WiFi කරදරකාරයින් පන්නා දැමීමට

WiFi කරදරකාරයින් පන්නා දැමීමට

නවීන තාක්ෂණික භාවිතාවන්ගේ ප්‍රයෝජනයන් සේම කරදරකාරී, අනර්ථකාරී පැතිද තිබෙනා බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ වනවිට සියලුම අන්තර්ජාල සබඳතා ‍රැහැන් රහිත ජාල බවට පත්වෙමින් යන අතරේ ගූගල් ග්ලාස්, වයි ෆයි ස්පයි කැමරා වැනි උපාංග කරලියට විත් තිබේ. මේ එකතුවෙන් සිදුවිය හැකි අනර්ථයන් මොනවාද? යමෙකුට ඔබේම ජාලය භාවිත කරමින් පහසුවෙන් ඔබ ගැන ඔත්තු බැලීමට, අනවශ්‍ය ලෙසින් ඔබ ගැන දත්ත එක් ‍රැස්කිරීමට හැකියාව ලැබෙනු ඇත!

මෙවැනි අවස්ථාවන් වැළැක්වීමට අනගි සහායක් ලබාදෙන උපාංගයක් වන්නේ හඳුන්වාදෙන Cyborg Unplug ය. මෙහි ක්‍රියාකාරිත්වය සරලවම සඳහන් කරන්නේ නම්, ඊට ඔබේ ‍රැහැන් රහිත ජාලය වෙත අනවසරයෙන් සම්බන්ධ වන උපාංග හඳුන්වාගැනීමටත්, අවශ්‍ය නම් ඒවාට අන්තර්ජාලය වෙත ප්‍රවේශ වන්නට ඉඩ නොදීමටත් හැකියාව තිබේ. මෙහිදී ඔබගේ අවසරයකින් තොරව ඔබේ වයි ෆයි ජාලයට රහසේ සම්බන්ධ වී, ඔබේ අන්තර්ජාල සම්බන්ධතාව භාවිත කරනා අන්තර්ජාල පරපෝෂිතයින් හටද වැට බැඳීමට Cyborg Unplug උපාංගයට හැකියාව ලැබෙනු ඇත!

මෙම උපාංගය නිර්මාණය කිරීමේ මූලික අරමුණ වූයේ ගූගල් ග්ලාස් හෝ ස්පයි කැමරා වැනි උපාංගයන් භාවිත කරමින් අනවසරයෙන් එක් ‍රැස් කරගන්නා පෞද්ගලික දත්ත අන්තර්ජාලයට එක් කිරීම වැළැක්වීම වුවත්, එම කර්තව්‍යයට Cyborg Unplug ගැලපෙන්නේද යන්න ගැටලුවකි. මන්දයත්, මෙසේ රහසින් ඔත්තු බලන, ඔබව පටිගත කරන විටක එම දත්ත ඒ මොහොතේම අන්තර්ජාලයට එක් නොවූවත් අදාළ උපාංගයේ මතකයේ ‍රැඳී තිබෙන හෙයිනි.

එසේ නමුත් මෙම Cyborg Unplug උපාංගයේ වටිනාකම ඇත්තේ තවමත් අන්තර්ජාල සේවාවන් වෙනත් රටවලට සාපේක්ෂව මිල අධික වන අපගේ වැනි රටක වයි ෆයි ජාලයක් සුරක්ෂිත කිරීමට බව කිව හැක. මෙහිදී වයි ෆයි ජාලයට අනවසරයෙන් ඇතුළු වන්නන්, අවසර සහිතව ඇතුළු වී අධි පරිභෝජනයකනිරත වන්නන් පන්නා දැමීමේ හැකියාව Cyborg Unplug උපාංගයට තිබීම ඉතාමත්ම වටිනා දෙයක් වනු ඇත.

by: plugunplug.net

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us