දිලානි පාසල් ගියත් හරිහමන් අධ්‍යාපනයක් නොලද තරුණියක වූවාය. පාසල් කාලයේදී ඇය පෙම්වතුන් කිහිප දෙනකුම ඇසුරු කළාය. සාමාන්‍යයෙන් බොහෝ දෙනා ඇය දුටුවේ "දැඟලිලිකාරියක්" ලෙසිනි. ඇත්තටම දිලානි වයසට වඩා මුහුකුරා ගිය තැනැත්තියක වූවාය. තම රූපය ගැන විශාල උනන්දුවක් දැක්වූ ඇයට වුවමනා වී තිබුණේ ඉක්මණින් විවාහ වීමටයි. වයස අවුරුදු දහ අට සම්පූර්ණවීමත් සමග ඇය විවාහ වූවාය.
විවාහ වූ අලුත ඇය තම සැමියා සමඟ සතුටින් කාලය ගත කළාය. එය අතර පවුලට අලුත් සාමාජිකයෙක්ද එකතු විය. දැන් දිලානිලාගේ කැදැල්ල සම්පූර්ණය. අගහිඟකම් මැද වුවද ඔවුqහු සතුටින් සමාදානයෙන් කාලය ගෙවා දැමුවෝය. බොහෝ අය සිතුවේ දිලානි දැන් තැන්පත් ගැහැනියක් කියාය. නමුත් එය එසේ නොවුණි.
මවක වුවත් ඇයගේ දඟකාරකම අඩුවී නොතිබුණි. සමහර ස්ථානවලදී ඇය හැසිරුණේ අවිවාහක තරුණියක මෙන්ය. කාලයක් ගත වෙද්දී ඇයගේ සිත වෙන තරුණයකු ළඟ නතර විය. තම සැමියා සහ දරුවා ගැන වැඩි තැකීමක් නොකළ ඇය එම තරුණයා සමඟ අනියම් සම්බන්ධතාවක් පැවැත්වූවාය. එම තරුණයා දිලානි ඉදිරියේ මුළු ලෝකයට වඩා ඇයව වටිනා බව හඟවමින් රඟපෑවේය. එයින් අන්ධ වූ දිලානි තම සැමියා සහ දරුවාට වඩා අනියම් සැමියාට ආදරය දැක්වූවාය. ඒ වන විටත් ඇය ඔහු වෙනුවෙන් බොහෝ දේ පරිත්‍යාග කර තිබුණි.
ලෝකයාට හොරෙන් පවත්වාගෙන ගිය දිලානිගේ අනියම් ඇසුර වැඩිකල් නොගොස්ම බොහෝ දෙනෙක් දැන ගත්හ. අනියම් ඇසුර පැවැත්වූ පුද්ගලයා ආදරය කර තිබුණේ දිලානිගේ ශරීරයට මිස හිතට නොවේ. ඔහු තම හිතවතුන් කිහිප දෙනකුටද දිලානි ගැන පවසා තිබුණේය. ඒ "ඇය කාමුක ගැහැනියක්, පුළුවන් නම් උඹලත් උත්සාහ කරලා බලපල්ලා" යනුවෙනි.
දිලානිගේ සැමියාගේa මිත්‍රයෙක් දිනක් මෙසේ පැවසුවේය. "මචං තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. උඹගේ ගෑනි ගැන මිනිස්සු කියන කතා එච්චර හොඳ නැහැ. පොඩ්ඩක් කලබල නොවී ගෑනි ගැන හොයලා බලපන්." මේ වචන ඇසීමෙන් ඔහුගේ මුහුණ අඳුරු විය. ඔහුට තම බිරිඳගේ වෙනසක් දැනුනද එය එතරම් ගණන් නොගත්තේ ඇය ගැන සැකයක් නොතිබූ නිසාය.
