වසර 1990 දවසක, සිංගප්පූරුවේදී අලුත අරින ලද රෝහලකට මැදපෙරදිග කලාපයෙන් රෝගියෙක් පැමිණියේය. ඔහු පැමිණ සිටියේ සම්පූර්ණ වෛද්‍ය පරීක්‍ෂණයක් හෙවත් Full body checkup එකක් කර ගැනීමටත් ඇකිලෙමින් පැවැති සිය මුහුණේ සම අලුත්වැඩියා කර ගැනීමේ හැකියාව ගැන සොයා බැලීමටත් සුදුවෙමින් පැවැති සිය හිසකෙස් ස්‌ථිර ලෙස කළු කර ගැනීමට ක්‍රමයක් ගැන දැන ගැනීමත් සඳහාය. සම්පූර්ණ වෛද්‍ය පරීක්‍ෂණයක් යනු ඉක්‌මනින් කළ හැකි වැඩකි. ඇකිලෙන සම දිග හැර ගැනීමද අමාරු නමුත් යම් ප්‍රමාණයකට කළ හැකි වැඩකි. එහෙත් සුදු කෙස් ඒවායේ අයිතිකරුගේ මරණය දක්‌වාම කළු කර තැබීමනම් කිරීමට බැරිය. පෙර කී රෝගියා තම බිරියට වඩා තම කොණ්‌ඩයට ආදරය කළේය. කල්පනා කරමින් සිටින හැම විටෙකම එම කොණ්‌ඩයේ කැරලි අස්‌සෙන් ඇඟිල්ලක් දමා කැරකීම ඔහුගේ සිරිත විය. වරක් ආලේප කළ විට දෙමාසයක් පමණ කල් අල්ලා සිටින ඩයි වර්ගයක් ඔහුට ලබා දිය හැකි බව රෝහලේ රූපලාවන්‍ය අංශය කීවේය. එයද බොහෝ මිල අධික ඩයි වර්ගයකි. එහෙත් අපේ මිත්‍රයා එයට එකඟ වූයේ නැත.
මේ ලෙඩාගේ නම මුවම්මර් අල් ගඩාපිය. ලිබියාවේ ජනාධිපති වූ ඔහු අවදිව සිටින හැම පැයකදීම සිය රූප ස්‌වභාව සහ කොණ්‌ඩයේ රැලි ගැනත් හමේ වර්ණය ගැනත් මිය නොගොස් සදාකාලිකව ජීවත් වන්නේ කෙසේද යන්නත් ගැන කල්පනා කළ කෙනෙකි. ගඩාµs ඒ වනවිට ලෝකයේ සෙසු රටවලට නොම්මර එකේ වාතයක් වීමට පටන් ගත්තා පමණි. ඔහු එදා ප්‍රතිකාර ගත් රෝහල සිංගප්පූරුවේ මවුන්ට් එළිsසබෙත් රෝහලය. මේ රෝගියාගේ නම ගඩාµs බවත් ඔහු ලිබියාවේ ජනාධිපති බවත් රෝහල් කාර්ය මණ්‌ඩලය දැන සිටියේ නැත. දැන ගත්තත් එයින් ඔවුන්ට වැඩකුත් නොවීය. මන්ද ඒ වනවිටත් ඉන්දියාවේ අගමැතිවරුන් දෙදෙනෙක් සහ ජනාධිපති කෙනෙක් මේ රෝහලෙන් ප්‍රතිකාර ගෙන තිබිණ. බෲනායි රාජ්‍යයේ සුල්තාන්වරයා Full body checkup සඳහා ආවේද මේ රෝහලටය. එවකට නැග එමින් පැවැති චීන අර්ථපතිත්වය චීනයේ ශැංහයි නගරයෙන් ගුවන් යානයකට නැග සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළින් ගුවන් යානයෙන් බැස චීන ඔත්තුකාරයන් හෙට අහල පහල සිටින්නේ දැයි වටපිට බලා මේ රෝහලට රිංගා විවිධ ලෙඩට බෙහෙත් ගත්හ. මවුන්ට් එළිසබෙත් රෝහල ලොව විශාලතම පෞද්ගලික රෝහල් ජාලා දෙකෙන් එකකට අයත් ය. අද වනවිට ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් සහ ධනවතුන් වැඩි හරියක් අසනීපයක් වූ විට දිව යන්නේ මේ රෝහලටය. මැලේසියානු අගමැති මහතිර් මොහොමඩ් බලයේ සිටියදී මෙන්ම එසේ නොවන අදත් ප්‍රතිකාර ගන්නේ මේ රෝහලෙන් ය. "මවුන්ට් එළිසබෙත්" අයත් වන්නේ මැලේසියාවේ පිහිටි පාක්‌වේ හෙල්ත් කෙයාර් සමාගමටය. මේ සමාගමට රටවල් 9 ක රෝහල් 49 ක් තිබේ. ඒ රෝහල්වල ඇඳන් 9000 ක් තිබේ. තවත් ඇඳන් 3000 ක් මේ අවුරුද්දෙ එකතු වෙමින් තිබේ. මෙහි කාර්ය මණ්‌ඩලය 25000 කි. මවුන්ට් එළිsසබෙත් ග්ලේන් රහල්ස්, හන්නායි, අභිබාදෙව් යන වෙළෙඳ සන්නාම අද ඔවුන් සතුය. මෙකී වෙළෙඳ සන්නාම ද ලෝකයේ මිල අධිකම වෙළෙඳ සන්නාම වන්නේය.
