තවදුරටත් එය වරාහම්හිරාචාර්යන්ගේ වෘහත් සංහිතාවෙහි ප්‍රාරම්භ පරිච්ෙච්දයේ 3 වන ශ්ලෝකයේ මුනිවිරචිත මිදමිති යච්චිරන්තනං - සාධු න මනුජ ග්‍රථිතම් ආදී වශයෙන් බ්‍රහ්ම නම් ප්‍රථම මුනිවරයා විසින් රචනා කරනු ලැබූ යම් ශාස්‌ත්‍රයක් වේ නම් එය මිනිසුන් විසින් ඇති කරන ලද්දකට වඩා මනාකොට සකසා ඇත්තේය යන්නෙන් සනාථ වේ. මේ තුළින් මේ මහා ජ්‍යෙdතිර්වේදී පඬිවරයා පවා ජ්‍යෙdතිෂය දේව භාෂිතයක් කොට පිළිගෙන ඇත.
මේ වරාහම්හිරාචාර්යවරයා වර්තමානයේ අප භාවිත කරන ජ්‍යෙdතිෂයට මිණිමුතු වැනි අගනා මහා ග්‍රන්ථ දෙකක් දායාද කර ඇත. එතුමාගේ සම්භාවනීයත්වයට නවරත්න නම් සංස්‌කෘත කාව්‍යයේ එන ධන්වන්තරික්‍ෂ පණකාමර සිංහ (ශංකු) යන ශ්ලෝකයෙන් ප්‍රකට වේ. වික්‍රම නම් රාජ සභාවෙහි සිටි නව පඬිවරුන් අතර ජ්‍යෙdතිර්විද්‍යාවෙහි කෙළ පැමිණි පඬිවරයා ඔහුය. එතුමා විසින් වෘහත් ජාතකය හා වෘහත් සංහිතා යන ග්‍රන්ථ දෙක රචනා කර ඇත. මේවා රචනා කිරීමට හේතු වන්නේ එම කාල වකවානුව වන විට සෘෂිවරුන් විසින් දෙවියන්ගෙන් ලබාගෙන බ්‍රාහ්මණ පඬිවරුන් අතට පත්කළ ජ්‍යෙdතිෂය ක්‍රමයෙන් විනාශ වී ගොස් එහි ශේෂ වූ කොටස් ඒ ඒ ගුරු පරම්පරා විසින් පවත්වාගෙන යැම නිසා මේ වටිනා ශාස්‌ත්‍රය විසිරී ගොස් විනාශවී යැමේ අවදානමකට ලක්‌වී තිබීමයි.
ඒවා එක්‌තැන්කර හැකිතාක් ඌන පූර්ණය කරමින් එතුමා මේ ග්‍රන්ථ සම්පාදනය කර ඇත. මේවා වර්තමාන ජ්‍යෙdතිෂයේ මුදුන්මල්කඩක් ලෙස සැලකෙන ඒවාය. මේවා රචනා කිරීමේදී පාදක කරගත් කරුණු මහා බ්‍රහ්මයන් විසින් සෘෂිවරුන්ටද ඉගැන්වූ කරුණුම බව වෘහත් සංහිතාවේ අංක (2) දරන ශ්ලෝකයෙන් ප්‍රකාශ කරති.
බ්‍රහ්ම නම් ප්‍රථම මුනිවරයා විසින් විස්‌තර වශයෙන් පැවසූ මේ ශාස්‌ත්‍රයෙහි සත්‍ය කරුණු පරික්‍ෂා කර බලා ඒ ශාස්‌ත්‍රය අති සංක්‍ෂෙප හෝ අති විස්‌තර නොවන මාර්ගයකින් පැහැදිලි කිරීමට උත්සාහ දරමි යන්න එහි අදහසයි.
ඒ අනුව මුල් ශාස්‌ත්‍රය ඒ වන විටද වැනසීයමින් තිබුණ බවත් බොහෝ වටිනා ජ්‍යෙdතිෂ උපදේශ අතුරුදන්ව හෝ ව්‍යාකූලව තිබූ බවත් මේ ප්‍රකාශයෙන්ම සනාථ වේ.