බිරිඳට නොදැනෙන අයුරින් ඔහු ඇය ගැන සෙවිල්ලෙන් සිටියේය. ටික දවසක් ගතවෙද්දී ඔහුට බිරිඳගේ අනියම් සම්බන්ධතාව ගැන කණ වැකුණි. පසුව ඒ පිළිබඳ සොයා බැලීමේදී එය සත්‍යයක් බව ඔහුට වැටහුණි. මෙතරම් කාලයක් ආදරය කළ තම බිරිඳ එවැනි දෙයක් කිරීම ඔහුට දරාගත නොහැකි විය. අවසානයේ බිරිඳ ගැන පිළිකුලක් සහ කලකිරීමක් ඔහුට ඇතිවිය. අවසානයේ තම දරුවා ගැන සිතා ඔහු තම බිරිඳට සමාව දුන්නේය.
කාලය කෙමෙන් ගෙවී ගියේය. නැවත වරක් ඇය මව්පදවිය ලැබුවාය. එවර ඇය පුතකු බිහි කළාය. සැවොම සිතුවේ දෙවැනි දරු උපතත් සමඟ ඇය ස්වාමිපුරුෂයාට හොඳ බිරිඳකුත් හොඳ මවකත් වෙයි කියාය. එහෙත් එය සිහිනයක් බවට පත්විය. නැවත වරක් ඇය කාම පිපාසයෙන් පෙළී අනියම් සම්බන්ධතාවක් ගොඩනඟා ගත්තාය. එය ද වැඩි කලක් නොගොස් සැමියාට ආරංචි විය.
සැමියාගේද ඉවසීමේ සීමාවක් තිබුණි. කිහිප වරක්ම ඔහු දිලානිට අවවාද කර තිබුණේ දරුවන් දෙදෙනා ගැන සිතාවත් ඔය සෙල්ලම නවත්වන ලෙස කියමිනි. එහෙත් ඇය එය ගණන් නොගෙන දිගින් දිගටම අනියම් සම්බන්ධතා පවත්වාගෙන ගියාය. ඇයට ආදරයට වඩා අවශ්‍යව තිබුණේ කාමයයි. අවසානයේ ඇයගේ පවුල් ජීවිතයද අවුල් විය. එහෙත් ඇය එය සත පහකටවත් ගණන් ගත්තේ නැත. ස්වාමියා සමඟ එකට ජීවත් වූ බදුල්ලේ නිවස අතහැර දමා ඇය මහියංගන ප්‍රදේශයට පැමිණියාය. තනිවම නොව අවුරුදු දෙකක් පමණ වයසැති තම බාල පුතාද සමඟින්ය.
මහියංගන ප්‍රදේශයට පැමිණි ඇය අයිස්ක්‍රීම් විකුණන පුද්ගලයකු සමඟ අනියම් සම්බන්ධතාවක් ගොඩනඟා ගත්තාය. මාස කිහිපයක් ඔහු ඇය සමඟ එකට ජීවත් විය. අවසානයේ එම පුද්ගලයාටද සමුදුන් දිලානි වඳුරම්මුල්ල ප්‍රදේශයට පැමිණ ඇඟලුම් කම්හලක සේවය කළාය.
හමුදා සේවයේ යෙදී සිටි විමුක්ති හමුදා රගර් ක්‍රීඩකයකු ලෙසද කටයුතු කළේය. කලක් ගතවීමෙන් පසු ඔහුට රගර් ක්‍රීඩාව මෙන්ම හමුදා ජීවිතයද එපා විය. එම නිසා හමුදාවෙන් ඉවත් වූ ඔහු ඇඟලුම් කම්හලක සුපවර්සර් කෙනකු වශයෙන් සේවය කළේය. ඒ වඳුරම්මුල්ලේ දිලානි සේවය කළ ඇඟලුම් කම්හලේය.
විමුක්ති මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු විවාහ වී සිටියේ නුගේගොඩ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක සමඟයි. විමුක්ති වඳුරම්මුල්ල ප්‍රදේශයේ ඇඟළුම් කම්හලේ සේවය කරන කාලය වන විට ඔහුගේ බිරිඳ ගැබිනියක වී සිටියාය.
