ගෙදර වගේ ගෙදර ඉන්න

යම්කිසි ඉඩමක නිවසක්‌ සෑදීමෙන් කෙබඳු ශුභ හෝ අශුභ තත්ත්වයක්‌ ඇතිවේ දැයි තත්කාල ශාස්‌ත්‍රය උපයෝගී කරගෙන දැනගත හැකිය.

තම ඉඩමේ හෝ ගෙබිමේ ශුභා ශුභ දැන ගන්නට අවශ්‍ය අය උදය වරුවේ බුලත් පඬුරු තබා තමාට දැන ගන්නට අවශ්‍ය කරුණ ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රඥයාට කිව යුතුය.

මුල් අක්‍ෂරය

එවිට ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රඥයා විසින් තමාට බුලත් පඬුරු දුන් වේලාවට එම පුද්ගලයා කතා කරන මුල් වචනයේ මුල් අකුර සටහන් කර ගනියි. ඉන්පසු පහත සඳහන් චක්‍රය බලා ශුභාශුභ (පලාඵල) කිව යුතුය. එම චක්‍රය ශෙල්‍යාaද්ධාරනය චක්‍රය වශයෙන් හැඳින්වේ.

අ - අක්‌ෂරය

අසන ප්‍රශ්නයේ මුල් අකුර "අ" වුවහොත් නැගෙනහිර දිසාවේ රියන් 02 කට යටින් මිනිස්‌ ඇටකටු තිබේ.

එම ඉඩමේ විසීමෙන් මරණය හා සමාන දුක්‌ ඇතිවේ.

ක - අක්‍ෂරය

ප්‍රශ්නයේ මුල් අකුර "ක" යන්න වුවහොත් ගිනිකොන දිසාවේ රියන් 02 කට යටයින් කොටළු ශරීරයක ඇටකටු තිබේ. ඒ නිසා එහි විසීමෙන් භය ඇතිවේ. රාජ දඬුවම්වලට හසුවන්නට ද හැකිය.

ච - අක්‍ෂරය

ච අකුර මුලට කියවුණහොත් දකුණ දිසාවේ පොළොව යට මිනිස්‌ ඇටකටු තිබේ. එහි විසීමෙන් දීර්ඝ කාලයක්‌ පවතින රෝග හට ගනියි.

ම - අක්‍ෂරය

ම අකුර මුලට කියවුණහොත් නිරිත දිසාවේ රියන් එකහමාරක්‌ පොළොව යට බලු සිරුරක ඇටකටු ඇත. එහි විසීමෙන් ළදරු මරණ ඇතිවේ. සෝක සංතාප ඇතිවේ.

ත - අක්‍ෂරය

ත අකුර මුලට කියවුණහොත් බස්‌නාහිර දිසාවේ රියන් එකහමාරක්‌ යට ළමා සිරුරක ඇටකටු තිබේ. එහි විසීමෙන් දුක්‌ කරදර දුක්‌ දොම්නස්‌ නිසා නිවස අතහැරදමා යන්නට සිදුවේ.

ප - අක්‍ෂරය

ප අකුර මුලට කියවුණහොත් වයඹ දිසාවේ රියන් සතරක්‌ යට දහයියා අළු තිබේ. එහි විසීමෙන් බියකරු සිහින පෙනේ. මිතුරන්ගේ විනාශය ඇතිවේ.

ය - අක්‍ෂරය

ය අක්‍ෂරය මුලට යෙදෙන ප්‍රශ්නයක්‌ ඇසුවහොත් උතුරු දිසාවේ උකුලක්‌ තරම් ගැඹුරින් බමුණකුගේ මිනී ඇටකටු තිබේ. ඒ නිසා එහි විසීමෙන් ධනවතකු වුවද දිළිඳු බවට පත්වෙයි.

ශ - අක්‍ෂරය

ශ අක්‍ෂරය මුලට කියවුණහොත් රියන් එක හමාරක්‌ යටින් ගන ඇටකටු නිදන්වී පවතී. ඒ නිසා එහි විසීමෙන් ගව සම්පත් විනාශ වේ.

හ-ප-ය අක්‍ෂර

ප්‍රශ්නකරුගේ මුවින් පළමුව හ-ප-ය යන අකුරක්‌ කියවුණහොත් එම භූමියේ මැද තණ මත්තක්‌ යටින් මිනී හිස්‌ කබල් හිසකෙස්‌ සහ මිනී අළු ඇත. එහි විසීමෙන් පරම්පරාවම විනාශවී යයි.

පොළොවේ විෂමතා

ගෙමිදුල තැනින් තැන උස්‌ පහත්ව මුහුදේ රළමෙන් තිබුණහොත් දරුවන්ට අපල ඇතිවේ.

ගෙමිදුල තැනින් තැන බෑවුම් සහිතව තිබුණහොත් ධන හානි ඇතිවේ. සමතලාව පිහිටි ගෙමිදුල ශුභ ඵල උදා කරයි.

ශුභ භූමිය

තමා සතු ඉඩමේ තමාගේ අතේ රියනින්, රියනක්‌ පළ හා රියනක්‌ ගැඹුර ඇති වලක්‌ සාරා ජලය පුරවා පියවර සියයක්‌ ඉදිරියට ගොස්‌ ආපසු පැමිණ වල දෙස බලන්න.

වලේ ජලය නොසිඳි තිබුණහොත් එය ජය භූමියකි. එම ඉඩමේ සාමය සම්පත සතුට රැඳේ.

ජ්‍යෙdතිර්වේදී - වාස්‌තු විද්‍යාවේදී වසන්ත කුරුප්පු
දිවයින පුවත්පත