ස්පා යනු අද සමාජයේ නිතර අසන්නට දකින්නට ලැබෙන වචනයකි. විශේෂයෙන්ම නගරාශ්‍රිත යමක් කමක් ඇති කාන්තාවන් නිරන්තරයෙන් මෙම ස්පා නැමැති ස්ථාන වෙත යන්නේ තම මුහුණ ගෙල සම පියයුරු ඉඟ දෙපා සහ සිරුරේ හැඩය වැනි දෑ තවත් ලස්සන කරගැනීමටත් ඒවා ක්‍රමවත්ව නඩත්තු කරගැනීමටත්ය. අද අප රටේ මෙවන් ස්පා වැඩිපුරම ඇත්තේ කාන්තාවන්ට වුවද පුරුෂ පක්ෂය සඳහා වෙන්වුණු ස්පාද අනන්තවත් ඇත.
සමහරු හිතන්නේ ස්පා එකක් යනු මනුෂ්‍යයන්ගේ (වැඩිපුරම පිරිමින්ගේ) ඇඟපත අතගා තලා මිරිකා අවසානයේ සුළු ප්‍රාථමික මට්ටමේ කම්සැපක්ද ගත හැකි සම්බාහන හෙවත් මසාඡ් ක්ලිනික් එකක් ලෙසයි. ඇත්තටම ඔවුන් එසේ සිතුවාටද වැරදි නැත. මක්නිසාද අද අප සමාජයේ බොහෝ දෙනෙක් මේ ස්පා යන සංකල්පයට මුවා වී පිරිමින්ට සැප සේවා සපයන මසාඡ් හෙවත් සම්බාහන ආයතනත් සිල්ලර මට්ටමේ ගණිකා මඩමුත් පවත්වාගෙන යන නිසාය.
ස්පා යන්නෙහි සරළ අර්ථය ඖෂධ හෝ ලෝහ මුසු වතුර උල්පත යන්නයි. නමුත් ස්පා යන වචනයේ මූලාශ්රයන් ගැන ගැඹුරින් සොයා යද්දී අපට හමුවන්නේ එය බෙල්ජියමේ ස්පා නම් නගරය පසුබිම් කරගෙන 15 වන ශතවර්ෂයේදී පමණ ආරම්භවී ඇති බවයි. ජලයෙන් ලැබෙන සෞඛ්‍යය (හෙල්ත් තෲ වෝටර් - Health through water) යන අර්ථය දෙන ලතින් කියමනක් වන Salus Par Aquam යන පද තුනේ මුල් අකුරු තුනින් SPA යන්න හැදී ඇත.
ඇත්ත වශයෙන්ම ස්පා යනු සම්පූර්ණ ලෙස ජලයේ ගිල්වා කරනු ලබන ශරීර සුවතා ක්‍රියාවලියකි. මල් පියළි ශාක සාර තුරු පොතු සුවඳ ලාටු තෙල් වර්ග පලතුරු යුෂ මී පැණි කිරි රත්රන් රිදී වැනි දෑ මුසු කළ ජලයෙහි ගිළීමෙන් කරන ප්‍රතිකර්ම වලින් හමේ පැහැය ලස්සන වන බව පුරාණයේ සිටම මිනිසා සහ ගැහැණිය විශ්වාස කළහ. අපේ පුරාණ රජ දරුවන් කුමාරියන් බිසෝවරුන් අන්තඃපුර ස්ත්‍රීන් රිසි සේ ස්පා ඔරු වල බැස තම රූ සපුව තවත් ලස්සන කර ගත් බවට ඉතිහාසය සාක්ෂි දරයි.
අපේ කුමරියන් බිසොවුන් වහන්සේලා පමණක් නොව ක්ලියෝ පැට්රා පවා රත්රන් හා කිරි මුසු ජලයෙහි බැස සිටීමෙන් තම රුව සහ සම දීප්තිමත් කරගෙන ඇති බව ඉතිහාස කතා පවසා සිටී. එපමණක් නොව යුදෙව්වන්ගේ ශුද්ධ ලියවිල්ල වන බයිබලය සඳහන් කරන පරිදි රූමත් එස්තර් නම් බිසව සයනය කරනු පිණිස අහෂ්වේරොෂ් රජු වෙතට යාමට පෙර මාස දොළහක කාලයක් අන්තඃපුරයේ ස්පා එකක සිට සුවඳ ලාටු තෙල් සුගන්ධ ද්‍රව්‍ය රූපලාවන්‍ය තෛලය පාවිච්චි කර ඇත.
