ සෙම සහ රුධිරයේ කිපීමෙන් හිස සහ ඒ අවට ප්‍රදේශවලට බලපෑමක් පවතින නිසා ප්‍රවේශම් වන්න.
අය : 8 වැය : 11  ජය වර්ණ: රතු, කහ

ආචාර්ය
අමරසේන වේගිරිය
News lanka Magazine