මේ නිසා ජ්‍යෙdතිෂය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන ජ්‍යෙdතිර්වේදින්ට මෙකී දැනුම් ඌනතාව පිළිබඳ අභියෝගයට මුහුණ දීමට සිදුවේ. ඒ තත්වයද මග හරවාගෙන මෙම ශාස්‌ත්‍රයේ ඇති දිව්‍යමය ශක්‌තිය හා බලයද රැකගනිමින් ලෝක සත්ත්වයන්ට යහපත උදාකිරීම සඳහා වරාහමිහිර ආචාර්යයන් විසින් ජ්‍යෙdතිර්වේදියකු බවට පත්වන ආකාරය වෘහත් සංහිතාවේ 2 වන පරිච්ඡේදයේ මැනවින් පැහැදිලි කර තිබේ.
සියලු අභියෝගවලට මුහුණදී සත්‍ය පලාපල කථනයෙහි යෙදෙමින් නිවැරදි අනාවැකි මගින් ලෝක සත්වයාගේ ජීවිතයේ දුක් පීඩාවන් මග හරවාගෙන යහපත් වාසනාවන්ත ජීවිතයකට මග හෙළි කිරීමට සමත් විශිෂ්ට ගණයේ ජ්‍යෙdතිර්වේදීන් බවට පත්වීමට නම් මේ වරාහමිහිර උපදෙස් පිළිපැදිය යුතුව ඇත.
ජ්‍යෙdතිර්වේදියකුගේ ලක්‍ෂණ විස්‌තර කරන වරාහම්හිරාචාර්යයෝ "අථාතඃ සාංවත්සර සූත්‍රං තනු සාංවත්සරෝභිජාතඃ ප්‍රිය දර්ශිනෝ විනීතවේෂඃ" ආදී වශයෙන් ජ්‍යෙdතිඃශාස්‌ත්‍රඥයා උතුම් කුලවතෙක් විය යුතුය. මනා පෙනුමත්, විනීත වේෂයක් සත්‍යවාදී ඊර්ෂ්‍යා නැති අපක්‍ෂපාත මනා අවයව ඇති විකලාංග රහිත ගැඹුරු හඬ ඇති අයකු විය යුතු බවද පවසති.
ජ්‍යෙdතිර්වේදියකුගේ රූප ස්‌වභාවය මෙසේ විස්‌තර කරන අතර ඔහුට පිහිටිය යුතු ගුණයන් "කත්‍ර ගුණඃ ශුචිදිර්ක්‍ෂඃ ප්‍රගල්භෝ වාග්මී ප්‍රතිභානවාන් දේශකාලවිත් සාත්විකෝන පෂර්ද්භීරුඃ" ආදී වශයෙන් පිරිසිදු බව, සමත් බව, බ්‍රහුම් බව, කීමෙහි බිනීමෙහි සමත් බව, වහා වැටහුම් නුවණ, දේශ හා කාල සම්බන්ධ දැනුම, කපටි නොවීම, පිරිසට නොබිය බව අන්‍යයන්ට යට නොවන ගතිය, නිරෝගි බව, ශාන්ති පෞෂටික අභිචාර ස්‌නානාදී විද්‍යාවන්ගේ දැනුම, දේව පූජා ව්‍රත හා උපවාසාදියෙහි නිරත බව, ඉගැනීමේ දක්‍ෂතාව, අන්‍යයන්ගේ ප්‍රශ්නවලට සෘජු පිළිතුරු දීමේ හැකියාව, අසුබ දුරලීමේ සමත් බව, ග්‍රහ ගණිත සංහිතා හෝරා ආදියෙහි අරුත් දැනුම, යනාදී ගුණයන් පිහිටිය යුතු බව ප්‍රකාශ කර ඇත.