ආයුර්වේද සහ හෝමියෝපති ක්‍රමයට බෙහෙත් ඔරු ශිරෝධාරා පංචකර්ම නිල ඇල්ලීම ආදී ක්‍රම වලින් ප්‍රතිකාර සහ රූපලාවන්‍ය කටයුතු කරන මධ්‍යස්ථානද අද රට පුරා ඇත. ඒවා ශීඝ්‍රයෙන් බොහෝ නගර වල ව්‍යාප්ත වන්නේ රසායන වලින් මිදී ස්වභාවික ඖෂධ වලින් සුවය ලබා ගැනීම අද විලාසිතාවක් බවට පත් වී ඇති නිසාත් ඒවායේ අතුරු ඵල අවම නිසාත්ය.
තරු පන්තියේ හෝටල්වල සහ විදේශීකයන් ගැවසෙන මුහුදාශ්‍රිත නගරවල සංචාරක පුරවර වල මෙම මධ්‍යස්ථාන සුලබය. එමෙන්ම ප්‍රධාන සහ ජනාකීර්ණ නගර වලද දැන් දැන් ස්පා සහ මසාඡ් බිහිවෙමින් පවතී.
නමුත් බලාගෙන යන විට මොන මොන නම් වලින් මොන මොන පැහැයෙන් තිබුණද මේ සෑම තැනකින්ම කරන්නේ එකම හෝ ආසන්න ක්‍රියාවක් බව නිතර එහි යන එන අයගේ මතයයි.
ධන කුවේරයන් සහ විදේශිකයන් පමණක් යන සුරභවනක් වැනි ස්පා ආයතනයක් අපි දනිමු. කොල්ලුපිටියේ ඉතා පැරණි පන්නයට තැනූ ලොකු කුලුනු සහිත ශාලාවක් ඇති විශාල මන්දිරයක මෙය පවත්වාගෙන යයි. එහි සේවය කරන සුර ලොවින් පොළවට බට දිව්‍ය අප්සරාවන් වැනි සුරූපියන් එහි යන මහත්වරුන්ව පිළි ගන්නේ වහලියක සේ බිම වැටී ප්‍රවීනා ක්‍රමයට දෙපා සිප ගැනීමෙනි. එතැන් සිට ආරම්භ වන්නේ පිරිමියෙකුට ගැහැණියකගෙන් ඉතා කලාතුරකින් ලැබෙන හෝ කිසිදා නොලැබෙන උපරිම සැලකිලි ගරුත්වය සහ ස්නේහය ලැබෙන ක්‍රියාවලියකි. රුපියල් දහදාහක් පිළිගැනීමේ කවුන්ටරයට ගෙවූ පසු සේවාලාභියාට රිසි එකියක් එහි සිටින සුරතල් සුකුමාලියන් අතරින් තෝරාගත හැකි අතර ඉන්පසු ඇය විසින් ඔහුව අතින් අල්ලාගෙන උඩුමහලේ අඩ අඳුරු කාමරයක් වෙත කැන්දාගෙන යයි.
