අවිහිංසාවාදයට මුල්තැන දුන් සායි බාබාතුමා


1926 නොවැම්බර් මස 23 වැනි දින භාරතයේ අන්ද්‍රd පෙදෙසේ පුත්තපාරතී ගමේ උපත ලැබූ සත්‍ය ශ්‍රී සායි බාබාතුමාගේ 87 වැනි ජන්ම සංවත්සරය යෙදෙන්නේ නොවැම්බර් මස 23 වැනි දිනයේදීය. 2011 මාර්තු 28 වැනි දින අසනීප වීමන් පසු පුත්තපාර්තී වෛද්‍ය මධ්‍යස්‌ථානයට ඇතුළත් කිරීමෙන් පසු සායි බාබාතුමා අපවත් වූ බව 2011 අප්‍රේල් 24 වැනි දින උදෑසන 7.40 ට ප්‍රකාශයට පත් කෙරුණි.

එතුමා අමතක නොවන චරිතයක්‌ වන්නේ මිනිස්‌ වර්ගයාට කරන ලද සේවා හා ලෝ වැසියන්ගේ සිත් තුළ වර්ධනය කළ ගුණධර්ම හේතුවෙනි. සත්‍ය ශ්‍රී සායි බාබා පදනම පිහිටුවා පුත්තපාර්තී ගම්මානය දියුණු කරමින් රෝහල් හා වෛද්‍ය මධ්‍යස්‌ථාන පිහිටුවමින් ඇරැඹි සමාජ සේවා, නොමිලේ අධ්‍යාපනය ලැබීමට පාසල් හා විශ්වවිද්‍යාල ඇරැඹීම දක්‌වා ව්‍යාප්ත විය. අසරණ ජනතාවට නිවාස ඉදිකර දීමෙන් නොනැවතී පානීය ජල ව්‍යාපෘතියක්‌ ඉදිකිරීමද එම සමාජ සේවයට ඇතුළත්ය.

එතුමාගේ අනුගාමිකයන් අතර ලෝ පතල දේශපාලකයන්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් හා සාහිත්‍යධරයන්ද සිටී. මේ බොහෝ දෙනෙක්‌ එතුමාගේ ප්‍රාතිහාර්යයෙන් සියෑසින් දුටු බව පළකර ඇති ග්‍රන්ථ හා පුවත්පත්වල පළවූ ලිපි මගින් හෙළිවේ. සායි බාබාතුමා මෙසේ පවසා ඇත. "මිනිසා තුළ ක්‍රියාකාරී බලවේග තුනක්‌ ඇත. ඒවා නම් මනස, වාග් ශක්‌තිය, හා සිරුරයි. මේවා පූජනීය කාර්යයන් සඳහා යොමු කරන විට මිනිස්‌සුද ශාන්තුවර තත්ත්වයට පත් වන්නේය. ආධ්‍යාත්මික ගුණය, මනෝ හා හෘද විශුද්ධිය සඳහා මෙම කාරණා තුන උපකාරී වේ..."

මිනිසෙකු ලෙස ඉපදුණේ ඇයි දැයි වරක්‌ බැතිමතකු එතුමාගෙන් විමසන ලදී. එතුමා පවසා ඇත්තේ "ඔබට පුද්ගලයකු දියේ ගිලීමෙන් බේරා ගැනීමට අවශ්‍ය නම් ඔබ වතුරට බැසිය යුතුය. මිනිසාට දෙවියන් හඳුනා ගත හැක්‌කේ ඔබ මිනිස්‌ වෙසින් සිටින විටදීය" යනුවෙනි. ශිර්දි සායි යනු සායි බාබාතුමාගේ පෙර ආත්මයයි. එකල එතුමා අවුරුදු 83 ක්‌ ජීවත් වී 1918 ඔක්‌තෝබර් මස 15 වැනි දින අභාවප්‍රාප්ත විය. ඉන් වසර අටකට පසු 1926 නොවැම්බර් 23 වැනි දින සත්‍ය සායි බාබා නමින් එතුමා යළි ඉපදුණේය. තමා මියයැමෙන් වසර අටකට පසු "ප්‍රේම් බාබා" නමින් උපත ලබන බව එතමා පවසා ඇත.

ප්‍රාම් දෙල්දෙණිය 
ලලිතකලා ශිරෝමණී

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us