2011 සැප්තැම්බර් 11 වන දින ඇමරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයත් 2004 දී ඉන්දියන් සාගරයේ ඇති වූ සුනාමියත්, කුෂිමා න්‍යෂ්ඨික කාන්දුව සහ අයිසිස් නම් ත්‍රස්තවාදී සංවිධානයක උපතත් පිළිබඳව අනාවැකි පළ කළ දෙනෙත් අඳ අනාගත වක්තෘවරියක විසින් 2016 වසරත් ඉන් ඔබ්බටත් සිදුවිය හැකි සිදුවීම් පිළිබඳව අනාවැකි පල කොට තිබෙනවා.
මෙම අනාගත වක්තෘවරිය පිළිබඳව, 2015 දෙසැම්බර් 09 වැනි දිනය ttp(//www.news.com.au යන ඔස්ටේ්රලියානු පුවත් වෙබ් අඩවියත්, 2016 ජනවාරි මාසයේදී, http(//www.mirror.co.uk යන එක්සත් ජනපද පුවත් වෙබ් අඩවියත් යඑඑච(http(//indiatoday.intoday.in යන ඉන්දියානු පුවත් වෙබ් අඩවියත් විස්තරාත්මකව සංවාදයට ලක්කොට තිබුණා.
බල්ගේරියානු සම්භවයක් ඇති මෙම අනාගත වක්තෘවරිය නමින් 'බාබා වැන්ගා'. ඇය 85 වැනි වියේ දී, එනම් 1996 දී මෙලොවින් සමුගත්තා. ඈ පිළිබ`දව දන්නා බොහෝ දෙනා ඇයව හැදින් වූයේ 'බැල්කන් හි නොස්ටරගාබඩාමුස්' යන නමින්. නොස්ටරම් ඩාමුස් යනු 16 වැනි සියවසේ මැද භාගයේ වාසය කළ යුරෝපීය අනාගත වක්තෘවරයෙක්. ඉතින් 'බාබා වැන්ගා' ලොව පුරා ප්‍රසිද්ධ වුණේ ඇය මෙතෙක් පළ කළ අනාවැකි සියයට 85 ක ප්‍රතිශතයකින් සැබැ වී ඇති නිසයි. මේ නිසා ම ඇය රුසියාව සහ යුරෝපය පුරාම යම් අසාමාන්‍ය මිනිස් හැකියාවකින් යුක්ත අයකු ලෙස සම්භාවනාවට ලක් වුණා.
කීර්තිමත් අනාගත වක්තෘවරියක් වශයෙන් අඩ සියවසක් පුරාවට ඇය විසින් විටින් විට ප්‍රකාශ කරන ලද සිය ගණනක් වූ අනාවැකිවලින් බොහොමයක්ම දේශගුණ විපර්යාස හා සම්බන්ධ අනාවැකි වීම විශේෂයි. 1950 වර්ෂයට පෙර ඇය විසින් පෘථිවි ධ්රැව ආසන්න අයිස් තට්ටු දිය වීම පිළිබ`දවත්, සාගර ජල මට්ටම ඉහළ යාමත් පිළිබ`ද වත් අනාවැකි පල කරද්දී එකල වාසය කළ කිසිවෙකුත් '
ගෝලීය උණුසුම'
යන වචනය වත් හරි හැටි අසා තිබුණේ නැහැ.
'
විශාල වෙරළක්, මිනිසුන් නගර සහ හැමදෙයක්ම මහා ජල කඳකින් අතුරුදහන් වී යනවා..'
මේ ඇය විසින් කලකට පෙර සිදු කළ ප්‍රකාශයක්. ඉන් අනතුරුව සුනාමි යන වචනය වත් හුරු නොවූ ලොවකට 2004 වසරේ අගභාගයේ දීත් ඉන් පසුවත් ඉන්දියන් සාගරයත් පැසිµsක් සාගරයත් තුළ දැවැන්ත සුනාමි තත්වයක් ඇති වී දහස් සංඛ්‍යාත ජීවිත බිළිගනිමින් ගම් නගර පිටින් අතුරුදන් වී ගියා.
