ගෝවින්දාගේ දෝණි සිනමාවට

දිනෙන් දින අලුත් තරු එකතුවන බොලිවුඩ් පුරවරයට තවත් අලුත් තරුවක් එකතු වුණා. පිය උරුමයෙන් පැමිණි ඇය දැන් කාගේත් අවධානය දිනාගෙන. සමීප් කන්ග් අධ්‍යක්ෂණය කළ Second Hand husband (සෙකන්ඩ් හෑන්ඩ් හස්බන්ඩ්) චිත්‍රපටයෙන් රිදී තිරයට පෑයු මේ අලුත් තරුව ටීනා අහුජා. ඇය ජනප්‍රිය නළු ගෝවින්දාගේ දියණියයි. තාත්තා වගේම සිනමාවට එන්න පෙරුම් පිරූ ඇය මෝස්තර නිර්මාණ ශිල්පයට අමතරව රංගනය හැදෑරුවේ ලන්ඩන් චිත්‍රපට ආයතනයෙන්.

සෙකන්ඩ් හෑන්ඩ් හස්බන්ඩ් චිත්‍රපටයේ විවාහය වගේම දික්කසාදය ගැනත් විහිළුවෙන් කතා කරන්නේ. එහි ටීනා ගුර්ප්‍රීත් නම් තරුණියගේ චරිතයට පණ පොවන්නේ. ගුර්ප්‍රීත් විවාහ වෙන්න සූදානම් වන්නේ විවාහකයෙකු වූ රන්බීර් සමඟින්. රන්බීර් ඒ කසාදයෙන් වෙන් කරගන්න දරන විවිධ උත්සාහයන් වගේම නඩත්තු නොගෙවන්න උපක්‍රම යොදන්න මේ දෙන්නා දරණ උත්සාය මෙහි හාස්‍යයෙන් කතා කරනවා. රන්බීර්ගේ ආයතන ප්‍රධානියාගේ චරිතයට පණ පොවන්නේ ජ්‍යෙෂ්ඨ නළු ධර්මේන්ද්‍ර.

පසුගිය දවසක මාධ්‍ය හිතවතෙක් තාත්තා සමඟ රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් කියලා ඇසූ පැනයට ඇය උත්තර දුන්නේ මෙලෙසින්. “පිටපත හොඳ නම් අනිවාර්යයෙන් භාර ගන්නවා. ඒත් උද්වේගකර දර්ශන තියෙනවා නම් ඒ චිත්‍රපටයට මගේ රංගන දායකත්වය ලැබෙන්නේ නැහැ. ඒ වගේම අක්ෂේ කුමාර් සමඟ රඟපෑමට ඉතා ආසාවෙන් සිටින බවත් ටීනා පැවසුවා.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us