මේ විශ්වයද ලෝකයේ ක්‍රියාකාරිත්වයද එහි ඇති ඇතැම් සංසිද්ධීන්ද අදටත් මිනිසාට තේරුම්ගත නොහැකි ප්රහේළිකාවකි. බුදුන් දවස වරක් එක් මහ රහතන් වහන්සේ නමක් විශ්වයේ ඉම සොයා තරුවෙන් තරුව අඩිය තබා වයසට යන තෙක්ම ඇවිද ගියද උන්වහන්සේට එහි අවසානයක් සොයා ගැනීමට නොහැකි වූ බව අසා තිබේ. එසේම ශේ්රෂ්ඨ ශාස්තෘවරුන් මෙලොව පහළ වන විට සොබාදහමේ වූ වෙනස්කම්, ඉඟි කිරීම් පිළිබඳ ඒ ඒ ආගම් ඉගැනීමේදී හෙළිවේ. ෙ-සුස් ක්‍රිස්තුන් වහන්සේ උපතේ දී සුවිශේෂී වූ තරුවක් අහසේ දිස්වීමත්, සිදුහත් උපතේදී සොබා දහමේ වූ වෙනස්කම් ඊට එක් උදාහරණයක් පමණි. මිනිසාත්, මේ මිහිතලයත් සංවේදී අයුරින් බැඳී පවතින බව වටහා ගැනීමට එයම සෑහේ යෑයි සිතේ. කෙසේ නමුත් මෙවැනි පූර්විකාවක් ලිවීමට හේතු වූයේ කොළඹට පැමිණෙන ඕනෑම කෙනකුට අතේ දුරින් ඇති ගංගාරාම විහාරස්ථානයේ මෑතක සිට වැඩහිඳුවා තිබෙන ලොව සුවිශේෂ වූ බුදු පිළිම වහන්සේලා පිළිබඳ බොහෝ දෙනෙක් නොදන්නා තතු හෙළි කිරීමේ අරමුණෙනි.
සැදැහැවතෙකු බුදුරුවක් නමදින්නේ තමන් ඉදිරියේ ඇති බුදුරුව ජීවමාන බුදුන් බව සිත්හි දරාගෙන පහන් සිතකිනි. එවිට ඒ අවබෝධාත්මක ඥනය හෙවත් එළඹි සිහියෙන් නැමදීම තුළ ඔවුහු එළොවටත් මෙලොවටත් කුසල් රැස්කර ගනිති. ඇතැම් විට පුද්ගලයකු නමදින එම බුදුරුවට ඇති ඓතිහාසික වටිනාකම නිසා ඔවුන්ගේ චිත්ත ප්‍රමෝදය තවත් වැඩිවෙති. කුසල් යනු චිත්ත ප්‍රමෝදය නම් ඔවුහු තවත් කුසල් වැඩිකර ගත්තෝ වෙති. ගංගාරාමයේ මෙතෙක් වැඩසිටින සුවහසක් වූ බුදු පිළිම වහන්සේලා අතරට දැන් එවැනි වූ විශ්මිත බුදු පිළිම වහන්සේලා සත් නමක් වැඩමවා තිබේ. ඉන් සුවිශේෂී බුදුරුව වන්නේ රූබි නමැති වටිනාකමින් ඉහළ මැණික් ගලින් නිමවා ඇති බුදුරුවයි. දුටුවන්ගේ සිත් පහන් කරන සුළු පෙනුමැති මේ විශ්මිත බුදුරුව කිලෝග්‍රෑම් 14 1/2 ක බරකින් යුතුය. බුදුරුවේ පත්මාසන කොටස නිමවා ඇත්තේ චීනයට සුවිශේෂී වූ පාෂාණ විශේෂයක් වන ෙ-ඩ් නමැති පාෂාණ විශේෂය භාවිත කරමිනි. එමනිසා තද කොළ පැහැයත්, රූබි හෙවත් රතුකැට නමින් ව්‍යවහාර වන මැණික් විශේෂයේ රත් පැහැයත් සංකලනයෙන් ප්‍රභාෂ්වර වන මේ බුදුරුව නිර්මාණය කර ඇත්තේ මාණික්‍යයේ ස්වාභාවිකත්වයට හානි නොවන (මැණික් ගල රත් කිරීමෙන් තොරව) අයුරිනි. බුදුරජාණන් වහන්සේගේ විතර්ක මුද්‍රdව නිරූපණය වන මේ අගනා පිළිම වහන්සේ ගංගාරාමයට හිමිවීම පිටුපස ඇති කතාවද හරි අපූර්ව එකකි. නිස්සරණාධ්‍යාශයෙන් මහජන ශ්‍රාවක හිත සුව පිණිස වැඩ කරමින් ගංගාරාම විහාරයේ වැඩ හිඳින විහාරාධිපති පොඩි හාමුදුරුවෝ එම පිළිම වහන්සේ ලැබුණු ආකාරය හෙළිකළේ මෙලෙසිනි.