ඉස්ලාම් අන්තවාදීන්ගෙන් ලෝකයට විවිධ තර්ජන එල්ල වෙමින් පැවති යුගයක වැන්ගා විසින් සිදුකළ '
මහා මුස්ලිම් යුද්ධය'
පිළිබඳ අනාවැකිය, එකළ ලෝක විනාශය පිළිබ`දව ලකුණු සොයමින් සිටි සියලු දෙනාම ඉස්ලාම් භීතිකාවකට ඇද දැම්මා. බොහෝ භෞතිකවාදීන් සහ නිරාගමිකයින් ඒ පිළිබ`දව අවිශ්වාසය පල කරන්නට උත්සුක වුවද, ඒ අතරේම සිදු වූ ව්‍යසන නිසාම ඇගේ අනාවැකි පිළිබ`දව විරුද්ධ අදහස් පල කිරීමට විද්වතුන් පවා දෙවරක් කල්පනා කළා.
කවුද මේ '
බාබා වැන්ගා'?
බාබා වැන්ගා උපත ලැබුවේ ස්ටරක වමිකා කියන ගම්මානයේ. ඇගේ සැබෑ නම, වැන්ගේලියා පැන්ෙŒවා දිමිත්රෝවා. ඔටෝමන් අධිරාජ්‍යයේ පිහිටා තිබෙන ගිනිකඳු යායක් පාමුල පිහිටා තිබූ ගම්මානයේ ඇය උපත ලබන විට වෙනත් දැරියන් ලෙසම සාමාන්‍ය ස්වරූපයක් පිහිටා තිබුණා.
ඇගේ ගම් වැසියන් පවසන්නේ ඇය 12 වසක් යන තෙක් ම සාමාන්‍ය දැරියක් ලෙස කල් ගෙවූ බව යි. දැවැන්ත වැලි කුණාටුවකට මැදි වී අත්භූත ලෙසින් දෙනෙත් අ`ද වූයේ ඉන් පසුවයි. දින කිහිපයකට පසුව ඇයව සොයා ගන්නා විට ඇගේ දෙනෙත් වැලි දුහුවිලිවලින් තුවාල වී ඇලවී ගොස් ඉතාම අසාධ්‍ය තත්වයේ පසුවුණා. ඇගේ මා පියන් ඉතා දිළිඳු වූ බැවිනුත්, වෛද්‍ය උපකාර අවම වූ ප්‍රදේශයක් වූ බැවිනුත් එම අනතුර ඇයව ජීවිතකාලයටම අන්ධභාවයට පත් කළා.
ඉන් පසුව, ඇය විටින් විට අනාගතය පිළිබ`ද අනාවැකි පළ කරන්නටත්, ගම්වාසීන්ගේ ලෙඩ සුව කරන්නටත් වීම නිසා වැඩි කළක් නොයාම අනුගාමිකයින් පිරිසක් ද සමඟින් ඇය '
බාබා වැන්ගා'
නමින් සුපතළ වී ගියා. ඇය හමුවීමට පැමිණි අය අතර දුගී ගම්වැසියන්, අසරණ රෝගීන්, අත්භූත දෑ පසුපස යන්නන් වගේම ධනවත් මිනිසුන් ද, විද්‍යාඥයින් ද ඉතිහාසඥයින් ද වුණා.
ළඟ ළඟම එන විපතක්?
බාබා වැන්ගාගේ මරණය සිදු වුණේ 1996 දී. ඇය ජීවත්ව සිටි කාලයේ දී ප්‍රකාශ කළ තවත් අනාවැකියක් පිළිබඳව කාගේත් අවධානය යොමු වුණේ එය ද සත්‍ය වෙමින් පවතින නිස යි.
'
මුස්ලිම් ජාතිකයන් විසින් යුරෝපීයයන්ට එරෙහිව රසායනික අවි භාවිතා කරනු ඇත. 2043 දී රෝමය කේන්ද්‍ර කරගත් බලවත් මුස්ලිම් රාජ්‍යයක් බිහිවනු ඇත.'
