දුම්පානය අත්හැරීමට වැඩපිළිවෙළක්‌


දුම්පානය හේතුවෙන් අප රටේ වසරකට 20,000 කට අධික ප්‍රමාණයක්‌ මිය යන අතර, සෑම වසරකම 25,000 කට වැඩි දරුවන් ප්‍රමාණයක්‌ දුම්පානය සඳහා හුරුකරගැනීමක්‌ සිදුවෙයි. ඒ අනුව දිනකට අලුතෙන් දරුවන් 70 - 80 ක්‌ පමණ දිනපතා සිගරට්‌ බීමට හුරුවේ. දිනපතා සිගරට්‌ භාවිත කරන්නන් ලෙස මිය යන 60 දෙනා නිසා රටේ කාන්තාවන් 50 කට වැඩි ගණනකට තම ස්‌වාමිපුරුෂයා අහිමිවේ. දරුවන් සිය ගණනකට දිනපතා තම ආදරණීය පියා අහිමි වේ. බොහෝ පවුල්වල මෙලෙස පියා මිය යැම නිසා එම පවුල් ඉතා අන්ත අසරණ තත්ත්වයකට පත්වන අවස්‌ථාද නැතුවම නොවේ.

සිගරට්‌ බීම සඳහා දිනකට කෝටි 25 (මිලියන 250) කට වඩා අප රටේ ජනතාව වියදම් කරන අතර, දළ වශයෙන් දිනකට සිගරට්‌ 5 ක්‌ බොන අයකු මසකට රුපියල් 4500/} ක්‌ පමණ සිගරට්‌ බීම සඳහා වියදම් කරයි. 

මීට අමතරව, ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම, කැතවීම, ගඳ ගැසීම ආදියද සිගරට්‌ නිසා සිදුවේ. පිළිකා, හෘදයාබාධ වැනි රෝගී තත්ත්වයන්ද ඇති වේ. මහරගම පිළිකා රෝහලේ 40% වැඩි රෝගීන් සිගරට්‌ හේතුවෙන් විවිධ පිළිකාවන්ට ගොදුරු වූවන්ය.

නමුත් අප රටේ සියලුම දෙනා සිගරට්‌ භාවිතා නොකරන තත්ත්වයකට පැමිණියහොත් (දැනටමත් 90% ක්‌ භාවිත නොකරන අයයි.) මෙම ගැටලුව ඉතා සරලව, ස්‌ථිරවම විසඳෙනු ඇත. ඒ සඳහා භාවිතයට අලුතෙන් පිරිස්‌ පුරුදුවීම වැළැක්‌වීම ඉතා වැදගත් වන අතර, ඒ සඳහා පෙළඹවීමක්‌ ඇතිකරමින් සිගරට්‌ භාවිතය නතර කර ඉන් නිදහස්‌ වීමේ ශීඝ්‍ර ක්‍රියාවලියක්‌ ආරම්භවීම ඉතා වැදගත්ය. දැනට රටේ විවිධ ආයතන හා සංවිධාන විසින් විවිධ මට්‌ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන නමුත් සිගරට්‌ භාවිතය නතර කිරීමේ ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාවක්‌ පවතී. ඒ සඳහා නායකත්වය දීමට FෂීD මේ මොහොතේ කටයුතු කරමින් සිටී.

ගඳ ගහගෙන, සල්ලි වියදම් කරගෙන, කැත වෙවී, දුක විඳගෙන, අමාරුවෙන් තවත් සිගරට්‌ බොන්නේ මොකටද? ඔබේ සිගරට්‌ බීමේ පුරුද්ද නතර කීරීමට අදම තීරණය කරන්න. ඒ සඳහා උදව් කරන්න දැන් වැඩපිළිවෙළක්‌ තියනවා.

ඔබ කළ යුත්තේ දුරකථන ඇමතුමක්‌ ලබාදීම, ලිපියක්‌ එවීම හෝ අපගේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලයකට පැමිණීම පමණි.

අමතන්න - 0112887666

දුම්පානයෙන් නිදහස්‌වීමේ ජාතික වැඩසටහන
නෙව්‍යාaත්පාද සමාජ සංවර්ධන පදනම
58/19, පාසල් පටුමග, නාවල රාජගිsරිය.

Post a Comment

0 Comments