සර්පයෙකු දෂ්ට කළ විටෙක නොකළ යුතු දේ…

සර්පයෙකු දෂ්ට කළ විටෙක නොකළ යුතු දේ තවමත් සිදුවන බව සමාජය තුළ පැහැදිලිව දැකිය හැකිය. එබැවින් මේ පිළිබඳව දැනුවත්ව සිටීම ඉතාම වැදගත් වෙයි. සර්ප දෂ්ටනයකින් වැළකී සිටීම ඉතාම වැදගත් කරුණකි. නිතරම සර්ප දෂ්ටන වළක්වා ගැනීමට කටයුතු කරන්න.

* රාත්‍රී කාලයේදී ගමනක් යන විට, එළිමහනේ ගැවසෙන විට විදුලි පන්දමක් භාවිතා කරන්න. 
* නැතහොත් කෝටුවකින් හෝ කොළ අත්තකින් ‍පොළොවට තට්ටු කරමින් ශබ්ද නැගෙන සේ ඇවිදයන්න. එවිට ඒ අසල ගැවසෙන සර්පයෝ ඔබ මගහැර යති. 
* නිතරම හොඳින් කකුල් වැසෙන සපත්තු හෝ බූට්ස් පැළඳගන්න. 
* අපරීක්ෂාකාරී ලෙස හුඹස්වලට ගස්බෙනවලට අත දැමීමෙන් වළකින්න. 
* නිවස අවට ඇති දර ගොඩවල්, දර කොට, ගල් ගොඩවල්, කසළ ගොඩවල් යට සර්පයන් සැඟවී සිටිය හැක. මේවා ඉවත් කර අවට පරිසරය පිරිසිදුව තබන්න. 
* සමහර සර්පයන්ට පහර දුන් විට උන් මියගියා සේ වැතිර සිටී. එබැවින් මිය ගියාසේ සිටින සර්පයෙකුට වුවද පණ තිබිය හැකි බැවින් උන් අතින් ඇල්ලීමෙන් වළකින්න. 
* සර්පයන් යනු අප ජීවත්වන ෙජෙවමය පරිසරයේම කොටසකි. එනිසා උන් මරා දැරීම පරිසර අසමතුලිත බවට හේතුවකි. එනිසා අප කළ යුත්තේ මිනිසුන්ට හානිදායක නොවන පරිසරයකට උන් මුදාහැරීම පමණි.

8කිසියම් අවස්ථාවකදී සර්පයෙකු දෂ්ට කළහොත්

* රෝගියා අධික ලෙස බියවී ඇත්නම් බිය තුරන් කරන්න. අධික ලෙස බියපත් වීම තත්ත්වය උත්සන්න වීමට හේතුවකි. 

* හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇත්නම් හනිකට කෘත්‍රිම ස්වසනය ලබාදෙන්න. 
* දෂ්ට කළ ස්ථානය නොසොල්වා තබන්න. 
* දෂ්ට කළ ස්ථානය සබන් යොදා ගලා යන ජලයෙන් සෝදන්න. 
* රෝගියා පැළඳ සිටින ආභරණ ඉවත් කරන්න. 
* හැකි ඉක්මනින්ම රෝහලකට රැගෙන යන්න.

නොකළ යුතු දේ

* දෂ්ට කළ ස්ථානයට මුඛය තබා ඉරීම හෝ එම ස්ථානය කැපීම කරන්න එපා. 
* තුවාලයට පහළින් හෝ ඉහළින් වෙලුම් යොදා තද කිරීමෙන් වළකින්න. 
* නස්න කිරීමෙන් වළකින්න. 
* මධ්‍යසාර, තැඹිලි වතුර, පලතුරු යුෂ, ‍පොල් කිරි වැනි කිසිවක් බිමට දීමෙන් වළකින්න. 
* ඇස්ප්‍රින් අඩංගු ඖෂධ වර්ග දීමෙන් වළකින්න.

ඔබට මේ ගැන කිසියම් වූ තොරතුරක් අවශ්‍ය නම් ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය අමතන්න.

0112 – 686 143 හෝ 0112 – 69 1111 – දිගුව 2430
ශ්‍රී ලංකා ජාතික රෝහ‍ලේ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙනි


සටහන නිර්මලා කුමාරි සේනාරත්න
උපුටාගැනිම: ලක්බිම

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us