වැන්ගාට අනුව නම්, 2016 සහ 2017 වර්ෂ වලදී යුරෝපියානු ෙ€දවාචකය ඇති විය හැකි බවයි ප්‍රකාශ වී තිබෙන්නේ. එම ව්‍යසනයන් නිසා යුරෝපය ජීවත් වීමට නුසුදුසු භූමියක් බවට පත් වී ජන ශුන්‍ය වන බව ඇය ස`දහන් කළා.
'
සම්පූර්ණයෙන්ම හිස්වෙනවා. අත්හැර දැමූ භූමියක් බවට පත්වෙනවා. සියලු ප්‍රාණීන්ට එම මහාද්වීපය ජීවත් වීමට අහිතකර වී යනවා.'
මේ පිළිබ`දව තේරුම් ගැනීමට හිටපු ඒකාධිපති පාලකයකු වන 'ගඩා ගේ උපන් ගම වන 'සර්ට්' නගරයේ පසුගිය කාලය පුරාවට සිදුවූ අයිසිස් ක්‍රියාකාරකම් පිළිබ`දව විමසා බැලිය හැකියි.
සර්ට් නුවර මේ වන විට සම්පුර්ණයෙන්ම '
ශරියා නීතිය'
ක්‍රියාත්මක වන ඉස්ලාමික කොලනියක්. අලුත් පාලනාධිකාරය ඔවුන්ගේ ආධිපත්‍ය පතුරුවා හරිමින් ප්‍රසිද්ධ ඝාතන රැසක් ද, ගණනින් නොදන්නා හිස ගසා දැමීම් සහ එල්ලා මැරීම් රැසක් ද සිදු කරනු ලැබුවා.
ඒ වගේම පසුගිය වසරේ සිදු වූ ප්‍රංශ ප්‍රහාරයෙන් පසු මිත්‍ර රටවල් විසින් සිරියාවේ තෝරාගත් ත්‍රස්ත ඉලක්කයන්ට ප්‍රහාර එල්ල කොට විනාශ කොට දැමූ පසුත් අයිසිස් සංවිධානය තවදුරටත් සිරියාවේ තම අණසක පැතිර වීම සිදු කරගෙන ගියා. මේ සියලු සිදුවීම්, ළඟ ළඟ එන විනාශයක් පිළිබ`දව බොහෝ දෙනා තුළ භීතියක් ඇති කරවමින් වැන්ගාගේ බිහිසුණු අනාවැකි ඇස් ඉදිරිපිටම සත්‍යයක් බවට පත් කරමින් තිබෙනවා.
බාබා වැන්ගාගේ සත්‍ය වූ ප්‍රසිද්ධ අනාවැකි කිහිපයක්.
1950 දී ප්‍රකාශ කළ අනාවැකි(- ගෝලීය උණුසුම සහ 2004 සුනාමිය
'
සීත කලාප උණුසුම් වී යාවි. ගිනි කඳු අවදි වේවි. විශාල වෙරළක්, මිනිසුන් නගර සහ හැම දෙයක්ම මහා ජල කඳකින් අතුරුදහන් වී යාවි.'
'
හැම දෙයක්ම උණු වී යාවි. හරියට අයිස් දියවෙනවා වගේ'
1989 දී ප්‍රකාශ කළ අනාවැකි(- 2011 සැප්තැම්බර් 11 නිව් යෝර්ක් නුවර ලෝක වෙළ`ද මධ්‍යස්ථාන ප්‍රහාරය සහ ජෝඡ් බුෂ් (බුෂ් යනු ඉංගී්රසියෙන් '
වන ලැහැබයි'
) ඇමරිකානු ජනාධිපතිතුමා ඊට ප්‍රති ප්‍රහාර එල්ල කරනවා.
