ධනාත්මක චින්තනය ගොඩනගා ගන්නේ කෙසේද?


ධනාත්මක චින්තනය වර්ථමානයේ ප්‍රසිද්ධ මාතෘකාවකි. මන්ද මේ නිසා ලැබ ගතහැකි බොහෝ සම්පත් හා පුද්ගල සංවර්ධනය නිසාය.වත්මන් සමාජයේ මිනිසුන්ට ඇති ප්‍රශ්න නිසා මානසික පීඩනයෙන් ජනතාව මිරිකී සිටිති.මේ නිසා එයින් මිදෙන්නට කල හැකි දේවල් පිලිබද ජනතාව නිතර විමසිල්ලෙන් සිටිති. ධනාත්මක චින්තනයත් ප්‍රසිද්ධ මාතෘකාවක් වී ඇත්තේ එහෙයිනි.ධනාත්මක චින්තය පිළිබද පොත් කියවුවත් දේශන කොපමණ ප්‍රමාණයකට සහභාගිවුවත් තමා තුල නිවැරදිව තමාගේ සිතුවිලි පිළිබද අදහසක් නොමැති නම් ගැටඵවකි.මන්ද අපගේ සිතුවිලි තේරුම් ගැනිමට නම් ඒවා ගැන අප හොදින් අධ්‍යනය කල යුතුය.කිසි විටක අප, අප විසින්ම රවටා නොගත යුතුය. යථාර්ථය සදහා හොදින් ‍අපගේ සිතුම් පැතුම් හැදිනිය යුතුය.


අප ධනාත්මක චින්තය ඇතිකර ගැනීමට පළමුව අප තුල දැනට ඒ සිතුවිලි කොපමණ ප්‍රමාණයක් රැදී ඇත්දැයි අවංකව අ‍වබෝධ කර ගත යුතුය. ඊට පසු ටිකෙන් ටික ධනාත්මක සිතුවිලි වර්ධනය කර ගත යුතුය.

මුලින්ම අප සතු දුර්වලතාවයක් වන පහත සිතුවිලි සිතෙන් අයින් කර ගන්න උත්සහ කරන්න.


මේක හරියන්නේ නෑ...

මට බෑ...
මට හරිගියොත් තමයි පුදුමේ...
මම දන්නවානේ මට බෑ කියලා...


ඔබ දන්නවද අපිට හරියන්නේ නෑ කියලා හිතුවොත් වෙන්නේ ඒකමයි..



අපි හිතන විදියට අනුව අපේ පරිසරය ඉබේම හැඩ‍ගැහෙන්නේ හරිම පුදුම විදිය‍ට..



ඔබටත් පුලුවන් මේ බව අත්හදා බලන්න.. අපේ සිත හරිම ප්‍රභලයි. අපි යමක් සිදුවෙනවා කියලා තදින් විශ්වාස කලොත් එය සිද්ධ වෙනවාමයි.. නමුත් අපි සිද්ධවෙනවා කියලා විශ්වාස කරන්නේ අපිට අවාසි වෙන දේවල්.. අපිට පාඩු වෙන දේවල්.. මම විභාගේ පේල්‍ වෙයි.. ආදි ලෙස සිතන්නේ නැතිව මං විභාගේ පාස් වෙනවාමයි කියලා හිතන්න පුරුදු වෙන්න.. ඔබට පුදුම හිතෙයි.. ඔබට පාඩම් කරන්න හිත පමණක් ‍නොවේ ඔබේ පරිසරයත් ඊට උචිත පරිදි වෙනස් වෙනකොට.. 



අපි නිතරම හිතන්නේ අසුභවාදී සිතුවිලි නිසා තමයි අපිට කරදරම එන්නේ.. විවිධ ශාරීරික රෝගාබාධ (සියල්ල නොවේ) මෙම විශ්වාස මගින් සුවකල හැකි බව ඔබ දන්නවාද?



සෑම දිනකම උදෑසන අවදිවන විට අද දින මට ප්‍රීතිමත් සාර්ථක දිනයක් තමයි.. කියලා හිතාගෙන අවදිවෙන්න.. අනිවාර්යෙන්ම ප්‍රීතිමත් හා සාර්ථක දිනයක් වෙනවාමයි.. හැබැයි මේක එක දවසක් කලාට මදි සති කීපයක් කරන්න.. මොකද නියම විශ්වාසයක් නැතිව සිතුවට මෙය සිද්ධ වෙන්නේ නෑ.. (විශ්වාසය වර්ධන වෙන්න සති කීපයක් යන්න ඉඩ තියෙනවා..)



සෑම විටම මට බැරිවෙයි කියලා හිතෙන කොට ...නෑ.. මට ඇයි බැරි වෙන්නේ මම උස්සහ කරලා කොහොම හරි ජය ගන්නවා කියලා අවංකවම හිතන්න.. ඔබගේ සිතුවිලි වල වල අවංක භාවය හා විශ්වායයේ තරම අනුව සාර්ථකත්වය ඔබ සතුවෙයි.



මා නිරීක්ෂණය කර ඇති පරිදි බොහෝ මුදල් ඇති සාර්ථක ව්‍යාපාරිකයින් අනිවාර්යයෙන්ම ධනාත්මක චින්ත‍නයෙන් පිරිපුන් අයයි.ඔවුන් කථා කරන දේ සිතන දේ නිතරම ධනාත්මක අදහස් වලින් පිරී ඇති බව මා දැක ඇත.



"ඔබ සාර්ථක අයෙකු වීමට යන බව ඔබ සිතන්නේ නම් ඔබට එය කල හැකිය."



ජයග්‍රහකයෙකු ලෙස සිතන්න.. ජයග්‍රහකයෙකු‍ ලෙස ක්‍රියාකරන්න.. එවිට ඔබ ජයග්‍රහකයෙකු වනු ඇත්තේ ඔබටත් නොදැනීය...



www.positivetkg.blogspot.com

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us