අවුරුදු කටේ කුකුළු මස්‌ මිල වැඩි කරන්න ඉල්ලයි

අවුරුදු කටේ කුකුළු මස්‌ මිල වැඩි කරන්න ඉල්ලයි

සම සහිත කුකුල් මස්‌ කිලෝවක මිල රුපියල් හතළිහකින් වැඩි කරන ලෙසට ව්‍යාපාරිකයන් රජයෙන් ඉල්ලීමක්‌ කර ඇත.

රුපියල් 380 ක්‌ව පවතින සම සහිත කුකුල් මස්‌ කිලෝවක මිල රුපියල් 420 ක්‌ දක්‌වා වැඩි කරන ලෙසට මෙසේ ව්‍යාපාරිකයන් රජයෙන් ඉල්ලීමක්‌ කර තිබේ.

මේ සම්බන්ධයෙන් කුකුල් මස්‌ ව්‍යාපාරිකයන් පශු සම්පත් ඇමැති පී. හැරිසන් මහතා සහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සමග ඊයේ (10 දා) සාච්ඡාවක්‌ ද පවත්වා තිබේ.උත්සව සමයේ මිල වැඩි කිරීමට තීරණය කළහොත් කුකුල් මස්‌ හිඟයක්‌ ඇති වීමට ඉඩකඩ ඇති බැවින් සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය අවසන් වීමෙන් පසු මිල වැඩි කිරීමට තීරණයක්‌ ගන්නා බව පාරිභෝගික අධිකාරිය ව්‍යාපාරිකයන් හමුවේ පවසා ඇත.

Divaina පුවත්පත

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us