'
බිහිසුණුයි'
'
බිහිසුණුයි'
ඇමරිකානු සොහොයුරු යුගලක් යකඩ කුරුල්ලන්ගේ පහර දීමක් නිසා ඇද වැටෙනවා. වෘකයින් '
වන ලැහැබක'
සැඟවී සැළසුම් කොට පළිගන්නවා. ඒ නිසාම අහිංසක ජීවිතත් දහස් ගණනින් මිය යනවා.
1980 දී ප්‍රකාශ කළ අනාවැකි(- 2000 වර්ෂයේ දී සිදු වූ '
කුර්ස්ක්'
නම් රුසියානු සබ්මැරීනය විශාල පිරිසක් සමඟින් අවාසනාවන්ත ලෙස ගැඹුරු සයුරේ ගිලීයාම. බැරක් ඔබාමාගේ මැතිවරණ.
'
සියවසේ හැරවුම් ලක්ෂයේදී, 1999 දී හෝ 2000 දී අගෝස්තු මස යම් දිනක දී මුළු ලොවම හ`ඩා වැලපෙද්දී මිනිසුන් සමගින් කුර්ස්ක් ජලයෙන් යට වී යනවා.'
කුර්ස්ක් යනු රුසියානු නගරයක නමක්. දශක දෙකකට පෙර සිදුකළ මෙම අනාවැකිය නිසා ඈ පිළිබ`දව දන්නා අය කුර්ස්ක් නගරය පිළිබඳව අවධානයෙන් සිටින්නට ඇති. නමුත්, ෙ€දවාචකය සිදු වී අවසන් වූ පසුයි සියලු දෙනාටම සත්‍ය වැටහී ගියේ.
එම 1980 වසරේ දීම ඇය විසින් තවත් ආන්දෝලනාත්මක අනාවැකියක් ප්‍රකාශ කළා.
'
44 වැනි ඇමරිකානු ජනාධිපතිවරයා අප්‍රිකානු-ඇමරිකානු සම්භවයකින් යුක්ත වේවි. මොනව වුණත් ඔහු අවසන් එක්සත් ජනපද ජනාධිපතිවරයා වනු ඇත.'
එම අනාවැකියේ මුල් කොටස මේ වන විටත් සත්‍ය වී හමාරයි. නමුත් එහි අවසන් කොටස පිළිබ`දව තවමත් කිසිවෙකුට හිතාගත නොහැකියි. නිව්යෝර්ක් නුවර ලෝක වෙළද මධ්‍යස්ථාන ද්විත්ව ගොඩනැඟිල්ලට '
සොහොයුරු යුගලක්'
යෑයි කී, ගුවන්යානාවන්ට '
යකඩ කුරුල්ලන්'
යෑයි කී, කුර්ස්ක් සබ්මැරීනය '
කුර්ස්ක්'
යනුවෙන් පමණක් හැඳින්වූ ඇය මින් අදහස් කරන සෘජු හෝ වක්රාකාර අර්ථය පැහැදිලි කර ගැනීමට හෝ එහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගැනීමට වැඩි කලක් නොගොස් අප සැමට අවස්ථාව උදාවනු ඇත.
ජනපද එකතුවක ෙµඩරල් පාලනයකින් යුතු ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරණය සඳහා බලසම්පන්න කාන්තාවක් වන '
හිලරි ක්ලින්ටන්'
ද ඉදිරිපත් වී සිටීම විශේෂයි. බාබා වැන්ගා මේ පවසන්නේ ඇමරිකාව '
එක්සත් ජනපදයක්'
ව තිබිය දී බිහිවන අවසන් ජනාධිපතිවරයා අප්‍රිකානු-ඇමරිකානු සම්භවයකින් යුක්ත අයෙක් වීම නම් ඊළඟට බිහිවන්නේ ජනාධිපතිවරියක වීමෙන් ද වැන්ගාගේ අනාවැකිය සත්‍යයක් බවට පත් කරවනු ඇති බව ඇගේ අනුගාමිකයින් විසින් විශ්වාස කරනවා. ඇත්තෙන්ම ආර්ථික කඩාවැටීම් මත, එක්සත් ජනපදයේ ආධිපත්‍යය බිඳ වැටුණහොත් ජනපද වෙන් වී වෙනම රටවල් වශයෙන් ඉදිරියට යැමට වුවද ඉඩ තිබෙන බව පසුගියදා මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන් වීමෙන්ම පෙන්වා දී තිබෙනවා. ඉදින් බාබා වැන්ගාගේ අනාවැකි බොහෝ දෙනා විශ්වාස කිරීම අරුමයක් ද නොවේ.
