ලංකා බැංකුවේ කීර්තිනාමය රකිනවා - සභාපති.

ලංකා බැංකුවේ කීර්තිනාමය රකිනවා - සභාපති.

ලංකා බැංකුව යනු දශක හතහමාරකට වඩා දීර්ඝ කාලීන ඉතිහාසයක් දරන මනා ලෙස ස්ථාපනය වී ඇති කීර්තිමත් ආයතනයකි. මා හා අධ්‍යක්ෂ මණ්ඩලය මෙම කීර්තිනාමය රැකගැනීමටත්, වර්ධනය කිරීමටත් පොරොන්දු වී ඇත. මෑත කාලීන මධ්‍යයන්හි කරන ලද ප්‍රචාරයන් හේතුවෙන් අප වෙත එල්ල වී ඇති අභියෝග අප්‍රමාණය. මෙය සමස්තයක් වශයෙන් ලංකා බැංකුවේ හා රටේ මූල්‍ය පද්ධතියට යහපත් ප්‍රතිචාරයක් නොවන බව සක්සුදක් සේ පැහැදිලිය.

මෙම තත්ත්වය පාලනය කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමක් බව අපි විශ්වාස කරමු. තවද, බැංකුවේ බොහෝ ප්‍රධාන ක්‍රියාකාරීත්වයන් පිළිබඳ වූ ක්ෂේත්‍රයන්හි අවදානම් හෙළිදරව් කිරීම සඳහා අභ්‍යන්තර හා බාහිර විගණකයින් යොදවා විගණනය කිරීම නිසි පරිදි සිදුවන බව තහවුරු කරමු.

එසේ හෙයින් ස්වාධීන වූත්, අපක්ෂපාතී වූත් පරීක්ෂණයන් නිමවන තෙක් මහා කළමනාකරු ඩී.එම්. ගුණසේකර මහතා නිවාඩු මත පිහිටුවීම සුදුසු යැයි අපගේ හැඟීමයි. ඉතා කෙටි කාලයක් තුළ මෙම පරීක්ෂණ පවත්වා නිම කිරීමටත්, එයට අවශ්‍ය විසඳුම් හැකි විගස ලබාදීමටත් ඉදිරියේදී පියවර ගන්නෙමු.

ජාතියේ මහා පහන් ටැඹ වශයෙන් අපගේ කොටස්කරුවන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට පමණක් නොව, උසස් මට්ටමින් යහපාලනයක් පවත්වාගෙන යෑමටත් අපි කැප වී සිටින්නෙමු.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us