ඇය මුලින්ම තම සේවාලාභියාගේ දෙපා මද උණු වතුරෙන් දොවයි. නියපොතු කන් පෙති පයේ මහපට ඇඟිලි දත් ආදිය ඉතාම ලෙන්ගතුව පිරිසිදු කරයි මල් පෙත්තෙන් සුවඳ පැනින් පිරි දිය ඔරුවක ඔහු ගිල්වා ඇඟ පිරිමැද තෙත මාත්තු කොට සුවඳ තෙලින් ආලේප කරයි. ඔහුගේ හිස පිරිමදිමින් මනාව පීරා කෙස් සකස් කරයි. ඇඳගෙන ආ ඇඳුම මදක් හෝ කිළිටි නම් එය රෙදි සෝදන යන්ත්‍රයට දමා ඉතාම ඉක්මණට පිරිසිදු කර නැවත වියලා මැද අන්දවයි. මධ්‍යස්ථානයට ගෙවන රුපියල් දහදාහට අමතරව සන්තෝෂමක් වශයෙන් ඇයට ඔබට ඕනෑම මුදලක් පිරිනැමිය හැක. නමුත් කීයක් දුන්නත් කොතරම් දුරට හෝ දරුනු ලෙසට ඔබගේ රාගික හැඟීම් උද්දීපනය වුවද කිසිම සිල්ලර හෝ බරපතළ ලිංගික ක්‍රියාවකට මෙම සුවිසල් කාමරය තුළ ඉඩ ප්‍රස්ථාවක් නැත. ඇය ඒ සඳහා ඔහුව පොළඹවන්නේ වත් ඉඟියක් හෝ දෙන්නේ වත් නැත. නමුත් නැවත මන්දිරයේ ආලින්දයට ගොස් එහි සිටින මැදිවයසේ පිළිගැනීමේ නිලධාරිනියට තවත් අමතර ගාණක් ගෙවා වෙනත් කුටියක් තුළදී මුලින් හමුවූ රූමතිය සමග දෙවන පියවරට යොමුවීමේ අවස්ථාව ඇත.
කාන්තාවන් සඳහා වෙන්වනු ස්පා මධස්ථාන වල තෙරපිවරුන් සහ තෙරපිවරියන් යන දෙපාර්ශවයම සේවය කරයි. සමහර ධනවත් කාන්තාවන් සහ තාරුණ්‍ය ඉක්ම වූ බහුතරයක් විදේශීය කාන්තාවන් වැඩිපුර ලැදියාවක් දක්වන්නේ පිරිමි තෙරපිස්ට් කෙනෙකු ලවා තම ඇඟ තෙල් ගල්වා පිරිමැද සුවඳ ලාටු සහ නානු ආලේපකර සම්භාහනය කරවා ගැනීමටයි. ඒ බව අපට තීව්ර කළේ බල්තසා නෝනා හෙවත් කොළඹ ස්පා එකක පාලිකාවක් වන ලොකු මැඩම් නැමැත්තියයි.
ස්පා මධ්‍යස්ථාන වලින් කෙරෙන්නේ සහ ඇත්තටම කළ යුතු වන්නේ ශාකසාර ඖෂධ සහ වෙනත් ස්වභාවික දේ මුසු ජලයෙන් රූපලාවන්‍ය කටයුතු කිරීම වුවත් අද අප රටේ බහුතරයක් දෙනා කරන්නේ මේ ස්පා යන නාමයට මුවා වී ඒ නමින් බෝර්ඩ් ලෑලි ගසාගෙන වෙනත් අවර ගණයේ කටයුතු සහ සේවා ලබාදීමයි. තවත් බහුතරයක් දෙනා ආයුර්වේද සහ හෝමියෝපති යන වචනද මෙයට ඈඳා ගන්නා අතර එයින් තම හොර රහස් ප්‍රතිකාරවලට සෙනඟ අද්දන්නත් නීතියෙන් බේරි සිටීමටත් පලිහක් සාදා ගනී.
ආයුර්වේද වෛද්‍යාචාරිනී මාලිනී මහත්මිය මෙසේ අදහස් දක්වයි.
"අපි පාරම්පරික වෙද පවුලකින් එන අය. මම දේශීය වෛද්‍ය විද්‍යාලයෙන් උපාධියකුත් අරගෙනයි මගේ බෙහෙත් සාප්පුව පටන් ගත්තේ. ඔය ස්පා කියන නම පාවිච්චි නොකලට අපිත් බෙහෙත් ඔරුවෙන් ශාකසාර වලින් රූපලාවන්‍ය කටයුතු කරනවා. ශිරෝධාර ජලප්රතිකාර සම්බාහන එහෙමත් කරනව. අපි කාන්තාවන් සම්බාහනය කරන්න දාන්නේ කාන්තාවන් පිරිමින් සම්බාහනයට දාන්නේ පිරිමින් ඒ වගේම නරක වැඩ මෙතන වෙන්නෙ නැහැ හැබැයි දවසකට කෝල්ස් දහයකට වඩා වැඩියෙන් එනවා. අනවශ්‍ය ඉල්ලීම් අහලා ඒ වගේම කෙළින්ම මෙතනට ඇවිල්ලත් කෙල්ලන්ගෙන් මසාඡ් ගන්න අහනව අපි ඒවා තරයේම ප්‍රතික්ෂේප කරනව ඉගෙනගත්ත සාත්තරේ සල්ලිවලට පාවදෙන්න අපි ලැහැස්ති නැහැ මහත්තයෝ."