"මැණික් කියන්නේ කවුරුත් ආකර්ෂණය වන දෙයක්. පසුගිය දවසක ලංකාවෙ තිබුණා ලෝකය පුරා විසිරී සිටින මැණික් එකතු කරන මහත්වරුන්ගේ රැස්වීමක්. මේ රැස්වීම ලංකාවෙ තිබිල තියෙන්නෙ අවුරුදු 30 කට පස්සේ. මේ අය තමන්ගෙ ධනය වියදම් කරල මැණික් එකතු කරන්නෙ විනෝදාංශයක් විදියට. ඉතිං මේ රැස්වීමට ලංකාවට ආව එක හොංකොං ජාතික චීන මහත්තයෙක් එයාගෙ දරුවො තුන්දෙනා එක්ක අපේ පන්සලට ආවා. ඒ අය පන්සලට ආව දවසෙ එතැන හිටිය එක දරුවෙක්ගෙ උපන් දිනය තිබුණ දවසක්. ඒ බව ඒ චීන ජාතික මහත්තයා මට කිව්වාම, අපි පුංචි තෑග්ගක් ලෑස්ති කරල ඒක දෙමාපියන්ට දීලා වඳින්න කියල අපි අර දරුවො තුන්දෙනාට කිව්වා. ඒ දියණියො තුන්දෙනාම එදා දෙමාපියන්ට දණගහල වැන්¹. චීන ජාතික සංස්කෘතිය තුළ දෙමාපියන්ට වඳිනවා කියන එක අමුතු දෙයක් නෙමෙයි. ඒත් මේ දියණියො පුංචි කාලයේ ඉඳලම හැදිල තියෙන්නෙ යුරෝපයේ රටවල. ඒ නිසා එදා තමයි ජීවිතේ පළමුවැනි වතාවට මේ දරුවො තමන්ගෙ දෙමාපියන්ට වැඳල තියෙන්නෙ. ඒ මොහොතෙදි මේ පියා මට කියනවා අපි අද තමා පවුලක් වුණේ කියල. එදා ඔවුන් හැමෝම ජීවිතේ පුදුම වෙනසක් දැකල පුදුම සතුටක් වින්දා. ඒ සතුටත් එක්ක ඔහු එදා පන්සලෙන් එළියට අඩිය තියනකොට මට මෙහෙම වචනයක් කියල ගියා. ,ෂ අසකක ඉරසබට එයෑ පසර්ජ්ක එයසබට, මම ආශ්චර්යවත් දෙයක් ගෙන එනවා. ඒ කිව්වා වගේම ඔහු නැවත ලංකාවට ආවේ ඒ ආශ්චර්ය අරගෙන. ඒ තමයි මේ මිල කළ නොහැකි රූබි නමැති මැණික් ගලෙන් නිර්මාණය කළ බුදු පිළිමය. මේ පිළිම වහන්සේ අපට ලැබෙනකන් තිබිල තියෙන්නෙ ඒ හොංකොං ජාතික මහත්තයාගෙ නිවසේ මැණික් පිළිම සහ ප්‍රතිමා අතර. මේ පිළිමය එහෙම හුදකලා තැනක තිබෙනවාට වඩා මහා ජන ගඟකට වන්දනාමාන කරන්න පුළුවන් තැනක තිබීම වැදගත් කියල එතුම එදා අවබෝධ කරගත්තා. ඒ සිතුවිල්ල මත ලැබුණු මේ අගනා බුදු පිළිම වහන්සේ ශ්‍රද්ධාවෙන් වන්දනා කිරීමෙන් මෙලොවදීම ඒ කුසලේ ආශ්චර්ය විඳගන්න පුළුවන්.
මේ වටිනා බුදුරුව පිළිබඳ පොඩි හාමුදුරුවෝ අපි සමඟ පැවසුවේ එවැන්නකි. උන්වහන්සේ පවසන්නේ මේ විශ්මිත බුදුරුව අප රටට ලැබීමම රටේත් ජනතාවගේත් වාසනාවට සිදු වූවක් බවයි.
