අහසින් පොළවට පතිතවෙන ජලය භූමිවල පිහිටීම අනුව වෙනස්‌ව විවිධ වර්ණයන්ගෙන් හා රසයන්ගෙන් යුක්‌ත වේ. මෙම ජලය එකතුවී ගලා එන දිය ශීරාවන් අපේ ශරීරයේ පිහිටා ඇති ලේ නහර මෙන් පොළවේ උඩින් හා යටින් පිහිටා ඇත. එවායින් ගලා එන ජලය නොමැතිව මිනිසාට, සතා සිවුපාවුන්ට හා වෘක්‍ෂලතා ආදීන්ට ජීවත්වීමට නොහැකිය. ඒ නිසා මිනිස් ශරීරයේ පැවැත්මට ජලය අත්‍යවශ්‍ය වේ.
ජලයෙන් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන පංච බල ශක්‌තිය ඇතිවේ. එය
රැක ගැනීමට ආදීන යුගයේ විසූ නැන වතුන්, ළිඳක් කපා පිරිසිදු ජලය ලබාගැනීමට ජ්‍යෙdතීර්, වාස්‌තු, ගුප්ත විද්‍යාඥයන්ගේ උපදෙස් අනුව තම යහපත පතා මාස, දින, නැකැත්, තිථි හෝරා ආදියට මුල් තැන දෙමින් ශාස්‌ත්‍රීය ක්‍රමයන් අනුගමනය කර ලිං කැණීම් කොට සෞභාග්‍ය, සැප, අයු දියුණුව ලබා ඇත.
ඒවා අද දක්‌වා පිළිපදින්නත් හිටියන් හිතුවක්‌කාරකම් හා අති පණ්‌ඩිත කම් ඔළුවට ගෙන කිසිදු විශ්වාසයක් නැතිව තම මතයම අනුව ලිං කපා ඇත.
මරණ, සුවනොවන රෝග, කොරවීම් අංශභාග, තුවාල කැළල් කුෂ්ඨ රෝගයන්, පිස්‌සු ඔල්මාද, පවුල් අවුල්, අඬදබර, අඹු සැමි වෙන්වීම්, අඹුව නැතිනම් පුරුෂයා නිවසින් පිටව යැම ව්‍යාපාර බංකොලොත්වී ධන හානිවීම් ආදී මහා අති භයානක අශුභ පලයන්ට ගොදුරුවී අසරණ භාවයට පත්වූවන් අනන්ත අප්‍රමාණයයි.
අද අප බීමට හා නෑමට ජලය ලබා ගන්නා ළිං වර්ග විවිධාකාරය. රවුම් ළිං, හතරැස් ළිං, ගල්ළිං, ඌරාතොට ළිං පනැස්‌ළිං, පොකුනු ළිං ආදී බොහෝය. මේ අතර නවීන තාක්‍ෂණයේ දියුණුවත් සමඟ ජල නල ළිං ආදිය හා නාන කාමර ආදියද බිහිවී ඇත. මේවායේ ශුභ අශුභපල පැරැණි පුස්‌කොල පත්ඉරුවල සඳහන්ව නැත. මේවායින් රවුන් හැඩ ළිං ඉතා හොඳයි. එය දැකීමට පියකරුව පූර්ණම හැඩයෙන් යුක්‌තයි. හතරැස් ළිං සාමාන්‍යයෙන් ශුභයි. එය සම බරව ඇත. ගල්ළිං ස්‌වභාව ධර්මයන් අනුව නානා හැඩයෙන් යුක්‌තයි. මේවා බොහෝම හොඳය. ඌරා කොට ළිං මෙම ළිං කුඹුක්, කොස්, ලුණු වරණ ආදී ගස්‌වල මුලකොටසින් මැද හාරා කුඹුරට බස්‌සවා ඇති ළිංය. දිය නෑමට යෝග්‍යයයි. පතැස් - මේ ලිං කුඹුක්, පර, මිදෙල්ල ආදී ගස්‌යට කිසිම හැඩයක් නැතිව පිහිටා ඇත. මෙහි දිය සිසිල්ය නෑමට ගුණය. පොකුණු ළිං - කිසිම හැඩයක් නැත. මෙහි ජලය නෑමට යෝග්‍යවන අතර පොදුය. දැනට ඇති අනිකුත් ළිං ගැන කීමට ගුණාගුණ දක්‌වා නැත. එහෙත් ඒමන්ද ශුභ දිසාගතව පිහිටාවිය යුතුයි.
ළිං කැපීමේදී දිශාවන් ගැන සැලකිලිමත් විය යුතුයි. අපට දිශා අටක් ඇත. එයින් නැගෙහිර දිසාවේ සිට ඉන්ද්‍ර අග්නි, යම, නෛරුන්‍ය, වරුණ, වායු, චන්ද්‍ර, රුද්‍ර යන දෙවිවරුන් අධිපති වේ. මේ දෙවි වරුන්ගේ නාමයන් මුල්කොට අටදිශාවේ ජලානහර පිහිටා ඇත. එම දෙවිවරුන්ගේ දිසා මාධ්‍යයේ මහා ශිරාව නම් ජල නහරයත් ඇත. ඒවායින් නහර දිග්භාගයෙන් ගලා එන දිය ශීරාවන් අනුව ගැඹුරින් ගලාඑන දිය ශීරාවන් බොහෝ ශුභය. අනු දිශාවන්ගෙන් ගලා එන දිය ශීරාවන් අශුභය.
