අගෝස්‌තු මස උපන් යුවතියක්‌ නම්

ජ්‍යෙdතිෂ්‍ය සිද්ධාන්ත මහා විශාල පරතෙරකට හිමිකම් කියනු ලබන උත්තරීතර ශාස්‌ත්‍රයකි. මෙහිදී තමා ජන්ම ලාභය ලැබූ මාසයට අනුව යුවතියන්ට පමණක්‌ සීමා වන පලාපල බිඳක්‌ විග්‍රහ කර බැලීමේදී ඔබ හෝ ඔබේ සොහොයුරියට, සුහද මිතුරියට මෙවැනි ගති පැවතුම් තිබේ ද?

තමාගේ ආත්ම ගෞරවය පිළිබඳ වඩාත් සැලකිලිමත් වන තම කුලය බබලවන සානුකම්පිත අදහස්‌ මතිමතාන්තර දරනු ලබන යුවතියකි. දුර ගමන් බිමන් සඳහා වැඩි රුචිකත්වයක්‌ දක්‌වන අතර ඉතා හොඳ ඥානකාරක ශක්‌තියක්‌ මෙම අයට සහජයෙන්ම පිහිටනු ඇත. වන සම්පත් වලට හිමිකම් කීමේ වාසනා ගුණයද වෙළහෙළදාම් කටයුතු වලින් නිසි ඵල ප්‍රයෝජන ලබා ගැනීමට දක්‌ෂතාවයන්ද එම අය තුළින් ඉස්‌මතු වේ. රැකියාව වශයෙන් වෛද්‍ය, ගුරු වෘත්තිය වැනි අංශයන් සඳහා යොමු වීමේ ප්‍රවණතාව වැඩි වේ. හැම විටම නිවැරදි දේම ඉටු කර ගැනීමට වග බලාගනී. ලබන්නා වූ දෙය සුරක්‌ෂිතව තබා ගැනීමේ හැකියාවද, මිල මුදල් ගනුදෙනු හා රහස්‌ සම්බන්ධතා පිළිබඳ විශ්වාසයක්‌ තැබිය හැකි අයෙකු වේ.

කෙසේ නමුදු අගෝස්‌තු 16 වෙනිදායින් පසු 31 වැනි දින දක්‌වා උපන් යුවතියන් දැඩි අහංකාර උඩඟුකම ඉස්‌මතු කරගත් තම මතයේම රැඳී සිටින අය වන අතර මේ අය බොහෝ දෙනෙක්‌ දෙවරක්‌වත් විවාහ වන අය වෙති. පළි ගැනීම් තම ප්‍රශ්න දුරදිග ගෙනයාම් වැනි තීරණයන්ට මේ අයගේ සිතුවිලි ප්‍රබල වේ.

ජ්‍යෙdaතිෂ්‍යවේදී සාමවිනිසුරු
ඡේ. එම්. ජයන්ත ඒකනායක
දංගස්‌පිටිය, වීරඹුගෙදර News lanka Magazine

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us