කෙසේ නමුත් මේ බුදු පිළිම වහන්සේ නිර්මාණය කර ඇති රූබි මාණික්‍යයේ වටිනාකම කොතෙක්ද යන්න නිශ්චය කර නොතිබේ. එය බුදු පිළිමයක් ලෙස නිර්මාණය වීමත්, එහි කෞතුක අගයත් එක්වූ විට මේ පිළිම වහන්සේ වටිනාකම කියා නිමකළ නොහැකි වස්තුවක් බවට පත්ව තිබේ.
වඩා වැදගත් වන්නේ ආගමික අතින් මේ පිළිම වහන්සේට ඇති වැදගත්කම සේම ආගමික හා ජාති භේද අභිභවා ගිය වටිනාකමක් සහ විශ්වාසයක් බුදුරුව නිර්මාණය කර ඇති රූබි මාණික්‍යයට තිබීමයි. කොරොන්ඩම් ගණයට වැටෙන මේ මැණික් විශේෂය ලංකාවේදී රතු කැටය නමින් හැඳිවෙන විට එය ලොව පතලව ඇත්තේ රූබි යන නාමයෙනි. ලංකාවෙන් හා බුරුමයෙන් සොයා ගැනීමට ලැබෙන මෙය ඉතා දුර්ලභ ගණයේ මැණිකක් වන අතර එය යන්තමින් හෝ දෙවැනි වන්නේ නිර්මල දියමන්තියකට පමණක් බව කියනු ලැබේ.
මැණික්වලට ලෝකයේ ඇති වෙළෙඳපොළ ඉල්ලුම සේම සාමාන්‍ය පාෂාණවලට එහා ගිය කිසියම් ගුප්ත බලයක් එහි තිබෙන බව ලොව පුරාම විශ්වාසයක් පවතී. එය ශතවර්ෂ ගණනාවක් එපිට පැවත එන්නක් වන අතර යුරෝපයේ සහ ඉන්දියාවේ මේ රූබි මාණික්‍යය සැලකෙනුයේ ඉරු දෙවියාගේ මැණික ලෙසයි. විශේෂයෙන් ජවය, ජීවය සහ හැඟීම් රජ කරවන මැණිකක් ලෙස රූබි හෙවත් රතුකැටය සලකනු ලැබේ. එසේම සියදිවි හානිකර ගැනීම් වැනි විනාශකාරී ක්‍රියාවන්ට සිත පෙළඹවීමෙන් වළක්වා ගැනීමේ ප්රවණතාවක්ද සිත සුවපත් කරන ස්වභාවයක්ද මේ මාණික්‍යයෙන් නිකුත් වන කිරණ හේතුවෙන් ළඟා කරගත හැකි බවටද ප්‍රබල විශ්වාසයක් තිබේ. මිචෙල් ජින්ජර් නමැති පාෂාණ විශේෂඥවරයා විසින් රචිත ක්‍රිස්ටල් පවර් (මැණිකේ බලය) නමැති කෘතියේ 365 පිටුවේ රතු කැටය පිළිබඳ විස්තර කර ඇත්තේද එලෙසිනි. ඔහු විස්තර කරන්නේ ශාරීරිකවද, මානසිකවද, ආධ්‍යාත්මිකවද සිත කය සෞඛ්‍ය සම්පන්නවද ජීවිතයේ සියලු කාර්යයන්හි උෙද්‍යාaගයෙන් නිරත වී සුභ ඵල ලැබීමට රතු කැටය හේතු කාරණයක් වන බවකි.
දැන් මේ සියලු කාරණයන් පිළිබඳ අවබෝධයෙන් ගංගාරාමයට ගොස් දෙස් විදෙස් සැමට මේ ආශ්චර්යවත් බුදුරුව දැක සිත පැහැද වැඳ පුදා ගැනීමට අවස්ථාව උදාවී තිබේ. එය මහජන හිත සුව පිණිසම වන්නකි. ඒ පිළිබඳ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ පැවසූ වචනයකින්ම මේ ලිපිය අවසන් කිරීමට සිතමි.
"මහත්තයෝ... මේ රූබි මාණික්‍යයෙන් නිමකළ බුදුරුව වගේම බෝධීන් වහන්සේ අසල සමාධි සුවයෙන් වැඩහිඳින ෙ-ඩ් පාෂාණයෙන් නිමකළ සමාධි පිළිමය සතර දිගින් එන සැදැහැවතුන්ට අත තියල නමස්කාර කරන්න ඉඩ සලසල තියෙනවා. ඒක මේ රටේ භාග්‍යයට හිමිවුණ දෙයක්."
(මේ ලිපියේ තොරතුරු ලබාගැනීමට සම්බන්ධීකරණය කළ කිරින්දේ අස්සජී හිමියන්ට පින් පෙත් පිරිනමමි)
භාණුක ගුණතිලක
0 Comments