සම වයසේ තරුණ තරුණියන්ගේ වෙනස්‌ රුචිකත්වයන් හඳුනා ගන්න


යාන්තමින් දැලි රැවුල වැවුණු මුහුණින් යුත් තම පුතු හෝ හොඳින් අඟ පසඟ වර්ධනය වූ තම දියණිය දෙස බලමින් දෙමාපියන් මවන සිහින බොහෝය. ඒ අතර රටේ ලෝකේ සිද්ධවෙන විවිධ සිද්ධීන් අහන දකිනවිට තම තරුණ දුව පුතා ගැන දෙමාපියනට බියකුත් දැනේ. "ඉස්‌සර වගේ නෙවෙයි දැන් සමාජය බොහොම සංකීර්ණයි. වැරදි මඟට යොමුවන්න තියෙන ඉඩකඩ වැඩියි" වැඩිහිටියෝ පවසති. නමුත් සමාජය සංකීර්ණ වූයේ කෙසේදැයි කියා ඔවුහු සොයා නොබලති.

වර්තමාන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිළිබඳව කරන ලද සමීක්‌ෂණයකට අනුව අනාවරණය වී ඇත්තේ ඔවුන්ගෙන් බහුතරයකගේ පළමු අපේක්‌ෂාව රැකියාවක්‌ සඳහා විදේශගත වීමය. එලෙස විදේශ ගතවීමට සිතන තරුණ තරුණියන් නිතර අවධානය යොමු කරන්නේ බටහිර ගැති සිරිත් කෙරෙහිය. එම රටවල ඇති අධ්‍යාපන නිදහස, සමාජ නිදහස ගැන තොරතුරු දැනගන්නා ඔවුහු එය ශ්‍රී ලංකාව තුළදීත් අත්විඳීමට උත්සාහ කරති.

එහිදී තරුණවියේ පවතින කුතුහලය, ආවේගශීලි බව සහ ශරීරයේ ජවසම්පන්න බව උපයෝගි කරගෙන බොහෝ තරුණ තරුණියෝ ලිංගික සතුට කෙරෙහි වැඩි උනන්දුවක්‌ දක්‌වති. තරුණවියේ බරපතළ ගැටුම් මතුවන්නට පටන් ගන්නේ මෙතැන් සිටය. අප රට තුළ ලිංගික අධ්‍යාපනයට ඇති ඉඩකඩ සීමිතය. ඒනිසා නිවැරදි ලිංගික දැනුම සහිත පිරිස සිටින්නේ අතළොස්‌සකි. බහුතරයක්‌ තුළ ඇත්තේ බටහිර කාම චිත්‍රපට නැරඹීම තුළින් ලද දැනුමය. මෙම දැනුම සාමාන්‍ය ලිංගික දිවිය පිළිබඳ දැනුම නොව විකෘති කළ ලිංගික ක්‍රියා පිළිබඳ දැනුමකි. 

තරුණයකුගේ පසුම්බියේ උපත්පාලන කොපුවක්‌a තිබණහොත් දෙමාපියන් සිතන්නේ තම දරුවා අනියම් සම්බන්ධතා සඳහා යොමුවී ඇති බවය.

ගැහැනු දරුවකු පිරිමි දරුවකු සමඟ නිතර කතා බහ කළහොත්, සිපවැළඳ ගතහොත් සිතන්නේ දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක්‌ ඇතැයි කියාය.

මෙවැනි පටු කෝණ ඔස්‌සේ තම තරුණ පුතුන් දියණියන් දෙස බලමින් ඔවුනට තරවටු කිරීම සහ තහංචි පැනවීම තුළින් සිදුවන්නේ ඔවුන් වඩාත් ආවේගශීලි වීමය. සාමාන්‍යයෙන් තරුණ තරුණියන් තුළ ආවේගශීලි බව පැවතීම සාමාන්‍ය ලක්‌ෂණයකි. කුතුහලය, අත්දැකීම් ලැබීමේ ආශාව තුළ සිරවී සිටින තරුණ තරුණියනට අසීමිත සීමා පැනවීම සහ තහංචි දැමීම යනු පනින රිළවුනට ඉනිමං බැඳීම වැනිය.

වර්තමාන සමාජයේ තරුණ තරුණියන්ගෙන් 8% ක පිරිසක්‌ සමලිංගිකත්වයට රුචිකත්වයක්‌ දක්‌වති. මෙම සමලිංගිකත්වය යනු ලිංගිකව එක්‌වීම පමණක්‌ නොවේ. තමා නිතර ඇසුරු කරන යහළුවාට යෙහෙළියට ආදරය කිරීම තම සමවයසේ සිටින යහළු යෙහෙළියන් අතරින් කැපීපෙනෙන චරිතයට වැඩි ඇල්aමක්‌ දැක්‌වීම මෙම සමලිංගිකත්වයේ ලක්‌ෂණ අතර දැකිය හැකිය. 