2016 න් පසුව මොකද වෙන්නේ ? බාබා වැන්ගාගේ අනාවැකි
2016 - 2017 ( '
මුස්ලිම්වරු යුරෝපය ආක්‍රමණය කරනවා. එය සම්පුර්ණයෙන්ම හිස්වෙනවා. අත්හැර දැමූ භූමියක් බවට පත්වෙනවා. සියලු ප්‍රාණීන්ට එම මහාද්වීපය ජීවත් වීමට අහිතකර වී යනවා.'
2023 ( පෘථිවියේ කක්ෂය වෙනස් වෙනවා. (කිසිවකුට තවමත් මෙය සිදුවන ආකාරය තේරුම් ගත නොහැකි යි.
2025( යුරෝපයේ ජනගහනය '
ශුන්‍ය'
බවට පත් වෙනවා.
2028 ( මානව වර්ගයා නව ශක්ති ප්‍රභව සොයාගෙන '
සිකුරු ග්‍රහයා'
වෙතට පිටත් වෙනවා.
2033 ( ධ්‍රැවාසන්න ප්‍රදේශ වල අයිස් දියවීම නිසා පෘථිවියේ ජල මට්ටම තවත් ඉහළ යනු ඇත. (මෙය දැනටමත් ආරම්භ වී ඇත)
2043( යුරෝපය සම්පුර්ණයෙන් ම මුස්ලිම් රාජ්‍යයක් බවට පත් වේ. රෝමය අගනුවර වශයෙන් නම් කරයි. ලෝක ආර්ථිකය මුස්ලිම්වරුන් අතට පත් වේ.
2066( රෝමය නැවත අත්පත් කරගන්නා අදහසින් සහ නැවත ක්රිස්තියානිකරණය කරන අදහසින් යුතුව, ඇමරිකානු භූමියෙන් ප්‍රථම වරට දේශගුණය පාලනය කළ හැකි අවියක් භාවිතා කරනු ලබයි.
2076( කොමියුනිස්ට්වාදය යුරෝපය ඇතුළු ලොව පුරා නැවත පැතිරී යයි.
2084( ස්වභාව ධර්මය යළි ඉපදේ. (කිසිවෙකුට මෙම අනාවැකියේ අර්ථය වටහාගත නොහැක.
2100( කෘත්‍රිම සූර්යයෙක් පෘථිවියේ අඳුරු කොටස් ආලෝකවත් කරනු ඇත. (2008 වසරේ සිට විද්‍යාඥයින් විසින් න්‍යෂ්ඨ§ක බලය භාවිතා කරමින් කෘතිම සූර්යයෙක් නිපදවීමේ පර්යේෂණ මේ වන විටත් සිදු කරමින් සිටිති
2130 ( පිටසක්වල ජීවීන්ගේ උපකාරයෙන් සාගර පත්ලේ මිනිස් වාසභූමි ඉදිවේ.
2170 ( දැවැන්ත ගෝලීය නියඟයක්.
2187 ( දැවැන්ත ගිනි කඳු දෙකක පිපිරීම සාර්ථක ලෙස වළක්වනු ඇත.
2201 ( සූර්යයාගේ තාප න්‍යෂ්ඨ§ක ක්‍රියාවලි මන්දගාමී වීම නිසා උෂ්ණත්වය පහළ වැටේ.
2262 ( ග්රහලෝකයන්ගේ ධ්රැව වෙනස් වී යයි. අඟහරු ග්‍රහයා, ආකාශ වස්තුවක ගැටේ.
2354 ( කෘත්‍රිම සූර්යයාගේ සිදුවන අනතුරක් නිසා තව තවත් උණුසුම පහළ බසී.
