සමාජ මාධ්‍ය ලංකාවෙන් ඉවත්විමේ සූදානමක් - SLTC


ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ශ්‍රී ලාංකික ජනතාවට වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහයඛෛඔ(SLTC) පවසයි.

මෙලෙස තම සමාජ මාධ්‍ය අඩවි මෙරට තුළ වාරණයකට ලක්වීම අන් රටවල් ආදර්ශයට ගතහැකි බැවින් එය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සමාගම් වල කිර්ති නාමයන්ටද කැළලක් වන බැවින් එම සමාගම් තම සේවාවන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලබානොදීමට කටයුතු කිරීමට ක්‍රියාකළ හැකියැයි ඔවුහු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රජයක් විසින් සිදුකළ යුත්තේ අසත්‍ය ප්‍රචාර පැතිරෙනවා යැයි කියා සමාජ මාධ්‍ය වාරණය කිරීම නොව සමාජ මාධ්‍ය ජාල අඩවි සමාජයේ යහපත උදෙසා යොදාගන්නා ආකාරය පිලිබදව ජනතාව දැනුවත් කිරීම බවත් කුඩා දරුවාගේ පටන් මෙම දැනුවත් කිරීම් සිදුකල යුතු බවත් පාසල් ICT විෂය නිර්දේශයට සමාජ මාධ්‍ය පරිහරණය පිළිබද විෂය කරුණු එක් කලයුතු බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us