රුවන්පුරය මැද සැඟවුණු කටුගස්‌ඇල්ල


ශ්‍රී ලංකාව තුළ ඇතැයි ගණන් බලා ඇති මුළු දිය ඇලි සංඛ්‍යාව 382 ක්‌ පමණ වේ. මෙම දිය ඇලි අත§න් වැඩිම (109) දියඇලි සංඛ්‍යාවක්‌ රත්නපුර දිස්‌ත්‍රික්‌කය තුළ පිහිටා ඇත. රත්නපුර මහ නගර සභා සිමාවට අයත් හෙක්‌ටයාර් 103 ක්‌ පමණ වු කටුගස්‌ඇල්ල රක්‍ෂිතයෙන් පෝෂණය ලබන කටුගස්‌ඇල්ල රුවන්පුරයේ සුන්දරත්වයට අභිමානයක්‌ එක්‌ කරයි.

කටුගස්‌ඇල්ල රක්‍ෂිතයේ ජෛව විද්‍යාත්මක වටිනාකම මෙතෙකැයි ලඝූ කොට දැක්‌විය නොහැකි තරම් විශාල වටිනාකමකින් යුක්‌තය. ලංකාවට ආවේණික දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති හොර ශාක කුලයට (Dipterocarpaceae) අයත් ශාක වලට හා උඩවැඩියා (Orchid) ශාක වලට රැකවරණය සලස්‌වන වාසස්‌ථානයක්‌ ලෙස හඳුනාගෙන ඇත. මීට අමතරව ඉතාම දුර්ලභ ලංකාවට ආවේණික උඩවැඩියා විශේෂයක්‌ වන Bromheadia srilankensis ශාකය මෙම වනාන්තරයේ දැකිය හැක. බෝවිටියා කුලයට අයත් අපිශාකයක්‌ ලෙස වර්ධනය වන Medinella cunata ශාකය මෙම වනාන්තරයේ පවතින දුර්ලභ සපුෂ්ප ශාක අතිරින් ඉතාම වැදගත් ශාකයකි. මෙම වනාන්තරයේ ශාක විවිධත්වය මෙන්ම අද්විතීය වු සත්ත්ව විවිධත්වයක්‌ ද දැකගත හැකිය. මත්ස්‍යා, උභය ජීවින්, උරගයින්, පක්‌ෂීන්, ක්‌ෂීරපායින් හා සමනලුන් යන සත්ත්ව කාණ්‌ඩවලට අයත් සතුන් විශාල ප්‍රමාණයක්‌ මෙම වනාන්තරය තුළ දක්‌නට ලැබේ.

ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ අතර වඳවී යාමේ තර්ජනයට ලක්‌ වී ඇති ලංකාවේ ආවේණික මත්ස්‍ය විශේෂ අතර ලේ තිත්තයා (Puntius titteya), තල් කොස්‌සා (Belontia signata), හල්මල් දණ්‌ඩියා (Rasboroides vaterifloris), කට රතු වැලි ගොව්වා (Sicyopus jonklaasi), ගල් වැලි ගොව්වා Sicyopteres halei) යන විශේෂ කටුගස්‌ ඇල්ල හා කටුගස්‌ ඇල්ල රක්‍ෂිතයේ ඇති කුඩා දිය පහරවල්වල දක්‌නට ලැබේ. කටුගස්‌ඇල්ල වනාන්තරයේ පහතරට තෙත් වනාන්තරවලට ආවේණික පක්‌ෂීන් සියල්ල දැකගත හැකි වනාන්තරයක්‌ ලෙස හ»න්වා දිය හැකිය. ලංකාවට ඉතාම දුර්ලභ පක්‌ෂී විශේෂයක්‌ වන බට ඇටි කුකුළා (Green - billed Coucal) හිස අළු දෙමලිච්චා (Ashy - headed Laughingthrush) හට මෙම වනාන්තරය නිවහන සපයයි.

රත්නපුර මහ නගර සභා සීමාවට අයත් ගම්මාන කිහිපයක ජීවත් වන මිනිසුන්ගේ ජල අවශ්‍යතාව සම්පූර්ණ කරන මෙම සුන්දර ඇල්ල ස්‌ථර 2 කින් යුක්‌ත වේ. මෙහි පළමු ස්‌ථරය මීටර 06 ක්‌ පමණ උස වන අතර අනෙක්‌ ස්‌ථරය මීටරයක්‌ පමණ වේ. පතුල නොපෙනෙන ස්‌වභාවික ජල තටාක හා පතුල පෙනෙන ස්‌වභාවික ජල තටාක විශාල ප්‍රමාණයක්‌ පැවතීම ඇල්ලේ සුන්දරත්වය තවත් වැඩි කරයි. තැනින් තැන විසිරී ඇති කඩා දැමූ මත්පැන් බෝතල්, පොලිතින් කවර, හා ප්ලාස්‌ටික්‌ කෝප්ප මෙම ස්‌ථානයේ සුන්දරත්වය කෙලෙසන මිනිසුන්ගේ අඳුරු සෙවනැලි මෙම සුන්දර දිය ඇල්ලට වැටී ඇති බවට කදිම නිදසුන් වේ. රුවන්පුරයේ මිණි කැටයක්‌ බ» වු මෙම සුන්දර දිය ඇල්ල ආරක්‍ෂා කර ගැනීsම පිළිබඳව වගකිවයුතු බලධාරීන් අවධානය යොමු විය යුතු කාලය එළඹ ඇත. 

එසA. ඩී. සිරිමාන්න 
ඡායාරුප - අංජන සම්පත

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us