අඳුරු පැහැති සමක් සහිත කතුන්ට විලාසිතා සඳහා හොඳම පාට කුමක්ද?

සුදු පැහැ සමක් ඇත්තන්ට ඕනෑම වර්ණයක මෙන්ම ඕනෑම විලාසිතාවක ඇඳුම් ගැළපෙන බව ඔබ අසා ඇතිවාට සැක නැත. ඉන් කියැවෙන්නේ අඳුරු පැහැ සමක් ඇති අයට ඕනෑම පැහැයක හෝ ඕනෑම විලාසිතාවක ඇඳුමක් ගැළපෙන්නේ නැති බව යැයි ඔබට සිතෙනු ඇත. එහි යම් මට්ටමක සත්‍යතාවක් තිබේ. ඇඳුම්වල සමහර පැහැයන් නිසා සමේ පැහැය තවත් අවපැහැ ආකාරයකට දිස්වන අතර සමහර පැහැයන් නිසා සමේ අඳුරු පැහැය අඩුකර පෙනේ. ඒ අනුව ඇඳුම් තෝරා ගැනීමට ඔබ දැනුවත් වී සිටීම ඉතා වැදගත්ය.

සාමාන්‍යයෙන් විලාසිතා ලෝකයේදී අප සිසිල් වර්ණ නොහොත් warm colours ලෙස හඳුන්වන්නේ දම් පැහැය, ඉන්ඩිගෝ පැහැය ආදී නිලට හුරු වර්ණ සහ කොළ පැහැයට හුරු වර්ණයි. උණුසුම් වර්ණ නොහොත් Neutral colours  හඳුන්වන්නේ රතු, කහ, තැඹිලි ආදී තීව්ර දීප්තියක් සහිත වර්ණයන්ය. උදාසීන වර්ණ නොහොත් ව්ඥභබපචත ජධතධභපඵ  යනු ඉහත වර්ණ පරාස දෙකට අයත් නොවන ක්‍රීම් පැහැය, අළු පැහැය ආදී තීව්ර නොවන අව පැහැ වර්ණයන්ය. ඇඳුමක් තෝරා ගැනීමේදී මෙම පැහැයන් අතරින් ඔබට සුදුසු වර්ණ පරාසය කුමක්දැයි දැනුවත් විය යුතුය.

ඔබේ සමේ වර්ණයට ගැළපෙන වර්ණ තෝරා ගැනීමට පෙර ඔබේ සමේ පැහැය පිළිබඳ අවබෝධයක් තිබිම වැදගත්ය. ඔබේ සමේ ස්වභාවික පැහැය වන්නේ ඔබේ උරහිස ප්‍රදේශයේ හෝ පපු ප්‍රදේශයේ වර්ණයයි. එසේත් නැතිනම් දණහිසෙන් අඟල් හයක් පමණ ඉහළ පාදවල වර්ණයද ඔබේ සමේ ස්වභාවික වර්ණය ලෙස සැලකිය හැකිය. හිරු රශ්මියට පිළිස්සීමෙන් ඔබේ අත් පා, මුහුණ අව පැහැ ගැන්වී තිබුණද එය ඔබේ නියම වර්ණය නොවේ.

සාමාන්‍යයෙන් අඳුරු සමක් ඇති තරුණියකට වඩාත්ම උචිත වර්ණ දෙකක් තිබේ. ඒ සුදු වර්ණය සහ කළු වර්ණයයි. සුදු වර්ණයට ඔබේ අඳුරු සමට ආලෝකමත් බවක් ලබා දිය හැකි අතර කළු වර්ණයට ඔබේ අඳුරු පැහැය අඩු කර පෙන්විය හැකිය. මේ නිසා එම වර්ණ දෙක අඳුරු සමක් ඇති තරුණියකට ඉතාම සුදුසුය. මීට අමතරව ලා කහ පැහැයට හුරු වර්ණ පරාසයන්ද ඔබට සුදුසුය. එනම් එය උණුසුම් වර්ණවල එක් ප්‍රභේදයකි. ඉන් සමට ආලෝකමත් බවක් ලැබේ. රතු හෝ තැඹිලි වැනි පැහැයන් නිසා ඔබේ සමට අමතර දීප්තිමත් බවක් ද ලැබේ. එසේ වන්නේ ඇඳුමෙහි ඇති දීප්තිමත් බව පරාවර්තනය වී එහි දීප්තිය මුහුණට ලැබෙන බැවිනි.

කූල් කලර්ස් නමින් හඳුන්වන සිසිල් වර්ණ. එනම් නිල්, දම්, තද කොළ වැනි වර්ණවලින් යුතු ඇඳුම් ඇඳීමෙන් ඔබේ සම යම් ප්‍රමාණයකින් සුදු පැහැ ගැන්වී ඇති බවක් ඔබට මෙන්ම අන් අයටද දැක ගත හැකිවේ. අඳුරු සමක් ඇති අයට ලා කොල වැනි ලුමිනස් වර්ණ ද, අළු, ක්‍රීම් සහ දුඹුරු වැනි උදාසීන වර්ණ ද කිසිසේත්ම ගැළපෙන්නේ නැත. එවැනි වර්ණවලින් සිදු වන්නේ ඔබේ සමේ අඳුරු බව තවත් වර්ධනය වී පෙනීමයි. මේ නිසා එවැනි වර්ණ සහිත ඇඳුම් ඇඳීම අඳුරු පැහැ සමක් සහිත ඔබට සුදුසු වන්නේ නැත.

දුලංජලී මුතුවාඩිගේ