නිතර නිතර ගබ්සාවීමට හේතු දන්නවාද

මෙම ලිපියෙන් අද මම ඔබේ අවධානය යොමු කරවන්නේ නිතර නිතර ඇතිවන ගබ්සාවීම් පිළිබඳවයි. මෙය කාන්තාවන් අතර බහුල තත්ත්වයක්‌. නමුත් මුල් අවස්‌ථාවේ ගබ්සාවක්‌ වුණා කියලා දෙවන, තුන්වන අවස්‌ථාවලත් ගබ්සා ඇති වේවි කියන තත්ත්වයක්‌ බලපාන්නේ නැහැ. තවත් දෙයක්‌ තමයි බොහෝ කාන්තාවන් තමන්ට ගබ්සාවක්‌ වුණා කියලා දන්නේ නැහැ. මොකද ඔවුන්ගේ ඔසප් චක්‍රය දවස්‌ දෙක තුනකින් පමණ ප්‍රමාදවීමකුයි සිදුවෙන්නේ. දරුවෙක්‌ බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවකට දවස්‌ දෙක, තුනක්‌ පසුවෙලා වෙන ඔසප්වීම ගත්තාම මෙය මූලික අවස්‌ථාවේ තිබෙන ගර්භනී තත්ත්ව ගබ්සාවීමක්‌. සමහර අවස්‌ථාවල අපි කියනවා ගබ්සාවීම සියයට පනහක්‌ හැත්තෑවක්‌ විතර තියෙනවා කියලා. නමුත් අපි හරියටම ගර්භනී තත්ත්වය මුත්‍ර පරික්‌ෂණය මගින් හෝ ස්‌කෑන් පරික්‌ෂණය මගින් සොයා ගත්ත ගබ්සාවීමේ ප්‍රතිශතය සියයට විස්‌සේ හෝ තිහේ ප්‍රතිශතයක්‌ වෙන්න පුළුවනි.

නමුත් එක දිගට ගබ්සාවල් දෙකක්‌ හෝ ඊට වැඩියෙන් වුණානම් ඊළඟ ගර්භනී තත්ත්වයේ ගබ්සාවක්‌ වෙන්න තියෙන හැකියාව වැඩියි. ඒත් එක්‌කම එක දිගට ගබ්සාවීමට බලපාන හේතුවක්‌ තියෙන්නත් පුළුවනි. යම්කිසි කාන්තාවක්‌ කියනවා නම් වෛද්‍යවරයා හමු වූ අවස්‌ථාවක ගබ්සාවක්‌ වුණා කියලා මෙම ගබ්සාවීම සති 20 ට අඩු නම් එය ඒ තරම් සැලකිය යුතු තත්ත්වයක්‌ ලෙස සලකන්නේ නැහැ. නමුත් එක දිගට ගබ්සා තුනක්‌ පමණවෙලා තියෙනවා නම්, යම්කිසි ගබ්සාවක්‌ වෙන්නේ සුමාන 16 කට හෙවත් මාස හතරකට පස්‌සේ නම් මෙය අපි හඳුන්වනවා සෙකන්ඩ් ට්‍රයිම්ස්‌ටර් ඇබෝෂන් කියලා, එවන් වෙලාවට අපි වැඩිදුර පරික්‌ෂණ කරනවා. ඊළඟ ගර්භනි තත්ත්වය තුළත් මෙවන් තත්ත්වයන් ඇතිවිය හැකිද කියලා. මෙය අප රිකරන්ට්‌ මිස්‌කරේජස්‌ හෙවත් නැවත නැවත වන ගබ්සාවීම් (Reජමරර්බඑ පසිජ්රරස්‌ටැs) ලෙස හඳුන්වනවා. මෙවන් තත්ත්ව ඇතිවෙන්න බලපාන තත්ත්ව කිහිපයක්‌ ලෙස දියවැඩියාව, අධික රුධිර පීඩනය, තයිරොයිඩ් ග්‍රන්ථියේ විෂමතාව, යෝනි මාර්ගයේ ඇති වන ආසාධනයන්, ගර්භාෂ කුහරය දෙසට නෙරා තිබෙන ෆයිබ්‍රොයිඩ් ගෙඩි එන්ෙඩ්‍රාමෙට්‌ටි්‍රස්‌  , පොලිසිස්‌ටරි ඕවරිස්‌ කියන රෝගය, මෙන්ම පළමු සුමාන දහය තුළදී ගබ්සාවීමට බලපාන අනෙක්‌ ප්‍රධාන හේතුව වෙන්නේ පොලිසිස්‌ටික්‌ ඕවරි සින්ෙඩ්‍රාම් කියන තත්ත්වයයි. ජානමය ප්‍රශ්න, ගර්භාෂය තුළ තිබෙන විවිධ සංකුලතා බලපාන්න පුළුවනි. ගර්භාෂයේ පිහිටීමත් එහි ව්‍යqහය තුළ තිබෙන සංකුලතා නිසාත් ගබ්සාවීමක්‌ ඇති වෙන්න පුළුවනි. 

ඊට අමතරව වෙනත් වෛරස්‌  ටොක්‌සො ප්ලාස්‌මා රුබෙල්ලා නිසාත් ගබ්සාවීම් ඇතිවෙන්න පුළුවනි. මෙතනදී ටොක්‌සො ප්ලාස්‌මා ඇතිවෙන්නේ බළලුන්ගේ අසුචි මගින් බව මතක තබා ගන්න. 

නැවත නැවත ගබ්සාවීම් සිදුවෙනවා නම් මෙම ගබ්සාවීමට හේතුවක්‌ වෙන්න පුළුවන් කාන්තාවගේ ගැබ් ගෙලේ තියෙන අඩුපාඩුකම්. විශේෂයෙන්ම ගැබ්ගෙල ලිහිල්වීම විශේෂ අඩුපාඩුවක්‌ වෙන්න පුළුවනි. මෙම ලිහිල්වීම අපි හඳුන්වනවා සර්වයිකල් ඉන්කොම්ටෙන්සි ලෙසින්. මේ නිසා කළලයක්‌ හරිහැටි තියාගන්නට නොහැකි වෙනවා. මෙය හඳුනාගන්න පුළුවනි යටින් කරන ස්‌කෑන් පරික්‌ෂණය මගින්. නැත්නම් හිස්‌ටි්‍රයෝ සැල්තියෝගම් කියලා කරන විශේෂ ස්‌කෑන් පරික්‌ෂණය මගින්. මේ වගේ වෙලාවට ඇතිවන ගබ්සාවීම වේදනාවක්‌ රහිත ගබ්සාවීමක්‌. මෙම ගබ්සාවීමකදී කාන්තාවට නොදැනීම එම කළලය සහ කළල තරලය සහ කෝෂය වැඩි වේදනාවක්‌ රහිතව පහවීමක්‌ වෙනවා. මේ වගේ වේලාවට සර්වයිකල් ස්‌ටිච් එකක්‌ යොදා මෙම තත්ත්වය වළක්‌වා ගන්න පුළුවනි. 

ප්‍රසව සහ නාරි රෝග 
විශේෂඥ වෛද්‍ය නලින්ද රොද්‍රිගු