මෙකී ගුණාංගයන්ගෙන් යුක්‌ත නොවන්නකුට කිසිදිනක නිවැරදි අනාවැකි ප්‍රකාශ කළ නොහැකි බවත් තමාගෙන් විමසන දෙයට නිවැරදි විස්‌තර දීමට අසමත් වන අයකු ජ්‍යෙdතිෂවේදියකු නොවන බවත් පවසන වෘහත් සංහිතාව "න ප්‍රතිබදධං ගමයතිවක්‌තිනච ප්‍රශ්න මේකම්පි පෘෂටඃ නිගදති නච ශිෙෂ්‍යභ්‍යඃ ස කථං ශාසත්‍රාථි විඡ්ඥෙයඃ යනුවෙන් යමෙකු මේ ශාස්‌ත්‍රය නිවැරදිව අවබෝධ කරගෙන තමාගෙන් විමසන පැනයට පිළතුරු දීමට අසමත් වන්නේ නම් ඔහු ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රඥයකු නොවන්නේ යෑයි පවසා තිබේ.
එසේම "තනක්‍ර සුපරිඥාතෙ ලග්නේ ඡායාමබු යන්ත්‍ර සංවිදිතෙ හෝරාෙථිච සූරූඪෙ නාදෙෂටු භාර්රතී වන්ධ්‍යා" යනුවෙන් ග්‍රහ ගණිතය මනාව දත් ඡායාව, ජල යන්ත්‍රාදියෙන් ලග්නය දත් හෝරා ශාස්‌ත්‍රයෙහි නිපුණ තැනැත්තාගේ වචනය අර්ථවත් සත්‍ය වූ එකක් වන බව ප්‍රකාශිත වේ.
ජ්‍යෙdතිර්වේදියකුගේ ලෝක පූජිතභාවය ගැන කියන වරාහමිහිර පඬිවරයා "කෘත්ස්‌නාඬගා පාඩග කුසලං, හෝරා ගණිත නෛෂටිකම්, යෝන පූජයතේ රාජාං, ස නාශමුපගච්ඡති" යනුවෙන් ගර්ග මහර්ෂි විසින් ප්‍රකාශ කරන ලදැයි පවසති. මෙහි අර්ථය යම් රජෙක් හෝරා ශාස්‌ත්‍රයෙහි හා නක්‌ෂත්‍ර ගණිතයෙහි ඇති සියලු කරුණු මනාව දත් දෛවඥයකු නොපුදාද හෙතෙමේ විනාශයට පත් වේ යන්නයි.
එසේම ආර්ය විෂ්ණු ගුප්තයන් උපුටා දක්‌වමින් වරාහමිහිරාචාර්ය වරයෝ
"අප්‍යණීවස්‍ය පුරුෂඃ ප්‍රතරන්කදාචි" යන ශ්ලෝකය මගින් ප්‍රකාශ කරන්නේ යම් පුරුෂයකුට වායු වේගය හේතුකොටගෙන සමුදුර තරණය කළ හැකි වුවද, සෘෂිවරයකු නොවන පුරුෂයකුට යමදේව ස්‌වරූප ගත් ජ්‍යෙdතිඃ ශාස්‌ත්‍රයෙහි පරතෙරට යාස් නොහැකි බවයි.
ජ්‍යෙdතිර්වේදියකු වීමට කැමති යමකු විසින් ගුරුකොට ගතයුතු වටිනා උපදෙස් සමූහයක් මේ අයුරෙන් වෘහත් සංහිතා කතුවර වරාහමිහිර ආචාර්ය පාදයින් විසින් දක්‌වා ඇත. මේ කරුණු අනුව යමින් ජ්‍යෙdතිර්වේදියකු බවට පත්වීමට මෙන්ම තමන්ගේ ජ්‍යෙdතිර් විද්‍යාත්මක අවශ්‍යතා ඉටුකර ගැනීමට සමත් ජ්‍යෙතීර්වේදියකු හඳුනා ගැනීමටත් මේ ලිපිය කියවන ඔබට හැකිවේවායි අපේක්‍ෂා කරමු.
ජ්‍යෙdතිර් හා ගුප්තවේදී - පී. සී. පතිරණ පනාගම