විමුක්තිට දිලානිව අඳුණාගෙන වැඩි කලක් ගතවූයේ නැත. රාජකාරි මට්ටමින් ඔබ්බට ගිය සම්බන්ධතාවක් ඔවුන් දෙදෙනා අතර ඇතිවිය. එහි ප්‍රතිඵලය වූයේද දෙදෙනා අතර අනියම් සම්බන්ධතාවක් ගොඩනැඟීමයි. ඒ සමඟ දිලානි ඇඟළුම් කම්හලේ සේවයෙන්ද ඉල්ලා අස්වූවාය.
විමුක්ති සහ දිලානි හැසිරෙන්නේ තරුණ පෙම්වතුන් යුවළක් මෙනි. දිලානිගේ පවුල් ජීවිතය යළි ගොඩනඟා ගැනීමට නොහැකිවන සේ නන්නත්තාර වී හමාරය. ඇයට වුවමනා කාගේ හෝ කරේ එල්ලී තම අවශ්‍යතා ඉටුකර ගැනීමටයි. විමුක්ති ද දෙබිඩි චරිතයකි. ඔහු තම බිරිඳට එක් මුහුණක් පෙන්වා දිලානිට වෙනම මුහුණක් පෙන්වයි. විමුක්තිට වුවමනා වූයේ තම බිරිඳට අමතරව දිලානි අනියම් බිරිඳ වශයෙන් ළඟ තබා ගැනීමටයි.
විමුක්ති ගොඩගම ප්‍රදේශයේ උඩ තට්ටුවක කාමරයක් කුලියට ගෙන දිලානි සහ දරුවාව එහි නැවැත්තුවේය. ලද සෑම අවස්ථාවකම එහි යන විමුක්ති නිදහසේ පෙම් සුව විඳින්නේය. සමහර දිනවල ඔහු රැය පහන්වනතුරු එහි ගත කරන්නේ තම නීත්‍යානුකූල බිරිඳට විවිධ බොරු පවසමින්ය.
දිනය මැයි මස හත් වැනිදාය. විමුක්ති තම බිරිඳට අමූලික බොරුවක් පවසා නිවසින් පිටවූයේ එදින රාත්‍රි යළි නොපැමිණෙන බව පවසමින්ය. ඔහු කෙළින්ම ගියේ දිලානි හමුවීමටයි. ටික දවසකින් පැමිණි අනියම් සැමියා දැකීමෙන් දිලානිගේ සිත සතුටිනි ඉපිලුණේය. අදත් අමුතුම රාත්‍රියක් ගත කළ හැකි බව ඇයට දැණුනි. තම අවුරුදු දෙකක් වයසැති පුතා ඉක්මණින් නිදිකරවා දැමීමට ඇය උත්සාහ කළාය.
විමුක්ති සහ දිලානි ලෝකයාට හොරෙන් තවත් එක් රාත්‍රියක් ගත කළේය.
පසුදා උදාවිය. එනම් මැයි මස 8 වැනිදාය. උදැසන 8 ට පමණ අවදි වූ විමුක්ති දිලානි සාදා දුන් තේ එක පානය කළේය. අම්මාගේ අනියම් ඇසුර පිළිබඳ කිසි දෙයක් නොදන්නා පුංචි කිරිසප්පයා ඒවන විටත් සෙල්ලම් කරමින් සිටියේය. ඔහු අත තිබූ කුඩා ප්ලේන් එක වයින් කර අතහැරියේය. එම සෙල්ලම් ප්ලේන් එක විමුක්තිගේ දෙපා පාමුල නැවතුණේය. "මාමේ මාමේ ඒක දෙන්න" සුරතල් බසින් කිරිසප්පයා පැවසුවේය.
