නීතිය, පොලිස්‌ නිලධාරියා සහ ගණිකාව


"අද හෙටම පොලිසියෙන් පනින්න ඉඩ තියෙනවා..."

මැඩම්ගෙ වචන සුභද්‍රdට සිහිපත් වුණේ බම්බලපිටියෙන් බහින්නත් කලින්. දොරකඩ හිටපු වැඩිහිටියෙක්‌ සුභද්‍රdට බහින්න ඉඩ දුන්නෙ විනීත විදියට. තමන්ට එහෙම සලකපු එක ගැන සුභද්‍රdට ඇතිවුණේ කනගාටුවක්‌. තමන් ඒ තරමට සැලකිය යුතු කෙනෙක්‌ද?

රැකියාව මොකක්‌ද කියල කෙනෙක්‌ ඇහුවොත් කට ඇරල කියන්න බෑ. ඇඳුමෙන් පැළඳුමෙන් නම් ලොකු කොම්පැණියක ක්‌ලාක්‌ පෝස්‌ට්‌ එකක පෙනුම. 

සුභද්‍රd බම්බලපිටිය එම්.සී. හෝල්ට්‌ එකෙන් බැස්‌සා. පාරෙන් අනිත් පැත්තට මාරුවුණා. මුස්‌ලිම් හෝටලෙන් බිත්තර රොටි එකයි, වඩේ එකකුයි පාර්සල් කර ගත්තා. ඒක දිනපතා පුරුද්ද... ස්‌පොට්‌ එකට ත්‍රීවිලර් එකක යන දුර තියෙන්නෙ. ඒත් සුභද්‍රd හැමදාම ඒ දුර ගියේ පයින්. 

ප්‍රධාන පාරෙන් අතුරු පාරකට හැරිල වැඩි දුරකින් නෙමෙයි පැෂන් ගාමන්ට්‌ස්‌ තියෙන්නෙ. ඒක මැඩම් අහල පහල මිනිස්‌සු රවට්‌ටන්න බොරුවට එල්ලපු බෝඩ් එකක්‌. 

සංජුයි අංජුයි දෙන්නත් මඟ එනව ඇති. අපි තුන්දෙනා සැපයුම්කාරියො. මේ උඩුමහල් කාමර තුන සල්ලි ගෙවල අරං තියෙන්නෙ මැඩම්. අපට දවල් කෑම මැඩම්ගෙන්. ඒ හින්ද මැඩම් ටිකක්‌ වැඩියෙන් ගාණක්‌ අතට ගන්නව. අනිත් අතට පොලීසියට අහු වුණත් බේර ගන්නෙ, ඇප තියන්නෙ, දඩ ගෙවන්නෙ මැඩම්. ඉතිං මැඩම් නැතුව බෑ.

සාමාන්‍යයෙන් උදෙන්ම කස්‌ටර්මස්‌ල එන්නෙ නෑ. වීදුරු කඩේ මුදලාලි, රේගුවෙ මහත්තය, මිස්‌ටර් අන්මැරිඩ් වගේ අපි නම් පුරුදු ගනුදෙනු කාරයො. නුපුරුදු අය ඒ කියන්නෙ කෝඩුකාරයො ආවහම යන්නෙ නෑ. කෝඩුකාරයගෙ වැඩේ ප්‍රශ්න අහන එකමයි.

"ඔයා මේ රස්‌සාවට වැටුණෙ කොහොමද?" 

උත්තරය දැන් මට කටපාඩම්.

පෙම්වතා මාව රවට්‌ටලා පැනල ගියා. මාව කසාද බඳින්න ආපු අයත් ඒ ප්‍රශ්නෙ නිසාම මඟඇරල ගියා. අන්තිමේදී මං තනිවුණා. කරන්න දෙයක්‌ නැති තැන මේ රස්‌සාවට වැටුණා. 

මේ කතාව බොරු වුණත් ඇත්ත වුණත් කස්‌ටමර්ගෙන් මට ලැබෙන දෙයක්‌ නෑ. මොකෝ එයා මට වෙන රස්‌සාවක්‌ හොයල දෙන එකක්‌යෑ.

වීදුරු කඩේ මුදලාලි එන්නෙ මාසෙට එක දවසයි. මිනිහ හොඳයි. කරදරකාරයෙක්‌ නෙමෙයි. වයසක මනුස්‌සය නොවැ. එයා වැඩියෙන්ම මනාප මට.

