මෝදිගේ උපදෙස්‌ ශ්‍රී ලංකා රජය පිළිගත යුතුයි

මෝදිගේ උපදෙස්‌ ශ්‍රී ලංකා රජය පිළිගත යුතුයි

ඉන්දීය ඇමැති කියයි

13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගොස්‌ දෙමළ ජනතාවගේ ගැටලුවට විසඳුමක්‌ දිය යුතු යයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දුන් උපදෙස්‌ ශ්‍රී ලංකා රජය පිළිගත යුතු යයි ඉන්දීය මධ්‍යම රජයේ රාජ්‍ය අමාත්‍ය වෙත්තයියා නායිදු ප්‍රකාශ කර ඇත. භාරතීය ජනතා පක්‍ෂයේ ස්‌ථාවරය වන්නේ එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ තුළ බලය බෙදා හැරීම බවත් 1987 අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම මත 13 සංශෝධන ක්‍රියාත්මක කිරීම කළ යුතු බවත් ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.

මෝදි ශ්‍රී ලංකා රජයට දුන් උපදෙස්‌ ශ්‍රී ලංකා රජය තේරුම් ගන්නට ඇතැයි තමා විශ්වාස කරන බවද හෙතෙම පැවසූ බව ඉන්දීය එකොනොමික්‌ ටයිම්ස්‌ පුවත්පත කියා සිටී.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us