සුසන්ත හාමුට වැඩිදුර පුහුණුවක් සඳහා එංගලන්තයට යෑමට සිදුවිය. කමලා හා රමණී හාමු වලව්වේ තනි විය. රමණී හාමු සුසන්ත හාමු සමඟ විවාහවී මාස හතරකට වඩා නැත. වලව්ව වටා විශාල පොල් වත්තකි. තෙපානිස් එහි මුර මඩුවේ ජීවත් වේ. මසක් පමණ ගත වෙද්දී රමණී හාමු තෙපානිස්ට යෝජනා කළේ කමලා සමඟ විවාහ වන ලෙසටය. ඒ අනුව කමලා සමඟ විවාහ වූ තෙපානිස්ගේ නිවස මුර මඩුවම විය. රමණි හාමු වලව්වේ තනි විය. දිනක් එක්තරා තරුණයකු වලව්ව දෙසට යනු දුටු තෙපානිස් ඒ ගැන සෝදිසි කිරීමට වලව්වට ගියේය. ‘උඹ මොකද මෙහේ මං ඕන උනොත් උඹට කතා කරන්නං පලයං පලයං’’ යැයි කියා තෙපානිස් එළවා දැමීය.
නිව්ටන් නමැති එම තරුණයා වලව්වට නිතර නිතර එන්නට පටන් ගත්තේය. දිනෙක රාත‍්‍රී කාලයේ ඒ තරුණයා වලව්වේ නතරවී සිටිනු දුටු තෙපානිස් එසේ නොකරන ලෙස රමණී හාමුට කියන ලෙස කමලාට කීවේය. කමලා මේ ගැන හාමුට කියන්නට ගොස් ඇති තරම් බැණුම් අසා ගත්තාය. නිව්ටන් මහතා නිතරම වලව්වට යන්නට එන්නටත් දින දෙක තුන එක දිගට ඉන්නටත් පටන් ගත්තේය.
එක් දිනක් රමණී හාමුට පිටරටින් ලිපියක් ලැබිණි. ඉන් මහත් කලබලයට පත් ඇය එහේ මෙහේ පිස්සියක මෙන් දිව යන්නට වූවාය. නිව්ටන් මහතා සමඟ රණ්ඩු වෙනවාද ඇසිණ. ටික වේලාවකින් නිව්ටන් මහතා පිටත්ව ගියේය.
එදින සවස එංගලන්තයේ පුහුණුවට ගොස් සිටින සුසන්ත හාමු නත්තල් නිවාඩුව සඳහා ලංකාවට පැමිණියේය. ‘‘කෝ තෙපානිස් රමණී හාමු’’ සුසන්ත හාමු විමසීය. වලව්වෙ ඉන්නව හාමු කියමින් තෙපානිස් සුසන්ත හාමුගේ ගමන් මලූ කුලී රථයෙන් බිමට ගත්තේය. වලව්වේ කාමරයට ගිය සුසන්ත හාමු අධික භීතියට පත් විය. සුසන්ත හාමුගේ ගමන් මලූ කාමරයට ගෙන ගොස් තබන්නට ගිය තෙපානිස්ට කෑගැසිණි. රමණී හාමු තිර රෙදි දැමීමට ඇති යකඩ අල්ලූවේ සාරියක කොණක් ගැට ගසා අනෙක් කොණ බෙල්ල වටා ඔතාගෙන ජනෙල් පඩියෙන් පැන සිය දිවි හානිකරගෙන තිබිණි. එය ඉතා බියකරු දර්ශනයක් විය. ඇගේ ඇස් උඩ ගොස් තිබිණ. දිව එළියේය. මරණ පරීක්‍ෂණයේදී එළි වූයේ ඇය දෙමස් ගැබිණියක බවය. භූමදාන කටයුතුවලින් පසු සුසන්ත හාමු නැවතත් එංගලන්තය බලා පිටත් විය.
වලව්ව හා ඉඩම විකිණීමට පත්තරයේ දැන්වීමක් දමා ඇති බව කඬේ මුදලාලි තෙපානිස්ට කීවේය. මින් ඉතා කළබලයට පත් තෙපානිස්ට මේ ගැන කමලාට කී විට ‘‘අනේ ඉතිං අපට මොනවද වෙන්නේ’’ කියමින් හඬා වැටෙන්නට වූවාය. ‘‘හරි හරි බලමු බලමු’’ තෙපානිස් කීවේය. තෙපානිස් කමලාගේ මල්ලී වන අයෙක් කැඳවාගෙන විත් වලව්වේ එළියේ කාමරයේ නැවැත්වීය. පත්තරයේ දැන්වීමට අනුව වලව්ව බලන්නට ආ බොහොමයක් දෙනෙක් රමණී හාමුගේ මරණය සිදුවන අයුරු අසා ආපසු හැරී ගියේය. මේ ගැන විස්තර අතිශයෝක්තියෙන් එන අයට කීවේ මඟ රැකගෙන සිට කමලාගේ මල්ලීය.