අද අප රටේ පවත්වාගෙන යන ස්පා මධ්‍යස්ථාන සහ සම්බාහන ආයතන බොහෝමයක්ම ඒ ඒ අදාළ රාජ්‍ය ආයතනයන්හි ලියාපදිංචි කර ඇත. ඔවුන් තමන්ට රජයෙන් දී ඇති බලපත්‍රය සහ ලියාපදිංචි සහතිකය ලැමිනේට් කර හොඳින් කාටත් පේන පරිදි ආයතනයේ ඉස්සරහම බිත්තියේ එල්ලාගෙන සිටී. නමුත් ස්පා සහ මසාඡ් යන නමට මුවාවෙන් වෙනත් අවර වැඩට පහසුකම් සපයයි.
"මසාඡ් ක්ලිනික් නොකියා ස්පා කියල දැම්මම ඒකේ පොඩි වැදගත් කමක් සහ ගැම්මක් තියෙනව දන්න අය විතරයි දන්නේ ඇතුලෙ වෙන්නෙ එකම වැඩේ කියල මම දැන් අවුරුදු තුනක් මෙතන මැනේජර් වගේ වැඩ. හත්පාරක් රිමාන්ඩ් වෙලා තියෙනවා. ඒ හැම පාරම බොසා ඇපේ තියල එලියට ගන්නව. මා එක්ක කෙල්ලොත් අහුවෙනව. උන්වත් බොසා ගෙවල ගන්නව. ආයෙත් ඒගොල්ලන් වැඩට එනව. දැන් දැන් පොලිසියෙන් නිල ඇඳුමෙන් පනින්නෙ නැහැ. කස්ටමර්ලා වගේ සිවිල් ඇඳුමෙන් එන්නේ ඇවිත් µන් ගන්න ඉල්ලනවා. අපේ කෙල්ලො කොච්චර රටකාපු අම්මණ්ඩිල උනත් උන්ගේ ගැට වලට මාට්ටු වෙනව. ප්‍රඩක්ෂන් අල්ලෙ තියෙද්දීම හෑන්ඩ්ෙµdaන් එකෙන් ෙµdටෝස් අරං පොලිස් වාහනේ ගෙන්නගෙන ඒකට නග්ග ගන්නවා. සමහරුනං ජරාව කාලා යනවා. තවත් අයට බොසා ගෙදරටම ජරාව යවනවා. මොන තරං හම්බ කලත් මේක ගිනි කන රස්සාවක් මහත්තයෝ."
කාන්තාවන් සඳහා පමණක් වෙන්වුන ස්පා මධ්‍යස්ථානද අද එමටය. ඒවා වැඩිපුරම දකින්නට ඇත්තේ කොළඹ නගරයේ සහ වෙනත් ප්‍රධාන නගරාශ්රිතවයි. ඇත්තටම එයින් වෙන්නේ කාන්තාවන්ගේ රූසපුව මනාව තබා ගැනීමට උපකාර කිරීමයි. නමුත් පිරිමින් ලවා සම්බාහනයක් ලබා ගැනීමට අවශ්‍ය කාන්තාවන් සඳහා විවෘත ස්පා කීපයක්ද නගරයේ පවතී.