මෙය බොහෝවිට දැකිය හැක්‌කේ කාන්තාවන් පමණක්‌ හෝ පිරිමින් පමණක්‌ සිටින පාසල්හි ඉගෙනුම ලබන යොවුන් දරු දැරියන් තුළ, කාන්තාවන් හෝ පිරිමින් පමණක්‌ සිටින නේවාසිකාගාර තුළ, කාන්තාවන් හෝ පිරිමින් පමණක්‌ සාමාජිකත්වය දරන ක්‍රීඩා කණ්‌ඩායම් තුළය. සම වයසේ සිටින සමලිංගිකයන් වැඩි කාලයක්‌ එකට ඇසුරු කරනවිට මෙම ආකල්ප ඇතිවේ. එය සාමාන්‍ය දෙයකි.

තරුණ දියණියන් තරුණ පුතණුවන් අතර මිශ්‍ර සම්බන්ධතා ඇති කිරීමෙන් මෙම සමලිංගික ඇසුර දුරස්‌ කළ හැකිය.

සම වයසේ පසුවන සමලිංගිකයන් අතර ලිංගික අවයව ගැන ක්‍රියා කාරකම් ගැන සංවාද ඇතිවීම කතාබහ ඇතිවීම සාමාන්‍ය දෙයකි. මෙහි ගැටලුව මතු වන්නේ තම සාමාන්‍ය දිවි පෙවතට බාධා ඇති කරමින් මෙම කතාබහ, පවතින ඇසුර සහ ක්‍රියාකාරකම් පැවතීමය.

මෙලෙස තරුණ තරුණියන් අතර මතුවන විෂම ක්‍රියාකාරකම් දුරස්‌ කිරීම සඳහා ඔවුනට තරගකාරී අධ්‍යාපන රටාවෙන් මිදී ඉතිහාසය පිළිබඳව දැනුම ලබාගැනීමට අවස්‌ථාව උදා කිරීම රසවින්දනය හුරුකිරීම සඳහා චිත්‍ර ශිල්පය, සංගීතය, නාට්‍ය කලාව, නර්තනය වැනි සෞන්දර්ය ක්‍රියාකාරකම් වෙත යොමු කරවීම තම මව් භාෂාව සහ වෙනත් භාෂාවන් පිළිබඳව ලිවීමේ කියවීමේ සහ කතාබහ කිරීමේ දැනුම ලබාදීමට අවස්‌ථාව උදාකරදීම, බැඩ්මින්ටන්, ටෙනිස්‌, පිහිනුම්, දිවීම, පැනීම වැනි තනිව තම ශක්‌තිය වැය කළ යුතු ක්‍රීඩා සඳහා යොමු කිරීම ආදිය කළ හැකිය.

තරුණ තරුණියන් තුළ විවිධ රුචිකත්වය ඇතිකිරීම ආහාර පාන මගින්ද කළ යුතුය. ඇතැම් දෙමාපියෝ තම දරුවනට එකම වට්‌ටෝරුවකට ආහාර පාන ලබාදෙති. මින් දරුවන් තුළ ඇතිවන ඒකාකාරී ආහාර රටාව සෙසු ක්‍රියා කාරකම් සඳහාද බලපානු ඇත. එසේම මෙවැනි දරු දැරියන්ගේ ශරීරයේ ප්‍රතිශක්‌තියද 25% ක්‌ පමණ අඩුවේ.

මෙය වළක්‌වාලමින් කුඩා කල සිට දරු දැරියනට අඩුම තරමින් වර්ණ තුනකින් යුත් එළවළු පලතුරු සහ ධාන්‍ය වර්ග ආහාරයට හුරුකළ යුතුය. ඉන් දරුවාගේ පෝෂණය ඉහළ යන අතරම රුචිකත්වයද ඉහළ යයි. ඉහළ රුචිකත්වයකින් ඇති දරුවා තුළ ඉවසීම, රසවිඳීමේ කැමැත්ත සහ විවිධ ක්‍රියාකාරකම්වල වෙනස්‌ බව වටහා ගැනීමේ හැකියාව ඉහළ මට්‌ටමක පවතී.

මෙවැනි දරුවන් ඉතා කුඩා සිද්ධියකට වුව සැලෙන්නේ නැත. කෝපයට පත්වන්නේ නැත. දිවි නසා ගැනීමට පෙළඹෙන්නේ නැත. ඔවුන් තුළ විවිධ රුචිකත්ව පිළිබඳ අවබෝධය ඇති නිසා එක්‌ දෙයකට කොටු නොවේ. ගැටලුවක්‌ මතුවූ විට ඉන් මිදීමට ඇති මාර්ග පිළිබඳව සොයා බැලීමට වෙහෙසේ.

එංගලන්තයේ රාජකීය ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න.

* උපාලි ද සේරම්

Post a Comment

0 Comments