ඔබේ යාන වාහන හිමිකම් කේන්ද්‍රයෙන් දැනගන්න

වාහන නිවාස දේපළ සහ මව සහ පපුව ගැන පවසන කේන්ද්‍රයේ 4 වැනි රාශිය අනුව වාහන ගැන කියන දැනුම සොයා බලමු. 4 අධිපති 5 හිමියාට දර්ශනය වෙමින් සතර කේන්ද්‍රයේ කොතනක හෝ සිටි විටදී ලග්නාධිපතින් සමග හෝ ලග්නයේ සිටියදී ඉක්‌මනින් යන වාහන හිමි වේ.

ශුභ ග්‍රහයන් සමග හෝ ශුභ ග්‍රහයන්ට පෙනෙමින් 9 හෝ 4 අදිපති සිටිවිට ලොරි, ට්‍රැක්‌ටර් හෝ ත්‍රිරෝද රථ හිමි වෙයි.

සඳු 4 අධිපති වී ශුක්‍ර සමග 4 හෝ 3 නේ සිටී නම් සුඛෝපභෝගී වාහන හිමිවේ. රවි සතර වැන්නේ සිටියදී 4 අධිපති උච්චව හෝ තමාගේ රාශියක සිට එම ග්‍රහයින් දෙදෙනා ශුක්‍ර සමග සංයෝගව හෝ දෘෂ්ටි ලැබ සිටිය හොත් වයස 32 දී වාහන හිමිවනු ඇත. 11 හිමියා 9 සහ 4 අධිපති 11 සිටින ජන්ම පත්‍ර හිමියාට වයස අවුරුදු 12 සිට වාහන හිමිවනු ඇත. දෙමාපියන්ගේ වාහන වුවත් ඔහුට අවශ්‍ය ආකාරයෙන් පාවිච්චි කරනු ඇත.

සතර වැන්න හිමියා නීචවද ශුක්‍ර අස්‌තවද ගුරු රාහු සමග සිටිය හොත් ඔහුට අත්වන්නේ යතුරු පැදි පාපැදිය.

ශුක්‍ර 5 අධිපති සමග මිතුරු රාශියක සිට ශුභයන් සමග හෝ දෘෂ්ටි බලමින් සිටි විට ඔහුට වාහන කීපයක අයිතිය ලැබේ. 4 අධිපති චන්ද්‍රයා සිටින රාශිය හිsමියා සමග ලග්නයෙහි සිටි විට දී සුඛෝපභෝගී වාහන ලැබේ. 4 අධිපති ශුක්‍ර සමග එක්‌ වී ගුරු ද සම්බන්ධ වී නම් සැප වාහන කීපයක්‌ ලැබේ.

චන්ද්‍රයා හතර අධිපතියා සහ ගුරු හෝ ශුක්‍ර සමග එකට සිටි විටදී සෑම වර්ගයකම වාහන විශාල ලෙස ඇති අයෙකි. මෙයට ලග්නාධිපති 4 අධිපති සහ ගුරු හෝ ශුක්‍ර සම්බන්ධ වූ විටදීද මෙසේය.

හතර වැන්න හිමියා දොලොස්‌වැන්නේ තැන්පත්වී සිටිය විටදී 9 හිමියා ගේ දෘෂ්ටියට ලක්‌වූ විටදී ජන්මියාට ලැබෙන්නේ අබලන් වාහනය. එම වාහන නිතර අලුත්වැඩියා කිරීමට සිදුවනු ඇත. හතර අධිපති ග්‍රහයා හෝ බ්‍රහස්‌පති මිතුරු ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබූ විට හෝ මිතුරු ග්‍රහයන් සමග 9 වැන්නේ සිටි විට සැප වාහන ලැබේ.

සඳු හෝ 4 අධිපතියා ලග්නයෙහි සිටි විටදී හෝ ලග්නාධිපති සමග සිටි විටදී ඔහුට වේගයෙන් යන සැප වාහන ලැබේ.

හතර අධිපති ශුක්‍ර සමග හෝ බැල්ම ලැබේ නම් හෝ සඳු සමග ලග්නයේ සිටිවිටදී හෝ හතර අධිපතියා ශුක්‍ර ගේ බැලුම් ලබමින් ලග්නයේ සිටි විටදී වාහන කිහිපයක්‌ ලැබේ.

හතර අධිපති ගුරු සඳු සමග එක්‌වී කේන්ද්‍ර හෝ ත්‍රිකෝණාස්‌ථානක සිටි විටදී වටිනා සැප වාහන ලබන්නෙකි.

හතර අධිපති ගුරු සමග එකම රාශියක සිටිවිටදී හෝ ගුරුගේ රාශියක සිටි විටදී වේගයෙන් ගමන් කරන සැප වාහන ලැබේ.

සඳුඋච්චව කේන්ද්‍රස්‌ථානයක හෝ ත්‍රිකෝණ ස්‌ථානයක සිටි විටදී ජන්මියාට ඉහළ පෙළේ සැපවාහනද හොඳ නිවාස ඇඳුම් පැළඳුම් සහ සැප සම්පත් ලැබේ. 12 අධිපති 8 හෝ අට අධිපති 12 සිටි විටදී ජන්මියාට ගේ දොර ඉඩකඩම් යාන වාහන සියල්ල වයස අවුරුදු 30 ට ප්‍රථම ලැබේ.

ශුක්‍ර හෝ ගුරු බලවත්ව 9 වැන්නේ හෝ ත්‍රිකෝණස්‌ථානයක හෝ සතර කේන්ද්‍රයේ සිටී නම් ඔහුටද වාහන හිමිවනු ඇත. රවි බලවත්ව 10 හෝ 11 සිටි විටදීද ඔහුට වාහන හිමි වනු ඇත. ලග්නාධිපති 10 හෝ 10 අධිපති ලග්නයේ සිටි විටදී ඔහුට ආදායම් මාර්ග කිහිපයක්‌ හිමිවෙන අතරම ඔවුනටද වාහන ලාභ ඇත.

තවද 2 අධිපති 10 හෝ 11 සිටි විටදීද ආදායම් මාර්ග කිහිපයක්‌ ඇති අතර වාහන යෝගද හිමිය. එමෙන්ම 2 සහ 11 අධිපතීන් ස්‌ථාන මාරු කර ගෙන සිටි විටදීද මහ ධන ලාභ ඇති වන අතරම සැප වාහන ද හිමිවනු ඇත.

මුළු දිවයිනටම සාම විනිසුරු දේශමාන්‍ය
විදානආරච්චිගේ ලක්‌මිණි
නෑබඩ පාර, බෝම්බුවල, කළුතර. News lanka Magazine

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us