විමුක්ති සෙල්ලම් ප්ලේන් එක පුංචි දරුවාට ගෙනත් දුන්නේය. එවිට එම දරුවාගේ නියපොතු වැදී විමුක්තිගේ අත පොඩ්ඩක් සීරුණි. විමුක්තිට යක්ෂයා ආරූඩ විය. තිරිසන් ගති එළියට පැන්නේය. කිසිම හිතක් පපුවක් නැතිව එම තිරිසනා කිරිසප්පයාට පහර කිහිපයක් ගැසුවේය. එයින් නොනැවතුණු එම තිරිසනා අසළ තිබූ කොහු මිටක් රැගෙන පහරවල් කිහිපයක් එම කිරිසප්පයාට එල්ල කළේය.
පහරදීම හේතුවෙන් එම කිරිසප්පයා මෙලොව හැර ගොස් තිබුණි. ඉන්පසු මෙම තිරිසන් යුවළ කළේ එම දරුවා විමුක්ති නමැති තිරිසනාගේ නිවස අසළ හොර රහසේම වළ දැමීමයි. පසුදින එම මෘත ශරීරය අධික වර්ෂාව නිසා ගොඩවිත් තිබුණි. එම තිරිසනා නැවත වතාවක් එය වෙනත් තැනක වළදමා තිබුණි.
සිද්ධිය එතැතින් අවසන් වේයෑයි එම තිරිසන් යුවළ සිතුවෝය. නමුත් එය එසේ නොවිණි. දිලානිගේ නීත්‍යානුකූල සැමියා ඉඳහිට දුරකථන ඇමතුමක් ලබාදී තම බාල පුතා ගැන තොරතුරු විමසන්නේය. ඒ අසන සෑම විටම මොකක් හෝ බොරුවක් පවසා ඇය දරුවා ගැන කතාව මඟහරියි. මේ අතර විමුක්ති නමැති තිරිසනා ඇයට කොට්ටාව ප්‍රදේශයෙන් වෙනත් බෝඩිමක්ද සොයා දී තිබුණි. ඉන්පසු දෙදෙනාගේ සම්බන්ධයද දෙදරා ගොස් තිබුණි.
දිලානි නමැති කාමෙනුව අවසානයේ යළි තම නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා ළඟට යැමට තීරණය කළාය. මුලින්ම ඇය ළමයා ගැන බොරුවක් තම නීත්‍යානුකූල සැමියාට පැවසුවේ මෙලෙසින්ය. "අපේ බබා පඩිපෙළින් වැටිලා නැතිවුණා. මම පොලිසි යන්න බයේ සිරුර කැලණි ගඟට විසිකළා. දැන් මාසයක් විතර වෙනවා" එය ඇසීමෙන් ඔහුගේ ඉහ මොළ රත්විය.
තම බිරිඳ ගැන ඔහු හොඳට දනී. බිරිඳ පැවසූ දෙය ගැන ලොකු සැකයක් ඔහුට ඇතිවුණි. වහාම ඔහු ඒ ගැන පොලිසියට පැමිණිලි කළේය. පසුව මහියංගන පොලිස් නිලධාරීහු මෙම කාමෙනුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළෝය. පසුව සිදුවූ සියල්ල මුලසිටම මේ නරුම ගැහැනිය පැවසුවාය. අවසානයේ විමුක්ති නමැති තිරිසනාද පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය. පසුව විමුක්ති නමැති තිරිසනා පොලිසිය ඉදිරියේ එම සිද්ධිය පිළිබඳ ප්‍රකාශ කළේ කිසිදු හිරිකිතයකින් තොරවයි.
මෙවැනි තිරිසනුන්ට වර්තමානයේ පවතින නීතියෙන් ලැබෙන දඬුවම් මදිය. එම නිසා නීති වෙනස්කර හෝ මෙවැනි තිරිසනුන්ට දැඩි දඬුවම් දිය යුතුය.
ගයාන් සමරසිංහ