"අද ගොඩාක් වෙලාවට ස්පා වලට තමන්ගේ වයිµaව ගෙනත් බස්සන්නෙ එයාලාගෙ හස්බන්ඩ්ලමයි. එයාලා කැමතිනේ තමන්ගේ නෝනා ලස්සනට ඉන්නවට. ඒත් සමහර මහත්තුරු දන්නෙ නැහැ නෝනා එන්නේ යංග් බෝයි කෙනෙක්ගෙන් µqල් බොඩි මසාඡ් එකක් ගන්න කියල. එයා නෝනව ගේට්ටුවෙන් ඇතුළට දාලා බිල ගෙවල යනව. දවල්ට ඩ්‍රයිවර්ව එවල ගෙදර එක්කන් එනව. ඇතුලෙ වෙන දේ ගැන හීනෙන් වත් හිතන්නෑ."
මෙහෙම කියන ඩියනා කොළඹ ස්පා එකක බියුටීෂන් කෙනෙක්.
තායිලන්තයේ බැංකොක් නගරයේ මැලේසියාවේ ක්වාලම්පූර්හි සහ තවත් එවැනි ජනාකීර්ණ නගර වල අඩියෙන් අඩියට ඇති µqට් මසාඡ් හෙඩ් මසාඡ් බොඩි මසාඡ් වැනි තැන් දැන් දැන් අප රටේද බිහිවෙමින් පවතී. ඒවායෙන් කරන්නේද අදාළ තැන්වල ශාකසාර හෝ තෙල් වර්ග ආලේප කොට තදින් මිරිකා සම්බාහනය කිරීමයි. පාදයේ මහපට ඇඟිල්ලේ සිට බොලට දක්වා කරන සාත්තුවට අය කිරීම රුපියල් දාහට අඩු ප්රමාණයකි. ඇඟිලි සහ පාදයේ යට කොටසේ සිට දණහිස දක්වා අය කරන ගාන ඊට ටිකක් වැඩිය. පාදයේ ඇඟිලි වල සිට කලවා මුල දක්වා අය කරන ගාන තව ටිකක් සැරය. කලවයෙන් ඉහළට සහ තව ඉහළට දෙන සාත්තුවට ගෙවිය යුතු ගාන සුලුපටු නොවේ.
මෙවැනි පාද සම්බාහන මධ්‍යස්ථානයක් අපගේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේද මද කලකට පෙර තිබුණු අතර එහි ගොස් සැප සෝපානයක වාඩිවී තම දෙපා උක්කුටියෙන් සිටින තරුණ ලඳකගේ කලවා මත ලබා තෙල් සාත්තුවක් ගන්නා මැදිවිය ඉක්මවූ මහත්තුරුන් සහ සාත්තුව ලබා ගනු පිණිස පෝලිමේ ඉන්නා මහත්තුරු එකල ඉතා සුලබ දසුනකි.
අප කළ විමර්ශනයන්ට අනුව බොහෝ විට මෙම අවර ගණයේ ස්පා හෝ සම්බාහන ආයතන පිහිටා ඇත්තේ නගරයේ ඇති විශාල තට්ටු ගොඩනැගිලි වල උඩ මහලකයි. එහි කොනක සිට බැලූවිට නගරයේ හාත්පස හෝ වැඩි කොටසක් දකින්නට හැකිය. මේ නිසා පොලීසියේ මහත්තුරු හෝ වෙනත් නිලධාරීන් වැටලීමක් සඳහා එන්නේ නම් ඈත සිටම දැක පෙර සූදානමක් විය හැකිය. මල්පියලි ශාකසාර ආයුර්වේද ඖෂධ වැනි රූප ඇතුළත් ඩිජිටල් බැනර් වලින් මෙම ස්ථාන ආවරණය කර ඇති අතර පාරට පේන පැති කලු වීදුරු වලින් සරසයි. පාරේ සිට හොඳින් බලන කල කලු වීදුරු අතරින් හෝ ඩිජිටල් බැනර් අස්සෙන් පාර දිහා නෙත් යොමාගෙන සේවය ලබනු පිණිස දැන් දැන් කවුරුහෝ එනු ඇතැයි මගබලන් සිටින අපහැදිලි කාන්තා රූප ඕනෑතරම් අපට දකින්නට හැකිය.
කෙසේ වෙතත් මසාඡ් හෝ ස්පා අප රටේ නීතිවිරෝධි නැත. මෙහි ඇත්තේ සදාචාරාත්මක ප්රශ්නයකි.
0 Comments