දිනක් ජූඞ් නමැති තරුණ මහතෙකු පැමිණ වලව්වේ සියලූ තැන් පරීක්‍ෂා කොට බැලීය. ඔහු උපතින්ම කතෝලිකයෙකු වුණ අතර යන්ත‍්‍ර මන්ත‍්‍ර හොල්මන් පිළිබඳව කිසිම විශ්වාසයක් තිබුණේ නැත. නැවත දිනයක මුළු වත්තම බැලීමට එන බව පවසා ඔහු පිටත්ව ගියේය. දැන් නම් වැඩ වරදින බව තෙපානිස්ට තේරුණි.
දින දහයකට පසු යළිත් ජූඞ් මහතා පැමිණියේය. වත්තේ ඇවිද බලන ජූඞ් මහතාට දිවා ආහාරය තෙපානිස් පිළියෙල කර දුන් අතර නැවතත් වත්තේ ඇවිද පැමිණෙන විට ? බෝ වී තිබිණි. ජූඞ් මහතා ආපසු යන්නට සූදානම් වී තම මෝටර් රථය වෙතට පැමිණි විට එහි රෝද දෙකකම හුළං බැස ඇති බව දැක්කේය. ‘‘හරි වැඬේනෙ මහත්තයෝ දැන් මොකද කරන්නේ තෙපානිස් ඇසීය.’’ තියෙන්නෙත් එක ස්පෙයාර් වීල් එකයි. මේ හරියෙ නැද්ද ටයර් හදන තැන්’’ ජූඞ් මහතා ඇසුවේය. ‘‘ඒකට හැතැප්ම හත අටක් යන්න ඕන මහත්තයෝ ඒක මේ වෙලාවට වහලත් ඇති. ආයි හෙට උදේ දහයට විතර තමයි අරින්නෙ ’’ තෙපානිස් කීවේය. මං කියන්නම් මහත්තයෝ මහත්තය අද ? මෙහේ නවතින්න මං අර එහා මුර මඩුව ලෑස්ති කරලා දෙන්නං’’ තෙපානිස් කීවේය.’’ මුර මඩුව මොකටද මෙච්චර හොඳ වලව්වක් තියෙද්දි. ජූඞ් මහතා කීවේය. ‘‘ අපෝ! අපෝ!්! අපෝ්්!්්!්! ඒකෙ ඉන්න බෑ. ඒකෙන් ?ට කෙඳිරි ගානව ඇහෙනව කවුද ඇවිදිනව ඇහෙනව මහත්තයා මඩුවෙ ඉන්න. ජූඞ් මහතා හිනාවෙමින් ඇවිත් වලව්වේ පුටුවේ වාඩි විය. ‘‘තෙපානිස් ඔය හොල්මන් කියන්නෙ දුර්වල් හිත් තියෙන අයගෙ මනස හෙල්ලෙන එකට මගේ හිත එහෙම ගැස්සෙන්නෙ නෑ’’ කියමින් ඉනේ තිබූ පිස්තෝලය කනප්පුව උඩින් තැබුවේය. එයට තෙපානිස්ගේ හිත නම් ගැස්සී ගියේය.
ජූඞ් මහතාට රාත‍්‍රී ආහාරය තෙපානිස් විසින් ඉතා හොඳින් පිළියෙල කොට තිබිණි. ’’ මහත්තය ආසයි කියපු නිසා ඔන්න මං දඩ මස් ටිකකුත් හොයාගෙන ආව’’ තෙපානිස් කීවේය. ‘‘ නියමයිනෙ මොනවද මේ මස්’’ ජූඞ් මහතා ඇසීය. ‘‘ මේව වල් ඌරු මස් අපි කවුරුත් කන්නෙ නෑ. මහත්තයා ඔක්කොම ටික කන්න තෙපානිස් කීවේය. රාත‍්‍රී ආහාරයෙන් පසුව වලව්වේ කාමරයක් පිළියෙල කර දුන් තෙපානිස් ‘‘මම නං කැමැති නෑ. ඒත් මහත්තයා ඕනමයි කියපු හන්දා ඔන්න මං කාමරයක් ලෑස්ති කොරා. කෝකටත් මහත්තයා මේ ටෝච් එකත් ළඟින් තියා ගන්න.’’ යැයි කියමින් තම කෑලි පහේ විදුලි පන්දම ජූඞ් මහතාට දුන්නේය. කාමරේ ඔක්කොම හරියට අඟුළු දා ගන්න මහත්තය’’ තෙපානිස් කීවේය. මේ මනුස්සය හරි හොඳ මිනිහෙක් මං වත්ත ගත්තම මේ මිනිහා තියා ගන්නව සිතමින් ජූඞ් මහතා නින්දට ගියේය.