පොලිසියට අලුත් ඕ.අයි.සී. මහත්තයෙක්‌ ආවොත් අපේ "පැෂන් ගාමන්ට්‌" එක රේඩ් කරනවාමයි. ඊට පස්‌සෙ වැඩේ ෂේප් කර ගන්න මැඩම් දන්නවා.

ඒ වුණාට ජීප් එකේ නැගල පොලීසි ගෙනියන කොට පොලීසියෙන් උසාවි දානකොට ලැඡ්ජාවෙ බෑ. අපි කවුද කියල බලන්න මිනිස්‌සු හරි ආසයි. අපිත් අනිත් ගෑනු වගේම තමයි. වෙනසකට තියෙන්නෙ අපේ රස්‌සාව වෙනස්‌. පත්තරකාරයො පිංතූර ගන්නවා. ගණිකාවන්ගෙ පිංතූර පත්තරේට ලොකු ඇති. ඒත් මේ ඉන්නෙත් මේ සමාජෙන්ම කිහිප දෙනෙක්‌ කියල ඒ ගොල්ලන්ට හිතන්න බැරි ඇයි?

වීදුරු මුදලාලි හැම දේම සීරුමාරුවට වැඩ. කිසි කලබලයක්‌ නෑ. ඇඳුම් මාරු කරන්නෙ හෙමිහිට. නාන කාමරේට ගියාමත් වේලාව ගත කරනවා. අදත් එහෙමයි. වීදුරු මුදලාලි තුවාය ඇඳ ගත්තා විතරයි. දොරට තට්‌ටු කරන සද්දෙ ඇහෙන්න ගත්තා.

තට්‌ටු කරන්නෙ මැඩම් නෙමෙයි කියල සුභද්‍රට තේරුණා. දොර ඇරියේ සුභද්‍රd. 

"හ්ම්. රස්‌සාව මේක නේද... පොලිසියට යන්න ලෑස්‌ති වෙනව..."

"මං කරපු වරද මොකක්‌ද සර්"

"ගණිකා නිවාසයක්‌ පවත්වාගෙන යැමට උදව් දීම"

"මම මේක කරන්නෙ ජීවත් වෙන්න"

"ඒක උසාවියෙදි කියනව. අපි කරන්නෙ නීති පොතේ තියෙන විදියට..."

ඒ වන විට වීදුරු මුදලාලි ඇඳුම් ඇඳගෙන ඉවරයි.

"ගන්නව මහත්තය අයිඩෙන්ටිය" වීදුරු මුදලාලි අයිඩෙන්ටිය පෙන්නුවා.

"ඉක්‌මනට පිටවෙලා යනව"

වීදුරු මුදලාලි හෙමින් ගමන් නැතුව ඉක්‌මන් ගමනින් පිටවෙලා ගියා. 

"ඇයි ඒ මුදලාලි පොලිසියට ගෙනියන්නෙ නැත්තෙ..."

"නීතියේ හැටියට වැරැදිකාරය තමුන්. තමුන් මේ රස්‌සාවෙ යෙදිච්ච නිසා එයා ආවෙ..."

"එතකොට අපි පාරෙ බස්‌ හෝල්ට්‌ එකේ ඉන්නකොට අල්ල ගන්නෙ කොහොමද...?" 

"ඒ පාදඩ ආඥ පනත යටතෙ. ගෑනුන්ට පාරෙ රස්‌තියාදු ගහන්න අයිතියක්‌ නෑ"

"එතකොට මේ රස්‌සාව කරන්න අපට අයිතියක්‌ නෑ" සුභද්‍රd ඇහුවා. 

"නෑ. අයිතියක්‌ නෑ. නීති විරෝධියි..."

"හොඳයි අපි ගෑනු ඔක්‌කොම මේ රස්‌සාව නැවැත්තුවොත්... පිරිමින්ට යන කල මොකක්‌ද"

"ඒකට නං මට දෙන්න උත්තරයක්‌ නෑ..."

පොලිස්‌ නිලධාරියා කිව්වෙ අවංකවමයි. 

අපි ළඟට එන්න පිරිමි ඉන්න නිසා අපි මේ රස්‌සාව කරන්නෙ. නමුත් නීතිය ඉස්‌සරහට ආවහම ඒ පිරිමියා නිදහස්‌. ගැහැනිය උසාවියට.

මේකත් ලෝකයක්‌ද කියල සුභද්‍රට හිතුණා. සුභද්‍ර ජීප් එක ළඟට යද්දි සංජුයි අංජුයි දෙන්න ජීප් එකේ නැගිල හිටියා. ළමයි කලබල නැතුව යන්න. මැඩම් කිව්වා. 

* චන්ද්‍රසිරි දොඩන්ගොඩ

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us