++++++++++++++++++++++++++++++++++++++++++++
පාක්‌වේ හෙල්ත් කෙයාර් සමාගම සතුව ආසියා ශාන්තිකර කලාපය තුළ රෝහල් 22 ක් ඇත. සිංගප්පූරුව තුළ පමණක් රෝහල් 3 ක් ඇත. එයින් පළමුවැන්න මෙයට වසර 30 කට පෙර විවෘත කළ මවුන්ට් එළිසබෙත්ය. දෙවැන්න, මවුන්ට් එළිසබෙත් නොවිනා ය. තෙවැන්න, ග්aලේන් ඊගල් ය. මේ සියලු රෝහල් අතර වැඩිම ජනප්‍රියත්වයක් ඇති රෝහල මවුන්ට් එළිසබෙත්ය. එහි අයිතිකරුවන් මැලේසියානුවන් වුවද, එය ඉදිකර ඇත්තේ සිංගප්පූරුවේ වුවද, එහි සේවය කරන කාර්ය මණ්‌ඩලයෙන් 99% ක් ම චීන ජාතිකයෝ ය. මේ කලාපයේ හොඳම සෞඛ්‍ය පහසුකම් ඇති රෝහල මෙය බවට විවාදයක් නැත. ආසියා ශාන්තිකර කලාපයේ රොබෝවරුන් මගින් සැත්කම් මෙහෙය වීමට පටන් ගත් පළමුවන රෝහල මවුන්ට් එළිසබෙත් ය. මස්‌තිෂ්කය සහ ස්‌නායු රෝග, අස්‌ථි ආබාධ, පිළිකාව, ළමා රෝග, ටී. එන්. ටී. අක්‍ෂි රෝග, සාමාන්‍ය සැත්කම්, හෘද සහ කපාට සැත්කම්, හෝමෝන අසමතුලිතභාවය, වකුගඩු ආබාධ, පෙණහලු රෝග, උදර සහ ආහාර ජීරණ පද්ධතියේ ආබාධ, ඉන්ද්‍රීය බද්ධ සහ සෛල බද්ධ කටයුතු, මෞත්‍ර වාහිනී පද්ධතියේ රෝග, කාන්තා රෝග ඇතුළු ශාරීරික ආබාධ සුවිශාල පරාසයක් සඳහා මේ රෝහල ප්‍රතිකාර කරයි. එකම ප්‍රශ්නය මේ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට සල්ලි ලොරියකුත් තවත් ස්‌වල්පයක් අවශ්‍ය වීමයි.
මවුන්ට් එළිsසබෙත් රෝහලේ කාමර ගාස්‌තු පටන් ගන්නේ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 67200 කිනි. එයට 7% ක් වූ ජී එස්. පී. බද්ද ද ඇතුළත්ය. මෙහි ඇඳන් දෙකක් තිබේ. ඇඳන් 4 ක් ඇති කාමර ද තිබෙන අතර එක් ඇඳක් සඳහා (ආහාර ද සහිතව) දෛනික ගාස්‌තුව ලංකාවේ මුදලින් රුපියල් 23100 කි. ඊළඟට එන්නේ එක්‌ස්‌කිටිව් ඩිලක්‌ස් සූට් රූම් ය. එහි මිල දිනකට සිංගප්පූරු ඩොලර් 1068 වේ. ලංකාවේ මුදලින් රුපියල් එක්‌ලක්‍ෂ දොළොස් දහස් එකසිය හතළිහකි. ඊළඟ කාමර වර්ගය වන ඩැෙµdඩිල් මැග්නෝලියා කාමරය දිනකට රුපියල් දෙලක්‍ෂ හතළිස් හත්දහස් පන්සිය අනූවකි. ඪෂඡ කාමරයක් රුපියල් තුන්ලක්‍ෂ අසූ දහස් නවසිය හතළිහකි. රෝයල් කාමරයක් දිනකට රුපියල් පන්ලක්‍ෂ විසි නවදහසකි. එහිම මදක් විශාල කාමරය රුපියල් හයලක්‍ෂ හැත්තෑ අට දහසකි. එහිම විසිත්ත කාමර ද සහිත කාමරය රුපියල් නවලක්‍ෂ හැත්තෑහය දහසකි. ඒ අතර දිනකට රුපියල් පහළොස් ලක්‍ෂ දහතුන් දහස් එකසිය පනස් පහක් අය කරන කාමරද තිබේ. ඒවා ඇත්තේ මවුන්ට් එළිසබෙත් නොවිනා රෝහලේය. මේ කාමරයේ නම රෝයල් සූට් ය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරුන් රජවරුන් යනාදීන් නවතින්නේ මේ රෝහලේ ය. එක දවසක් තුළ සිදු කරන සැත්කම් වර්ගයක් ද මවුන්ට් එළිසබෙත් රෝහල විසින් හඳුන්වා දී තිබේ. එවැනි සැත්කමක් ලංකාවේ මුදලින් රුපියල් 15,000 කි. කාමර කුලිය පළමු පැය 3 තුළ අය නොකෙරේ. ඉන්පසු ගතවන සෑම පැයකටම රුපියල් 3500 ක් හා සමාන මුදලක් අය කෙරේ.
මවුන්ට් එළිsසබෙත් රෝහල් කාමරවල පහසුකම් තරු පහේ හෝටල් පහසුකම් ද ඉක්‌ම වන බව පමණක් සඳහන් කරමින් මේ ලිපිය නිම කරමු.
සංඛනාද වෙදගෙවත්ත
0 Comments