කාමරයේ කිසිවකු ඇවිදින ඡායාවක් ඔහුට පෙනිණිි. වහා විදුලි පන්දම අතට ගත් ජූඞ් මහතා විදුලි පන්දම ක‍්‍රියාත්මක කළත් එය දැල්වුණේ නැත. ඊළඟට කොට්ටය යට තැබූ පිස්තෝලය සෙවූ නමුත් එයද එතැන නොතිබිණි. කාමරයේ විදුලි බල්බය දැල්වීමට සිතා ඔහු ඇඳෙන් බිමට බැස්සේය. අධික ශීතලෙන් යුත් අතක් ඔහුගේ උරහිසට තැබූ අතර අනෙක් අතින් ඔහුගේ මුහුණ අත ගෑවේය. ඒ සමඟ තමාගේ ඇඟ අප‍්‍රාණික වීගෙන යන බව දැනිණ. ජූඞ් මහතා අධික බියට පත් විය. ඔහු බිම ඇදවැටිණ. ඔහුට ඇහැ ඇරුණේ පාන්දර නමයට පමණය. තමා දුටුවේ සිහිනයක් දැයි ඔහු කල්පනා කළේය. කොට්ටය යට තිබුණු පිස්තෝලය ඇඳ යට තිබෙනු දක්නට ලදී. විදුලි පන්දම ද දැල්විණි. ජූඞ් මහතාගේ බඩු කාමරය පුරා තැනින් තැන විසිරී තිබිණි. ඇතුළින් සොයිබ දමා තිබූ කාමරයට කිසිවෙකුට ඇතුළු වීමට නොහැක.
තමා දුටුවේ සිහිනයක් නම් තමාගේ බඩු කාමරය පුරා විසිරී ගියේ ඇයි දැයි ඔහු කල්පනා කළේය. ඉක්මනින් සූදානම් වූ ඔහු ගමන් මලූ ද රැගෙන මෝටර් රථය වෙත ආවේය. ඒ සමඟම එතැනට කමලාගේ මල්ලීද ආවේය. ‘‘ මහත්තයා මූත් එක්ක එකතු වෙලා ඔය රෝද දෙක පන්නන්න. මං ගොහිං අත්ට‍්‍රැක්ටරයක් හොයං එන්නං’’ යැයි කියමින් තෙපානිස් යන්න හදන විටම ‘‘ ඒයි තෙපානිස් මේ රෝද දෙකේම හොඳට හුළං තියෙනවනෙ’’ යැයි ජූඞ් මහතා කෑ ගැසීය. මොනවා! හරිම පුදුමයක්නෙ අපි ඊයෙ හවස හොඳටම දැක්කනෙ.’’ තෙපානිස් කිවේය. මෝටර් රථයට නැගි ජූඞ් මහතා යන්නට සැරසෙත්ම ‘‘මහත්තයා මහත්තයා උදේ කෑම හදලා තියෙන්නෙ කාල යන්න’’ යැයි තෙපානිස් කීවේය. නෑ නෑ ඕන නෑ කියමින් ජූඞ් මහතා යන්නට ගියේය. එංගලන්තයේදී යළිත් විවාහ වූ සුසන්ත හාමු එහිම පදිංචි විය. තෙපානිස් වලව්වේ නිළ නොලත් හිමිකාරයා විය.
ඇත්තටම සිදු වූයේ කුමක්ද ජූඞ් මහතා වත්තේ ඇවිදින අතරතුර කමලාගේ මල්ලී මෝටර් රථයේ ටයර් දෙකක හුළං ඇරියේය. ජූඞ් මහතාගේ රාත‍්‍රී ආහාරයේ ඌරු මස්වලට නිදි පෙති කළවං කොට දීම නිසා ජූඞ් මහතාට ඉතා තදින් නින්ද ගියේය. ජූඞ් මහතා කාමරයට එන්නට ප‍්‍රථම එහි වූ පිටුපස ගැලවූ අල්මාරියක් තුළ කමලාගේ මල්ලී සැඟව සිටියේය. නිදි පෙතිවල ක‍්‍රියාකාරී වේලාව අවසන් වේගෙන යද්දී අධි ශීතකරණයේ තබා ඉතා සිසිල් කරන ලද අත් වැස්මක් තෙපානිස් ගෙනැවිත් දුන්නේය. එය පැළඳගත් කමලාගේ මල්ලී විදුලි පන්දමේ බල්බය අක‍්‍රීය බල්බයකට මාරුකොට පිස්තෝලයද ඇද යටට දැමීය. නින්දෙන් ඇහැරුණු ජූඞ්ගේ ඇඟට අත තබා අනෙක් අතේ තිබූ ක්ලෝරෆෝම් රෙදි කැබැල්ල මුහුණට අල්වා ඔහුට සිහි නැති කළේය. ඉන් පසු ඔහුගේ බඩු බාහිරාදිය කාමරයේ තැන් තැන්වල දමා විදුලි පන්දමේ බල්බය හොඳ බල්බයකට මාරු කළේය. ඒ අතරතුර තෙපානිස් පාගන පොම්පයක් ආධාරයෙන් මෝටර් රථයේ රෝදවලට හුළං පිරවීය. නිදිපෙති තෙපානිස් හඳුනන රෝහල් සේවකයකුගෙන් ලබාගත් අතර ක්ලෝරෆෝම් ලබා ගත්තේ නගරයේ පාසලක විද්‍යාගාර සහායකයකුගෙනි.
චිත‍්‍රාන් මොරකන්දෙ ගමගේ