පියයුරු පිලිකාවට හේතු



බේකන් සහ සොසේජස් වැනි සකස් කළ මාංශ වර්ග (processed meats) නිරන්තරයෙන් ආහාරයට ගැනීමෙන් පියයුරු පිළිකා හට ගැනීමේ අවදානම ඉහළ යා හැකි බව නවතම පර්යේෂණයක් මගින් අනාවරණය කර තිබේ.

සකස් කළ මාංශ අඩුවෙන් ආහාරයට ගන්නා කාන්තාවන් සමග සැසඳීමේදී වැඩිපුර එවැනි ආහාර අනුභව කරන කාන්තාවන්ට පියයුරු පිළිකා හට ගැනීමේ අවදානම 9% කින් වැඩි බව එම අධ්‍යයනයෙන් පැහැදිලි වී ඇත.

සකස් කළ මාංශ පිළිකාවලට හේතුවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර කළ තහවුරු කිරීම මෙම නව පර්යේෂණය අනුව සනාථ වේ.

කෙසේවෙතත්, ඇතැම් විශේෂඥයින් පවසන්නේ, මෙම නිගමනවලට සම්පූර්ණයෙන් එකඟ විය නොහැකි අතර මින් කාන්තාවන්ට පමණක් වන බලපෑම "ඉතා අඩු" විය හැකි බව ය.


මේ වන විට පවතින සංඛ්‍යා ලේඛන අනුව එක්සත් රාජධානියේ කාන්තාවන්ගෙන් 7% දෙනෙකුට ඔවුන්ගේ ජීවිතයේ යම් කාලයකදී පියයුරු පිළිකා හට ගැනෙන බවට හඳුනාගෙන ඇත.

කෙසේ වෙතත්, එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනය පවසන්නේ, පියයුරු පිළිකාවලින් 23% ක් පමණ මුලින් වළක්වා ගත හැකි බව ය.

එම ආයතනය පවසන පරිදි පියයුරු පිළිකාවලින් 8% ක් අධික බර සහ ස්ථුලභාවය නිසා හට ගන්නා අතර 8% ක් මධ්‍යසාර භාවිතය නිසා හට ගනී.

මේ අතර, නවතම පර්යේෂණය කළ පර්යේෂකයින් සඳහන් කර ඇත්තේ, සිය නිගමනය 'සකස් කළ මාංශ වර්ග' සම්බන්ධයෙන් මිස සාමාන්‍ය මාංශ සම්බන්ධයෙන් කළ අධ්‍යයනයක් නොවන බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය 'සකස් කළ මාංශ පිළිකා කාරක' බව ලැයිස්තු ගතකර ඇත. එය වැඩිපුර ආහාරයට ගැනීමෙන් අන්ත්‍රයේ පිළිකා හට ගැනීමේ අවදානමක් පවතී යන සාක්ෂ්‍ය සමග ගත් තීරණයකි. කෙසේ වුවත් රතු වර්ණය සහිත මස් වර්ග "බොහෝ දුරට පිළිකා කාරක" බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

සකස් කළ ආහාර නතර කළ යුතු ද?

ඇමෙරිකාවේ මහජන සෞඛ්‍ය පිළිබඳ පර්යේෂකයෙකු වන ආචාර්ය මාර්යාම් ෆාර්විඩ් (Maryam Farvid) පවසන්නේ, සකස් කළ ආහාර අනුභවය සම්පූර්ණයෙන් නතර කිරීම වෙනුවට එම ආහාර ගැනීම අඩු කිරීම කළ හැකි බවය.

බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ නිර්දේශ අනුව දිනකට 'සකස් කළ ආහාර' ග්‍රෑම් 70 ට වඩා ආහාරයට නොගත යුතුය.

BBC

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us