නාමික අංකය සමග යෙදෙන චරිත ලක්‍ෂණ

අංක විද්‍යාවේදී නාමික අංකය සොයා ගැනීම සඳහා හෝඩි දෙකක්‌ පසුගිය ලිපිවලින් අප ඉදිරිපත් කළෙමු. ඒ අනුව "කුමාර" යන නමේ නාමික අංකය කුමක්‌ද විමසා බලමු. මේ සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් නම් ලියා ගත යුතුය. 

K U M A R A 

2 + 6 + 4 +1 +2 +1 = 16

මෙම 16 නැවත එකතු කරගත් කල 6 +1 = 7 ලැබේ. එවිට කුමාර යන නමේ නාමික අංකය වශයෙන් අංක 7 ගණන් ගනු ලබයි. දැන් අපි ඒ ඒ නාමික අංකයන්ගේ චරිත ස්‌වභාවයන් කවරේද විශ්ලේෂණය කර බලමු.

නාමික අංකය "1" හිමියෝ

සෘජු අදිෂ්ඨාන සහගත චාම් ස්‌වභාව ධර්මය දෙස බලා ඉගෙනීමට දක්‍ෂ, ගරු බුහුමන් ලබන, එඩිතර - සමාජයේ මුල්තැනගෙන කටයුතු කිරීමේ දක්‍ෂතා ඇත්තෝය.

නාමික අංකය "2" හිමියෝ

විරුද්ධවාදීන් මර්දනය කළහැකි උඩඟු - කථිකත්වයට සූර චිත්‍ර කර්මාදියට දස්‌කම් පාන්නෝය.

නාමික අංක "3" හිමියෝ

කල්පනා ශක්‌තිය දියුණු කරගැනීමට අපහසුතා දක්‌වන වැඩ කිරීමෙහි දී ඊට ප්‍රමුඛස්‌ථානය දී කටයුතු කිරීමේ චරිත ලක්‍ෂණ පෙන්වති

නාමික අංකය "4" හිමියෝ

ඉගෙනීමට දක්‍ෂ, ශාස්‌ත්‍රීය කරුණු ගවේශනයට ප්‍රියතාවක්‌ දක්‌වන, වැඩට දක්‍ෂ - සරල නිශ්චල දිවියක්‌ ගෙවීමට ප්‍රිය මනාප ඇත්තෝය.

නාමික අංක "5" හිමියෝ

වහා ගතිගුණ වෙනස්‌ වෙන - නොපෙනෙන බියක්‌ සිතේ ඇති - ක්‍ෂණික තීරණ ගැනීමට දක්‍ෂ - චංචල ගතිගුණ ඇත්තෝය.

නාමික අංක "6" හිමියෝ

කම්කටෙලු ප්‍රිය නොකරන - නිතර සතුටින් සිටීමට කැමැති චාම් ගතිගුණ - නිතර අන්‍යයන්ට සිනහවෙන් සංග්‍රහ කරන ස්‌වභාවයක්‌ ඇත්තේය.

නාමික අංක "7" හිමියෝ

වැඩෙහි දක්‍ෂතා පෙන්වන - බොහෝ කාමුක හැගීමෙන් යුත්ත, නිතර භාවනා යෝගීව සිටීමට කැමැති - කරුණාව - මෛත්‍රීය හැගීම්වලින් යුත්ත ඇත්තෝය.

නාමික අංකය "8" හිමියෝ

නොසිතු අවස්‌ථාවල දුක්‌ පීඩාවන්ට ගොදුරුවෙන - අවිවේකී සිතුවිලි වලින් යුක්‌ත - අවංක - සෘජු ගතිගුණ ඇති ස්‌වාභාවයෙන් යුත්තය.

නාමික අංකය "9" හිමියේ

දුකේදී අන්‍යයන් ආරක්‍ෂා කරගන්නා, ශක්‌ති සම්පන්න. නිර්භීත - කාරුණික - සමර්ථ යුධ භටයන් වන්නේය.

මේ ඒ ඒ නාමික අංක හිමියන්ගේ සරල සංක්‍ෂිප්ත චරිත ස්‌වාභාවයන්ය,

ඒ ඒ නම් වලට අනුව හිමි අංකයන්ගේ චිරිත ස්‌වභාවයන් මෙලෙස වන අතර ඒ ඒ අංකයන්ට අදාල වර්ණ සහ ඛනිජ වර්ගද දැන සිටීම ඉතා වැදගත්ය.

අංක "1" රවිට අයත් වෙන අතර වර්ණය තඹ පාටය - ඛනිජ පද්මරාග

අංක "2" අව සඳුට අයත්වන අතර වර්ණය මුතු පැහැය - ඛනිජ මුතු

අංක "3" ගුරු ග්‍රහයාට අයත්වන අතර වර්ණය රතු මිශ්‍රිත කහ වර්ණය වේ - ඛනිජ පුෂ්ප රාග

අංකය "4" දුර්වල රවි අළු පැහැය - ගෝමේධ ඛනිජ වර්ගයවේ.

අංකය "5" බුධ ග්‍රහයා - කොළපාට - ඛනිජ පචච

අංක "6" සිකුරු ග්‍රහයාට අයත්ය. වර්ණය ෂඩ්වර්ණය, සුදු මැණික්‌ ඛනිජ වර්ගය වේ.

අංකය "7" නැප්චුන්ට අයත්ය පලාවන් වර්ණය - දියමන්ති ඛනිජ වර්ගය වේ.

අංක "8" සෙනසුරු ග්‍රහයාට අයත්ය - වර්ණය නිල් ඛනිජ කාක නිල

අංක "9" අඟහරු ග්‍රහයට අයත්ය - වර්ණය කුණු ලේ පාට ඛනිජ රතු මැණික්‌

ඔබේ දෛව අංකය - නාමික අංකය දුර්වලය හැඟී ගියොත් ඔබේ දෛව අංකයට හෝ නාමික අංකයට අයත් වර්ණ - ඛනිජ භාවිතයෙන් එකී දුර්වලතාවයන්ගෙන් අත් මිදෙන්න හැකිය. ඔබේ බුද්ධි ප්‍රබෝධය ගවේශනය උදෙසා අමරිකානු ජනාධිපතිවරුන්ට මාරක ඇතිකළ වර්ෂ සටහනක්‌ තබමි.

විsලියම් හැරිසන් }1841, ලින්කන් }1861, ගාෆීල්ඩ් }1881, මැකින්ලි }1901, හාඩින් }1921, රූස්‌වේල්ට්‌ }1941, කෙනඩි }1961, රේගන් }1981 වර්ෂයන්ගේ අන්තරය 20 යි

කිතුගොල්ලේ අනුරුද්ධ මහා ස්‌ථවීර News lanka Magazine

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us