2480 ( කෘත්‍රිම සූර්යයන් දෙදෙනකු ගැටීම නිසා අඳුරු කලාප යලි බිහි වේ.
3005 ( අඟහරු හි යුද්ධයක් නිසා එහි ගමන් මඟ වෙනස් වේ.
3010 ( ආකාශ වස්තුවක් සඳෙහි ගැටේ. පෘථිවිය ග්රාහක සහ අලු වළල්ලකින් වට වී යයි.
3797 ( මානව ශිෂ්ඨාචාරය පෘථීවිය හැරදමා වෙනත් පෘථිවියක් සොයා යැමට තරම් දියුණු වී පවතී. මේ කාලය වන විට ලොකයේ ජීවත් වන සියලු දෙනා මියයයි. පෘථිවිය යම් කලකට මිනිසාගෙන් ශුන්‍ය වී යයි.
සිතන්න මොහොතක්
බාබා වැන්ගාගේ අවසන් අනාවැකිය 3797 ට අදාළ වුවත් අපගේ ආයු කාලය වසර සියයකටත් වඩා අඩුය. එබැවින්, 2100 දී කෘත්‍රිම සූර්යයා බිහි වීමටත් ප්‍රථම අප මෙලොවින් සමුගෙන සිටිනු ඇත. නමුත්, සියවස් 18 ක් අනාගතයට සිදුවීම් පෙළගස්වා ඇති ආකාරයෙන් අප සැමට තවදුරටත් සනාතනික බුදු වදන් තුළ සිත පිහිටුවා ගත හැකියි.
'
වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ'
'
සියලු සංස්කාර නැසී වැනසී යන සුළුයි (කුසල් දහම් හි අප්රමාදී වීම ජීවිතයට හුරු කරගන්න'
යනුවෙන් අප ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සත්‍යයක්ම බව තව තවත් තහවුරු නොවන්නේ ද? ඔබ අප දිවිගෙවන මිනිස් ලොවත්, ඔබ අපේ අනාගත පරපුර දිවි ගෙවීමට නියමිත මිනිස් ලොවත් කෙතරම් නම් භයංකර විය හැකි ද යන්න උන්වහන්සේ විසින් වසර 2552 කට පෙර දේශනා කොට වදාළා.
බාබා වැන්ගාගේ අනාවැකි සියල්ල බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශ සමඟ ගලපා බැලීමට අප මෙහි දී උත්සාහ දරන්නේ නැහැ. අනාවැකි ශාස්ත්‍රය තිරශ්චීන විද්‍යාවක් මෙන් ම එය භාවිත කරන්නා ද වීතරාගී නොවෙයි. එබැවින් ඇයට වැරදීමට ඇති ඉඩකඩ ද එමට යි.
නමුත්, චක්කවත්තී සීහනාද සූත්‍රයේ දී අනාගත මිනිස් සංහාර ගැනත් සප්තසුරි යුග්ගමන සූත්‍රයේ දී පෘථිවියේ අවසානය, මෙම සූර්යයාට අතිරේකව තවත් සූර්යයින්ගේ පහළ වීමක් සමඟින් සිදුවන බවත්, පෘථිවිය විනාශ වන සමයේ දී සත්වයා ආභස්සර නම් වූ බ්‍රහ්ම ලොවක උපත ලබන බවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇති බව ද අපි ඔබට සිහිපත් කොට දෙනවා. බුදුරජාණන් වහන්සේට තරම් පැහැදිලිව අනාගතය දැකීමේ ඥනයක් '
බාබා වැන්ගා'
ට නොතිබුණත් ඇය විසින් අන්ධ ලෝකයක් තුළ සිට හෝ ගෙනහැර පෑ අනාවැකි පිළිබ`ද තොරතුරු සියල්ල අප සැමට නුදුරු අනාගතයට බුද්ධිමත්ව සූදානම් වීම පිණිසත් වත්මන පිළිබඳ අවධානයෙන් සිටීම පිණිසත් උපකාර වේවා'
0 Comments