වෘහත් සංහිතා 54 අධ්‍යයේ 57, 58 ශ්ලෝකය) පැරණි ඉසිවරු, ළිං කැපීමේදී ඇතිවන පල විපාකයන් මෙසේ දක්‌වා ඇත. නගරයක, ගමක, ඉඩමක ළිඳක් ගිනිකොනෙහි ඇත්නම් එහි වෙසෙන මිනිසුන්ට ගිනිබයද ධන සම්පත් පිළිස්‌සෙන හානියද ඇතිවන බවත්, නිරේතේනම් දරුවන්ගේ අකල් මරණද, වයඹේ නම් ස්‌ත්‍රීන්ට බියද, ඇතිවන බවයි. මේ දිශා හැර අනිකුත් දිසාවල ළිං ඉතා ශූභය.
විශ්වකර්ම ප්‍රකාශයෙහි 8 වැනි අධ්‍යයෙහි 14 වැනි ශ්ලෝකයේ අදහස අනුව නිරිත, දකුණ, ගිණිකොන වයඹ හැරු සෙසු දිසාවන්හි ලිං කැපීම ශුභ බවත්, උතුර නැගෙනහිර, ඊසාන, බටහිර, දිශාවන්හි ළිං සැප, දරුලාබ ද ඇතිවන බව පෙන්වා ඇත.
(එහි 15 වැනි ශ්ලෝකයෙන්) පෙන්වාදී ඇති පරිදි නැගෙනහිර බටහිර හැරගේ මැද ළිං නොකැපියයුතු බව කියා ඇත. ගෙයි මුද ළිඳක් ඇත්නම් ධන හානියද ඊසානයේ - පුෂ්ඨි, නැගෙනහිර, ඉසුරු, ගිණිකොන, පුත්‍රහානි දකුණ - ස්‌ත්‍රී හානි, නිරිත - මරණ, බටහිර - සම්පත්, වයඹ - සතුරු පීඩා, උතුරෙහි - සැප සම්පත් ඇතිවන බවයි. මෙය (වාස්‌තු විද්‍යාවේ 15 පරිච්ඡේදයේ 22 වැනි ශ්ලෝකය) හොඳින් පෙන්වාදී ඇත.
තවද "මුහුර්. චින්තාමනී" කකු තුමාගේ කාව්‍යයෙන් මෙසේ අදහස් පෙන්වා ඇත.
පෙරදිග තැනු ළිඳ තම අඹු මිය ති
ගිණි කොන ගිනි බය යම දිග ලෙඩ ති
තැනූ ළිඳ වරුණේ අඹුවන් වැන සෙ ති
දනු වසඹේ කිසිවත් සුබ පල නැ ති
නිරිත ඉසානය සැප සම්පත් දෙ ති
පැවත උතුර ගව සම්පත් බෝ වෙ ති
නියත ගෙදර සිට විසි රියන් ඇ ති
නැකත මෙතුන් දිගලින් කප යහප ති
පුරාණ පලදාවලියේ මෙය සනාථ කර ඇති අන්දම මෙසේය.
කැණුවොත් ගෙය පෙරදිග ළිඳ තමන් අඹුව වැනසේ
පැමිණොත් ගිණි කොණ ගිනි බය දකුණ මරණ සැලසේ
සැප ඇත් ඊසාන නිරිත වරුණ කතුන් වැනසේ
වැඩ නැත් වසඹේ උතුරෙහි ගව සම්පත් සැලසේ
මයිමතයෙහි ද මෙයට සමාන අදහස් දක්‌වා ඇත.
එබැවින් ඉපැරණි ඉසිවර පඬිවර උත්තමයන්ගේ කියමන් අනුව තම ඉඩමේ ළිඳක් කැණීමේදී නිවසේ වෙසෙන්නන්ගේ රෝග දුක්‌ඛයන් බිය දුරුවී ආයුවැඩී ශ්‍රී සෞභාග්‍ය දවසින් දවස මුදුන් මල්කඩක් මෙන් ඉහළට තලයට ලංකර ගැනීමට මෛත්‍රී සහගත දින මාස, හෝරා, තිථි නැකැත්
නිවැරැදිව ප්‍රවීන ජ්‍යෙdතිෂඥයන්ගේ හා ඉපැරැණි වාස්‌තු විද්‍යාඥයන්ගෙන් නිපුන වාස්‌තු විද්‍යාඥයන්ගේ පිහිට ලැබ දැනුම ලැබ තම ඉඩමේ ළිඳක් කපාගත්තේනම් එය දිව්‍ය ලෝකයේ ඇති චූඩා මාණික්‍යයක් වැනිය. එය පරම්පරාගතව පවතින ධනය දෙන නිධන් ඉල්ලමකි.
දේශබන්ධු, සාමවිනිසුරු, ගුප්තවිද්‍යාවේදී
ජිනදාස එදිරිසිංහ